2017න් පසු මැන්චෙස්ටර් යුනයිටඩ් කුසලාන දිනයි

199
CNN

2017 වසරෙන් පසුව ප්‍රධාන තරගාවලියක ශූරතාවය දිනා ගැනීමට අසමත්ව සිටි මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු සමාජය විසින් 2023 Carabao Cup දිනා ගැනීමට සමත් වුනා.

නිව්කාසල් යුනයිටඩ් කණ්ඩායම 2-0ක් ලෙස පරාජය කරමින් මැන්චෙස්ටර් යුනයිටඩ් ශූරතාවය දිනා ගනිද්දී, අනුශූරතාවය දිනා ගත් නිව්කාසල් එවැන්නක් සිදු කළේ 1969 වසරෙන් පසුවයි.

පළමු අර්ධයේ මිනිත්තු 6ක් තුළ දී ගෝල දෙකක් වාර්තා කරමින් මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම තරගය ජයග්‍රහණය කළා. Carlos Casemiro (කාලෝස් කැසමිරෝ) සහ Marcus Rashford (මාකස් රැෂ්ෆර්ඩ්) විසින් පිළිවෙළින් 33 වැනි මිනිත්තුවේ දී සහ 39 වැනි මිනිත්තුවේ දී ගෝල වාර්තා කළා.

2017 Europa League තරගාවලිය ජය ගැනීමෙන් පසුව ශූරතා නොලැබ සිටි මැන්චෙස්ටර් යුනයිටඩ් පසුගිය වසර කිහිපය තුළ දී පුහුණුකරුවන් සහ ක්‍රීඩකයන් අත්හදා බලමින්, ප්‍රේක්ෂකයන්ගේ දෝෂාරෝපණවලට ද ලක්වුනා.

2022 දී Erik Ten Hag (එරික් ටෙන් හැග්) පුහුණුකාරීත්වයට පත්වීමෙන් පසුව කණ්ඩායමේ ශීඝ්‍ර දියුණුවක් ප්‍රදර්ශනය වූ අතර මෙම ශූරතා ජයග්‍රහණය මැන්චෙස්ටර් යුනයිටඩ් ඉදිරි ගමනට දැඩි තල්ලුවක් වනු ඇති.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<