දාබරේගෙන් ඩී. එස්. ලකුණු පුවරුවට අර්ධ ශතකයක්

165

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ B තවත් තරගයක් අද (3) කොළඹ ඩී. එස් සේනානායක විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර පැවැත්විය.

චාමර සිල්වාගෙන් මතකය අවදි කරන ඉනිමක්

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ…

මත්තේගොඩ පිටියේ පැවති මෙම B කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඩී. එස්. සේනානායක විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 101ක් ලබා ගත්තේය. අද දිනය සඳහා තරගය අවසන් කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි වේල්ස් කුමර විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 150ක් ලබාගෙන සිටියි.

ඩී. එස්. සේනානායක විද්‍යාලයේ දකුණතින් පිත්ත හසුරුවන අමිත දාබරේ හැරෙන්නට අනෙකුත් පිතිකරුවන් හට එතරම් සාර්ථක වීමට නොහැකි වූ අතර ඔහු පළමු ඉනිමේ දී නොදැවී ලකුණු 63*ක් රැස්කර ගත්තේය. ඩී. එස් සේනානායක  විද්‍යාල පළමු ඉනිම ලකුණු 101කට සීමා කළ දඟපන්දු යවන ක්‍රීඩක කෞමාල් නානායක්කාර වේල්ස් කුමර  විද්‍යාලය වෙනුවෙන් කඩුලු 5ක් දවා ගන්නා ලද්දේ ලකුණු 27ක් තුලයි.

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවට

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම, ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම…

වේල්ස් කුමාර විද්‍යාලය වෙනුවෙන් ඩිල්ෂාන් ද මෙල් නොදැවී ලකුණු 36*ක් ලබාගෙන  නොදැවී කඩුල්ලේ රැඳී සිටින්නේ ඩී. එස්. සේනානායක විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 49ක් සිය විද්‍යාලය ඉදිරියෙන් තබමිනි.

ඩී. එස්. සේනානායක විද්‍යාල පළමු ඉනිම – 101 (50.2): අමිත දාබරේ 63*, කෞමාල් නානායක්කර 5/27, ලක්ෂාන් පෙරේරා 2/03, සුවත් මෙන්ඩිස් 2/16.

වේල්ස් කුමර විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 150/4 (43): ඩිල්ශාන් ද මෙල් 36*, සුහත් මෙන්ඩිස් 34, විනුජ රන්පුල් 31, චමත් යටවර 2/21.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<