දුවිඳු තිලකරත්න කඩුලු 8ක් ලබා ගනී

83

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Premier League – Tier A ක්‍රිකට් තරගාවලියේ අද (28) තවත් තරග 6ක් ආරම්භ වූ අතර එහි දී බී. ආර්. සී. කණ්ඩායමේ දුවිඳු තිලකරත්න කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 147කට කඩුලු 8ක් දවා ගනිමින් දිනයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්විය. 

සුමින්ද සහ සිරිසෝම දවසේ වීරයන් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League – Tier B පළමු පෙළ ක්‍රිකට්…

Group A

බී. ආර්. සී. සහ කෝල්ට්ස්

හැව්ලොක් ටවුන් බී. ආර්. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා කෝල්ට්ස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 366ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පළමු දිනය අවසන් වන විට බී. ආර්. සී. ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 5ක් ලබා සිටියහ.

කෝල්ට්ස් ඉනිම වෙනුවෙන් ප්‍රියමාල් පෙරේරා පන්දු 120කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 99ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන දුවිඳු තිලකරත්න ලකුණු 147කට කඩුලු 8ක් දවා ගත්තේය. 

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 366 (86.1) සංගීත් කුරේ 62, සධීර සමරවික්‍රම 66, විශාද් රන්දික 60, ප්‍රියමාල් පෙරේරා 99, නිසල තාරක නොදැවී 24, දුවිඳු තිලකරත්න 8/147,

බී. ආර්. සී.; පළමු ඉනිම කිසිවෙක් නොදැවී 5 (1)

Photos: BRC Vs Colts CC | SLC Major League Tier ‘A’ Tournament 2019/20

සී. සී. සී. සහ මුවර්ස් 

සී. සී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් දිනය අවසන් වන විට තම පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 385ක් ලබා සිටියහ. 

එම ඉනිම වෙනුවෙන් 17 වියැති කොළඹ මහානාම විද්‍යාලයේ පවන් රත්නායක පන්දු 140කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 94ක් ලබා සිටියේය.  

සී. සී. සී.; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 385 (90) මළිඳු මධුරංග 45, රොන් චන්ද්‍රගුප්ත 54, අශාන් ප්‍රියංජන් 41, ලහිරු මධුශංක 89, පවන් රත්නායක නොදැවී 94, කවිශ්ක අංජුල 2/65, චතුර රන්දුණු 3/130, සචිත්‍ර සේරසිංහ 2/32

බවන්තගේ තුන් ඉරියව් දස්කම් මැද සහෝදරයින්ගේ සටන උණුසුම් වෙයි!

මාර්තුවේ පාසල් ක්‍රිකට් උන්මාදය මාර්තුව එළැඹෙන්නට දින කිහිපයකට ඉහතදීම උත්සවාකාරයෙන්…

Group B

එස්. එස්. සී. සහ යුද හමුදාව

හැව්ලොක් පෙදෙස කෝල්ට්ස් ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් යුද හමුදා ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් එස්. එස්. සී. කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 229ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් යුද හමුදා ක්‍රීඩකයෝ මේ වන විට කිසිවෙක් නොදැවී ලකුණු 54ක් ලබා සිටියහ. 

එස්. එස්. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 229 (71) කවිඳු කුලසේකර 27, ක්‍රිශාන් සංජුල 37, සම්මු අශාන් නොදැවී 77, සචිත්‍ර සේනානායක 27, ජනිත් සිල්වා 3/46, හේෂාන් හෙට්ටිආරච්චි 2/60, දුෂාන් විමුක්ති 2/15, මල්ක මධුශංක 2/68, 

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කිසිවෙක් නොදැවී 54 (16) ලක්ෂාන් එදිරිසිංහ නොදැවී 25, පැතුම් ඩිල්ශාන් නොදැවී 26

එන්. සී. සී. සහ ටැමිල් යූනියන්

එන්. සී. සී. පිටියේ දි පැවැත්වෙන මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 339ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් දිනය අවසන් වන විට සංචාරක ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී ලකුණු 62ක් ලබා සිටියහ.

එන්. සී. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 339 (69.2) පැතුම් නිස්සංක 94, මහේල උඩවත්ත 35, උපුල් තරංග 42, චතුරංග ද සිල්වා 37, සහන් ආරච්චිගේ 70, ලසිත් ඇඹුල්දෙණිය 26, ප්‍රමෝද් මධුශාන් 4/67, තිලංග උදේශාන් 3/77, මධුක ලියනපතිරණගේ 2/65

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුල්ලක් දැවී 62 (18) යොහාන් මෙන්ඩිස් නොදැවී 35

මට පීඩනයක් තිබුණේ නෑ – ක්වින්ටන් ඩී කොක්

මේ මස මුලදී එංගලන්තයට එරෙහිව විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක දී එක් ලකුණක තියුණු…

රාගම සහ හලාවත මේරියන්ස්

මූවර්ස් ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් මේරියන්ස් ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් රාගම ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 204ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් ලහිරු තිරිමාන්න පන්දු 177කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 97ක් ලබා ගත්තේය. 

එම ඉනිමට එරෙහිව 22 හැවිරිදි වමතින් දඟපන්දු යවන නිමේෂ් විමුක්ති ලකුණු 62කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය. 

රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 204 (62.2) ලහිරු තිරිමාන්න 97, රොශේන් සිල්වා 34, අමිල අපෝන්සු නොදැවී 21, අසිත ප්‍රනාන්දු 3/58, නිමේෂ් විමුක්ති 6/62

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 117 (25) යශ් කොතාරි 24, ලසිත් කෘaස්පුල්ලේ නොදැවී 55, ඔෂද ප්‍රනාන්දු 22

බදුරලිය සහ සැරසන්ස් 

මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සැරසන්ස් ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බදුරලිය ක්‍රීඩකයෝ දිනය අවසන් වන විට කඩුලු 8ක් දැවී ලකුණු 347ක් ලබා සිටියහ.

මෙම ඉනිම වෙනුවෙන් විදෙස් ක්‍රීඩක ශාහිඩ් යුසුෆ් පන්දු 184කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 133ක් ලබා සිටියහ. 

බදුරලිය ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 347 (88) සාලින්ද උෂාන් 31, ටී. එන්. සම්පත් 49, ශාහිඩ් යුසූෆ් නොදැවී 133, ලහිරු සමරකෝන් 75, ගමිදු කනිශ්ක 4/54, චාමිකර එදිරිසිංහ 3/79

මෙම තරග හෙට (29) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<