ක්‍රිකට් විනිසුරුවරුන්ට ‘මාස්’ අනුග්‍රහය

214

මෙර⁣ට ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරි ගෙය වශයෙන් සැලකෙන පාසල් ක්‍රිකට් ක්‍රීඩාවත් දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේත් විනිසුරුකරණයේ යෙදෙන ප්‍රධානම සංගමය වන ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමය වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක් වටිනා ටී ෂර්ට් වෙනුවෙන් අනුග්‍රාහකත්වයක් ලබාදීමට ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන මාස් හෝල්ඩිංග්ස් (MAS Holdings) ආයතනය පියවර ගෙන තිබෙනවා.

ජූලි මස 17 වැනිදා ⁣දෙහිවල එස්. ද එස්. ජයසිංහ අනුස්මරණ ශ්‍රවණාගාරයේ පැවැති එම සංගමයේ 76වැනි මහ සභා රැස්වීමෙදී එම සංගමයේ සභාපති ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා වෙත නිල වශයෙන් මේ අනුග්‍රාහකත්වය ලබා දුන්නා. එම සංගමයේ උප සභාපතිවරයකු වන ඇන්⁣ඩෘ ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වය ය⁣ටතේ මෙම අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමය වෙත ලැබී තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ මහතා ද සහභාගීව සිටියා. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම මහ සභා රැස්වීමේදී සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය පරිදි සංකේතාත්මක ටී ෂර්ට් බෙදා දීම ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රේමනාත් සී. දොලවත්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුනා.

මෙම අවස්ථාවට එම සංගමයේ ලේකම් උපුල් වෑවගේ, භාණ්ඩාගාරික වසන්ත ආරියවික්‍රම සහ තරග පැවැරුම් ලේකම් සමන් හේවාවිතරණ යන මහත්වරුද සහභාගී වුනා. මෙවර නිලවරණයේ ප්‍රධානතම නිල හතර ලෙසින් සැලකෙන සභාපති ධූරය, ලේකම් ධූරය, භාණ්ඩාගාරික ධූරය සහ තරග පැවැරුම් ලේකම් ධූරය නිතරගයෙන් පත්වීම කැපී පෙනුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<