කෞමාල්ගේ දක්ෂ පන්දු යැවීම වේල්ස් කුමරුවන්ට ජය ගෙනේ

195

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන පළමු  පෙළ තරගාවලියේ B කොටස නියෝජනය කරමින් පැවති කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය අතර තරගයෙන් ඉනිමක සහ ලකුණු 101ක ජයග්‍රහණයක් ලබා ගැනීමට වේල්ස් කුමරුවෝ අද (04) සමත් වූහ.

දාබරේගෙන් ඩී. එස්. ලකුණු පුවරුවට අර්ධ ශතකයක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ B තවත් තරගයක් අද (3) කොළඹ.,….

මෙම තරගයේ දී වේල්ස් කුමරුවන් ගේ කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන කෞමාල් නානායක්කාර පළමු ඉනිමේ කඩුලු 5ක් ද සහ දෙවැනි ඉනිමේ කඩුලු 6ක් ද ලෙසින් තරගයේ දී ලකුණු 53කට කඩුලු 11ක් දවා ගැනීමට සමත් වීම කැපී පෙණුනි.

මත්තේගොඩ දී නිමා වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඩී. එස්. ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් පිටියට පිවිසි අතර ඔවුන් පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත්තේ ලකුණු 101ක් පමණි.

එම ඉනිමේ දී අමිත දාබරේ පන්දු 122කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 63ක් ලබා ගත්තේ ය. කෞමාල් නානායක්කාර ලකුණු 27කට කඩුලු 5ක් දවා ගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත විය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි වේල්ස් කුමරුවෝ පළමු දිනය නිමා වන විට කඩුලු 4ක් දැවී ලකුණු 150ක් ලබා සිටි අතර අද ඔවුන් තම පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 271කි. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ දේවක පීරිස් ය. ඔහු පන්දු 96කට මුහුණ දී හතරේ පහර 7ක් සමගින් ලකුණු 61ක් ලබා ගත්තේ ය.

ලකුණු 170ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩකයෝ එම ඉනිමේ දී ලකුණු 69කට සීමා කිරීමට වේල්ස් කුමරුවන් සමත් වූහ. එම ඉනිමේ කඩුලු 6ක් ලකුණු 26ක් පමණක් දී දවා ගැනීමට කෞමාල් නානායක්කාර සමත් විය. ඊට අමතරව සුවත් මෙන්ඩිස් ද ලකුණු 29කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

ඩී. එස්. සේනානායක විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 101 (50.2) අමිත දාබරේ 63, කෞමාල් නානායක්කාර 5/27, ලක්ෂාන් පෙරේරා 2/03, සුවත් මෙන්ඩිස් 2/16

වේල්ස් කුමාර විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 271 (78.4) දේවක පීරිස් 61, කෞමාල් නානායක්කාර 35, ඩිල්ශාන් ද මෙල් 38, සුවත් මෙන්ඩිස් 34, විනුජ රාම්පෝල් 31, මෙතුෂාන් කුමාර 4/66, චමත් යටවර 3/31

ඩී. එස්. සේනානායක විද්‍යාලය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 69 (27.1) මුදිත ලක්ෂාන් 28, කෞමාල් නානායක්කාර 6/26, සුවත් මෙන්ඩිස් 4/29

මේ තරගාවලිය අපිට ලේසියට ගන්න බැහැ – දිනේෂ් චන්දිමාල්

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දීර්ඝ ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස 10 වැනිදා රංගිරි දඹුලු ක්‍රිකට් පිටියේ…..


මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර තරගය

කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයේ පළමු දිනය (04) අවසානයේ දී මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයෝ පළමු ඉනිමට රැස් කළ ලකුණු 249ට පිළිතුරු ලෙසින් ඉසිපතන ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 118ක් ලබා සිටිය හ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මාරිස් ස්ටෙල්ලා කණ්ඩායමේ රවිඳු ප්‍රනාන්දු සහ අශාන් ප්‍රනාන්දු එක් ව 5 වැනි කඩුල්ලට ලකුණු 91ක සබඳතාවක් ගොඩ නගමින් සත්කාරකයන් ගේ ලකුණු පුවරුව ශක්තිමත් කළහ. රවිඳු පන්දු 118කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 90ක් රැස් කළේය. අශාන් ලබා ගත් ලකුණු 72 වෙනුවෙන් වැය කළේ පන්දු 99ක් පමණි. එම ඉනිමේ හතරේ පහර 8ක් සමඟින් හයේ පහරක් විය.

පිළිතුරු ඉනිමේ දී රවිඳු රත්නායක හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 54ක් වාර්තා කිරීමට සමත් විය.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 249 (59.2) රවිඳු ප්‍රනාන්දු 90, අශාන් ප්‍රනාන්දු 72, මනීෂ සිල්වා 31, කෙවින් පෙරේරා 26, තවිඳු දික්වැල්ල 3/04, රවිඳු රත්නායක 3/46, මධුශික සඳරුවන් 2/89

ඉසිපතන විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 118 (33.2) රවිඳු රත්නායක නොදැවී 54, අවීෂ කේශාන් 3/29

තරගය හෙට (05) දිනටත් ක්‍රියාත්මක වීමට නියමිත ය.


මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය අතර තරගය

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී අද (04) ආරම්භ වූ මෙම තරගයේ දී අසීරු දිනයක් නිමා කිරීමට සංචාරක කෑගලු ක්‍රීඩකයන්ට සිදු වූහ.

කාසියේ වාසිය දිනූ සාන්ත මරියා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට සත්කාරක ක්‍රීඩකයන්ට ආරාධනා කළ අතර තම සුපුරුදු තණතිල්ලේ දී ඔවුන් රැස් කළ ලකුණු ප්‍රමාණය කඩුලු 9ක් දැවී ලකුණු 201කි. ඊට පිළිතුරු ඉනිමට ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි සංචාරක ක්‍රීඩකයෝ දිනය අවසන් වෙන විට කඩුලු 7ක් දැවී ලකුණු 56ක් ලබා ඉතා අසීරු අවස්ථාවකට මුහුණ දී සිටී.

සාන්ත තෝමස් ඉනිම වෙනුවෙන් අර්ධ ශතක දෙකක් ඇතුලත් විය. ඒ හරිඳු ජයසේකර (62)  සහ නිපුන් රුචිර (55*) ය. හරිඳු පන්දු 76කට මුහුණ දෙමින් හතරේ හතර 12ක් සමඟින් තම ඉනිම ගොඩ නගද්දී නිපුන් පන්දු 84ක දී හතරේ පහර 4ක් සමඟින් තම ඉනිම ගොඩ නැගුවේ ය.

සාන්ත මරියා පිළිතුරු ඉනිමේ දී නායක කේශර කොටුවේගොඩ ලකුණු 14ක් ලැබූ අතර අනෙක් සියලු ක්‍රීඩකයන්ගෙන් කිසිදු සහයෝගයක් තම කණ්ඩායමට ලැබුණේ නැත. දිනය අවසන් වෙන විට ඩබ්ලිව්. එස්. අයි. වීරසූරිය (07*) සහ ජේ. ආර්. රත්නසිංහ (04*) නොදැවී පිටියේ රැඳී සිටිති.

පන්දු යැවීමේ දී හිරුෂාන් ජීවජිත් සහ සචිර රශ්මික කඩුලු 2 බැගින් දවා ගත්හ.

සාන්ත තෝමස් විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 201 (63.1) හරිඳු ජයසේකර 62, නිපුන් රචිර නොදැවී 55, මිහිසල් අමෝද 28, එච්. වයි. දියගම 3/66, ඩී. කේ. අබේවර්ධන 2/12, ඩබ්ලිව්. එස්. අයි. වීරසූරිය 2/48

සාන්ත මරියා විද්‍යාලය; පළමු ඉනිම (පළමු දින අවසානයේ) කඩුලු 7ක් දැවී 56 (31.0) කේශර කොටුවේගොඩ 14, හිරුෂාන් ජීවජිත් 2/07, සචිර රශ්මික 2/08

තරගය හෙට (05) දිනයේත් ක්‍රියාත්මක වීමට නියමිත ය.

චාමර සිල්වාගෙන් මතකය අවදි කරන ඉනිමක්

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (03) නිමා වූ තරගවල දී කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්…..


මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර තරගය

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (04) ආරම්භ වූ මෙම තරගයේ පළමු දිනය අවසානයේ දී තම පළමු ඉනිමට ක්‍රීඩා කරන සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 262ක් ලබා සිටියේ ය.

C කාණ්ඩයේ තරගයක් ලෙසින් ක්‍රියාත්මක මෙම තරගයේ දී සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් ජනිශ්ක පෙරේරා ලකුණු 84ක් ලබා ගත්තේ ය. ඊට අමතරව නිශිත අබිලාශ් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 47කි. පන්දු යැවීමේ දී ලහිරු විතාන ලකුණු 67කට කඩුලු 3ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය; පළමු ඉනිම (පළමු දිනට තරගය නතර කරන විට ) කඩුලු 9ක් දැවී 262 (92.0) ජනිශ්ක පෙරේරා 84, නිශිත අබිලාශ් 47, ටෂීක් පෙරේරා 34, සුඛිත ප්‍රසන්න 20, ලහිරු විතාන 3/67, සොනාල් ගමගේ 2/30, විහඟ රුහුණගේ 2/46

තරගය හෙට (05) දිනටත් ක්‍රීයාත්මක වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<