සත් සාමාජික සංග්‍රාමයේ පළමු දිනය සාර්ථකව අවසන්!

19න් පහළ සත් සාමාජික පාසල් රග්බි තරගාවලිය

1074

ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනය විසින් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ පළමු කාණ්ඩයේ පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය අද (01) මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

පළමු කාණ්ඩයේ පාසල් 24ක සහාභාගීත්වයෙන් ආරම්භ වූ මෙම තරගාවලියේ දෙවැනි සහ අවසන් දිනය හෙට (2) පැවැත්වීමට නියමිතයි.

ඩී. එස්. සේනානායක විදුහලට එරෙහිව පරාජය වූ සාන්ත අන්තෝනි විදුහල හැර ‘A’ කාණ්ඩයේ කණ්ඩායම් සියල්ලක්ම කුසලාන කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයේ තම ස්ථානය තහවුරු කර ගන්නට සමත් වුනා.

මෙම වසරේ රග්බි තරග වාරය ආරම්භ වූ මොහොතේ පටන් තවමත් A කාණ්ඩයේ අපරාජිතව සිටින ඉසිපතන විදුහල තම ප්‍රතිවාදීන් මෙල්ල කරමින් ඉතා හොඳින් තරගාවලියට අවතීර්ණ වූ අතර ඩී. එස්. සේනානායක කණ්ඩායම සහ රාජකීය කණ්ඩායම ද තරගවල දී තම ප්‍රතිවාදීන්ට කිසිදු ඉඩක් හසරක් ලබා නොදෙමින් ක්‍රීඩා කළ ආකාරයක් දක්නට ලැබුණා.

විද්‍යාර්ථ විද්‍යාලය ඇතුළුව සාන්ත පීතර සහ සාන්ත ජෝසප් කණ්ඩායම් ද පළමු දිනය අපරාජිතව අවසන් කරන්නට සමත් වුනා.

වයස අවුරුදු 19න් පහළ පළමු කාණ්ඩයේ පාසල් සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු දිනයේ තරග ප්‍රතිඵල පහතින්.

ඉසිපතන විදුහල 48-00 මොරටු මහා විද්‍යාලය
ධර්මරාජ විදුහල 54-00 පානදුර ශ්‍රී සුමංගල විදුහල
විද්‍යාර්ථ විදුහල 47-00 නාලන්ද විදුහල
වෙස්ලි විදුහල 43-00 කේරි විදුහල
සාන්ත ජෝසප් විදුහල 38-00 පිළියන්දල මධ්‍ය විදුහල
සාන්ත පීතර විදුහල 40-00 රාහුල විදුහල
සාන්ත අන්තෝනි විදුහල 38-00 දේවපතිරාජ විදුහල
රාජකීය විදුහල 33-05 පියරතන විදුහල
සාන්ත සිල්වෙස්තර විදුහල 29-07 මොරටු මහා විද්‍යාලය
ලුම්බිණි විදුහල 39-00 පානදුර ශ්‍රී සුමංගල විදුහල
සාන්ත ඇලෝසියස් විදුහල 07-05 නාලන්ද විදුහල
සාන්ත බෙනඩික්ට් විදුහල 24-00 කේරි විදුහල
මලියදේව විදුහල 14-00 පිළියන්දල මධ්‍ය විදුහල
ඩී. එස්. සේනානායක විදුහල 37-00 රාහුල විදුහල
ආනන්ද විදුහල 31-00 දේවපතිරාජ විදුහල
ඉසිපතන 41-00 සාන්ත සිල්වෙස්තර විදුහල
විද්‍යාර්ථ විදුහල 36-00 ලුම්බිණි විදුහල
වෙස්ලි විදුහල 33-05 සාන්ත ඇලෝසියස් විදුහල
සාන්ත ජෝසප් විදුහල 46-00 සාන්ත බෙනඩික්ට් විදුහල
සාන්ත පීතර විදුහල 41-00 මලියදේව විදුහල
සාන්ත අන්තෝනි විදුහල 07-19 ඩී.එස්.සේනානායක විදුහල
රාජකීය විදුහල 38-00 ආනන්ද විදුහල

කාණ්ඩ අදියරේ දී විශිෂ්ට දස්කම් පෑමෙන් අනතුරුව පසුව කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට පහත සඳහන් පාසල් හෙට දිනයේ දී ක්‍රීඩා කරනු ඇත.

  • පළමු අර්ධ අවසන් පූර්ව තරගය – ඉසිපතන විදුහල සහ ධර්මරාජ විදුහල
  • දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය – විද්‍යාර්ථ විදුහල සහ වෙස්ලි විදුහල
  • තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය – සාන්ත ජෝසප් විදුහල සහ සාන්ත පීතර විදුහල
  • සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය – ඩී.එස්.සේනානායක විදුහල සහ රාජකීය විදුහල

පළඟ අර්ධ අවසන් මහා තරගයට පහත පාසල් ඇතුළත්.

  • පළමු අර්ධ අවසන් පූර්ව තරගය – සාන්ත සිල්වෙස්තර විදුහල සහ පානදුර ශ්‍රී සුමංගල විදුහල
  • දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය – ලුම්බිණි විදුහල සහ සාන්ත ඇලෝසියස් විදුහල
  • තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය – සාන්ත බෙනඩික්ට් විදුහල සහ මලියදේව විදුහල
  • සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය – සාන්ත අන්තෝනි විදුහල සහ ආනන්ද විදුහල

වයස අවුරුදු 19න් පහළ පළමු කාණ්ඩයේ පාසල් සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි දිනය හෙට (02) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. එහි තොරතුරු සඳහා ද රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<