ශූරයන් පරාජය කළ මාරිස් ස්ටෙල්ලා දැඩි ලෙස පසු බසී

347
Nishan

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ශ්‍රී ලංකා ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (18) පැවැත්විය.

සාන්ත අන්තෝනි හා රිච්මන්ඩ් විද්‍යාල පෙරමුණේ

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (17) නිමාව

මොරටු මහා විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාල

පාසල් ක්‍රිකට් පිටිය තුල මේ දිනවල පැවැත්වෙන තරග අතරින් කාගේත් අවධානය දිනා ගත් තරගයක් වූ මේ තරගය කටුනේරිය සාන්ත සෙබස්තියන් පිටියේ දී පැවැත්වේ. තරගයේ පළමු දිනය අවසානයේ දී තම දෙවන ඉනිම ක්‍රීඩා කරන සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 90ක් ලබා සිටියේ ය.

සුහද තරගයක් ලෙස ක්‍රියාත්මක වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් මොරටු මහා විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 224ක් වෙත යාමට සමත් වූයේ ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩක නිශාන් මධුෂ්කගේ වටිනා ශතකය ඉවහල් කරගෙනයි. මදුෂ්ක ලකුණු 121ක් ලබාගෙන සිය ලකුණු ගොන්නට ලකුණු එකතු කරගන්නට වූයේ ඉතාමත් හොඳ පිතිකරණ රිද්මයක් පවත්වා ගෙන යමිනි. ඊට අමතරව නදිත් නිශේන්ද්‍ර නොදැවී ලකුණු 39*ක් ලබා ගත්තේය. රවිඳු ප්‍රනාන්දු කඩුලු 4යි.

ගියවර පැවති දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගත් සාන්ත ජෝසප් විද්‍යාලය පසුගිය දා පැවති තරගයක දී මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හමුවේ පරාජය වූ අතර එදා එසේ දස්කම් දැක්වූ ඔවුන් අද දිනයේ දී සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 25ක් පමණයි. පන්දු යැවීමේ දී  විරාජ් කවිෂ්ක මාරිස් ස්ටෙල්ලා පිතිකරුවන් අසරණ කරමින් ලකුණු 02කට කඩුලු 6ක් දවා ගත්තේය.

මොරටු මහා විද්‍යාල පළමු ඉනිම – 225 (52.1): නිශාන් මධුෂ්ක 121, නදිත් නිශේන්ද්‍ර 39*, රවිඳු ප්‍රනාන්දු 4/64

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පළමු ඉනිම – 25 (11.1): විරාජ් කවිෂ්ක 6/02, නදිත් නිශේන්ද්‍ර 3/21

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල දෙවන ඉනිම (F/O) (පළමු දිනය අවසානයේ) – 90/2 (24): චතුර අනුරාධ 37, අශාන් ප්‍රනාන්දු 33

Video – නිල් මහා සටනේ ළාබාලතම ශතක ලාභියා, පසිඳු – Powerplay

ඉන්දීය 19න් පහළ කණ්ඩායමට එරෙහි තරගාවලියේ හා 2018 යොවුන් ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම


තර්ස්ටන් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය

කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයේ අද දිනය (18) අවසන් වන විට තර්ස්ටන් විද්‍යාල ක්‍රීඩකයෝ පළමු ඉනිමට රැස් කළ ලකුණු 319ට පිළිතුරු ලෙසින්  ත්‍රිත්ව විද්‍යාල ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 28ක් ලබා සිටිය හ.

තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම වෙනුවෙන් යොහාන් ලියනගේ හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 85ක් රැස් කළේය. අවිශ්ක කෞෂල්‍ය ලකුණු 42යි. එම ඉනිම හතරේ පහර 3ක් සමඟින් එක් හයේ පහරකින් වර්ණවත් විය. ඊට අමතරව තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම සවිමත් කළ රනේෂ් සිල්වා හා නිමේෂ් පෙරේරා පිළිවෙළින් ලකුණු 40ක් හා ලකුණු 33ක් රැස්කර ගත්තේය.

පන්දු යැවීමේ දී ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ කෞෂික සේනාධීර කඩුලු 4ක් සිය කඩුලු මල්ලට එකතු කර ගන්නා ලදි. තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිමට පිළිතුරු ඉනිම දියත් කරමින් සිටින ත්‍රිත්ව  විද්‍යාලය තර්ස්ටන් විද්‍යාලයීය පළමු ඉනිමට වඩා ලකුණු 291ක් පසුපසින් සිටී.

තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම – 319 (85): යොහාන් ලියනගේ 85, අවිශ්ක කෞෂල්‍ය 42, රනේෂ් සිල්වා 40, නිමේෂ් පෙරේරා 33, අයේෂ් හර්ෂණ 31*, රශ්මික හිරිපිටිය 28, කෞෂික සේනාධීර 4/91

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 28/0 (11):

Video – එංගලන්ත එක්දින තරගාවලිය ගොඩින් බේරගන්න හැටි – පිටියේ කතා

ශ්‍රී ලංකා එංගලන්ත පළමු එක්දින තරග තුන අවසන් වන විට සංචාරක එංගලන්ත කණ්ඩායම තරග 2-0ක් ලෙස


මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය

කාසියේ වාසිය දිනා ගත් මාතර සාන්ත තෝමස් විද්‍යාලය පළමුව පන්දු යවා සාන්ත ජෝසප් වාස් විද්‍යාල කණ්ඩායම් පළමු ඉනිම ලකුණු 106කට සීමා කළේය. සාන්ත ජෝසප් වාස් විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් අවිඳු ශෙහාර ලකුණු 46ක් ලබාගෙන සිය අර්ධ ශතකය ආසන්නයේ සිටිය දී දඟපන්දු යවන ක්‍රීඩක හිරුෂික ජීවජිත්ගේ පන්දුවකට දැවී ගියේය.

චමෝද් කවිෂ්ක ලකුණු 27යි. දක්ෂ පන්දුකරණයක නිරත වූ හිරුෂික ලකුණු 23කට කඩුලු 5ක් දවා ගත්තේය. පළමු දිනය සඳහා තරගය නවතා දමන විට සත්කාරක සාන්ත තෝමස් විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලකුණු 80ක් ලබාගෙන තිබුණි.

සාන්ත ජෝසප් වාස් විද්‍යාල පළමු ඉනිම – 106 (43.3): අවිඳු ශෙහාර 46, චමෝද් කවිෂ්ක 27, හිරුෂික ජීවජිත් 5/23, සචිර රශ්මික 2/14

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම – 80/5 (36)

පළමු  දිනයට පැවති තරග හෙට (19) දෙවන දිනය වෙනුවෙනුත් ක්‍රියාත්මකයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<