ThePapare වසරේ ජනප්‍රියතම පාසල් රග්බි කණ්ඩායම තේරීම ඇරඹෙයි

3319
ThePapare Most Popular Schools Rugby Team of the Year 2022

කොරෝනා වසංගතය නිසාවෙන් වසර දෙකක් පමණ වසා දැමුණු පාසල් රග්බි පිටියට නැවත වරක් ජීවය එක් කරන්නට පසුගිය දා නිමා වූ පාසල් රග්බි ලීගය විශාල දායකත්වය සැපයුවා.

සිය පාසල් මාතාවට රග්බි පිටියේ ලබා දිය හැකි උපරිම ගෞරවය ලබා දෙන්නට පාසල් රග්බි ක්‍රීඩකයෝ රැසක් සිය උපරිම ජවයෙන් යුතුව මෙවර තරග වාරයේ දී දක්ෂතා දක්වනු දක්න ලැබුණු අතර ප්‍රේක්ෂකයින්ට ද නව ජීවයක් එකතු කරමින් පාසල් රග්බි පිටිය උත්කර්ෂවත් සැණකෙළියක් ලෙස පසුගිය දා නිමාවට පත්වුනා.

එසේ අවසන් වූ පාසල් රග්බි ලීගය සඳහා සහභාගී වූ පළමු කාණ්ඩය (A, B සහ C) සහ දෙවැනි කාණ්ඩය (B සහ C) නියෝජනය කළ පාසල් 60 අතරින් ජනප්‍රියතම කණ්ඩායම කුමක් දැයි සොයා බලන්නට ThePapare.com වැඩපිළිවෙළක් සකස් කළා.

ඒ අනුව ThePapare ජනප්‍රියතම පාසල් රග්බි කණ්ඩායම හෙවත් “ThePapare Most Popular Schools Rugby Team 2022” තරගාවලිය සංවිධානය කිරීමට ThePapare.com කටයුතු සම්පාදනය කළා. මෙම තරගාවලිය  අදියර දෙකක් යටතේ පැවැත්වීමට නියමිතයි.

පළමු අදියර අද (16) සවස 3 සිට ආරම්භ වන අතර රග්බි ලෝලීන් හට සිය පාසල් රග්බි කණ්ඩායම වෙනුවෙන් සැප්තැම්බර් 23 වැනිදා රාත්‍රි 11:59 තෙක් ThePapare.com වෙබ් අඩවිය ඔස්සේ මනාප ලබා දීම සිදු කළ හැකි.

එම අදියරේ දී වැඩිම මනාප දිනා ගන්නා කණ්ඩායම් 30 දෙවැනි අදියර හෙවත් SMS මනාප අදියර වෙත සුදුසුකම් ලබා ගනු ඇත.

පළමු අදියර – වෙබ් අඩවිය ඔස්සේ මනාප ලබා දීම – සැප්තැම්බර් 16 සවස 3:00 සිට සැප්තැම්බර් 23 රාත්‍රි 11:59 දක්වා

පසුගිය දා නිමා වූ Dialog පාසල් රග්බි ලීගය සඳහා සියලුම කාණ්ඩ ඔස්සේ සහභාගී වූ පාසල් 60 මෙම අදියර සඳහා එකතු කර තිබෙනවා. මෙම අදියර අවසානයේ වැඩිම මනාප ලබා ගන්නා පාසල් 30 දෙවැනි අදියර (SMS මනාප අදියර) සඳහා සුදුසුකම් ලබනවා.

පළමු අදියරේ දී එක් ඡන්ද දායකයෙකුට පැය 24ක් ඇතුළත් ලබා දිය හැක්කේ එක් මනාපයක් පමණයි.

>> VOTE NOW – ThePapare Most Popular Schools’ Rugby Team 2022 <<

දෙවැනි අදියර – SMS ඔස්සේ මනාප ලබා දීම – සැප්තැම්බර් 25 සවස 3:00 සිට ඔක්තෝබර් 6 වැනිදා සවස 5:59 දක්වා

පළමු අදියරේ වැඩිම මනාප ලබා ගත් කණ්ඩායම් 30 මෙම අදියර සඳහා ඇතුළත් වනවා. සෑම කණ්ඩායමක් සඳහාම ඔවුන්ට ආවේණික වූ කේතයක් SMS මනාප ලබා දීම වෙනුවෙන් ලබා දෙනු ඇත. මෙම අදියර අවසානයේ වැඩිම මනාප ලබා ගන්නා කණ්ඩායම ThePapare Most Popular Schools Rugby Team 2022 ලෙස අභිෂේක ගන්වනු ඇත.

කොන්දේසි –

  • SMS එවිය හැක්කේ Dialog දුරකතන ඔස්සේ පමණි.
  • එක් දුරකතන සබඳතාවයකින් හැකිතාක් SMS මනාප ලබා දිය හැකි.
  • විදේශීය දුරකතන සබඳතා ඔස්සේ මනාප ලබා දීම සිදු කළ නොහැකි.
  • එක් SMS මනාපයක් සඳහා රු.2.50/=ක් සහ අදාළ බදු අය කෙරේ.
  • පළමු අදියරේ මනාප දෙවැනි අදියර සඳහා එකතු කරනු නොලැබේ.
  • ජයග්‍රාහකයින් තෝරා ගනු ලබන්නේ දෙවැනි අදියරේ දී වැඩිම SMS මනාප ලබා ගන්නා කණ්ඩායමයි.
  • ThePapare.com හී තීරණය අවසන් තීරණයයි.

ඔබත් දැන්ම ඔබේ ප්‍රියතම පාසල් රග්බි කණ්ඩායම වෙනුවෙන් ඔබේ මනාපය ප්‍රකාශ කර ThePapare Most Popular Rugby Team 2022 සම්මානය ඔබේ පාසල වෙත දිනා දීමට සහය වෙන්න.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<