මහනුවර උණුසුම් කරන පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය

19න් පහළ සත් සාමාජික පාසල් රග්බි තරගාවලිය

1619

ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනය විසින් සංවිධානය කරන අවුරුදු 19න් පහළ පළමු කාණ්ඩයේ පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී මෙම සති අන්තයේ පැවැත්වීමට නියමිතයි.

කණ්ඩායම් 24ක් තරග වදින මෙම තරගාවලිය හෙට (01) සහ අනිද්දා (02) පැවැත්වෙනු ඇත.

මෙම වසරේ පාසල් ලීග් සහ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ශූරතාවය දිනා ගත් ඉසිපතන කණ්ඩායම මෙම තරගාවලියට ද හොඳ සූදානමකින් පසුවන අතර ඔවුන් මෙම තරගාවලියේ ද ශූරතාවය දිනා ගැනීමට වැඩි සම්භාවිතාවක් තිබෙනවා.

ලීග් තරගාවලියේ සහ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අනුශූරයන් වන සාන්ත ජෝසප් ක්‍රීඩකයින් ද මෙම තරගාවලියට සහභාගී වන ප්‍රබල කණ්ඩායමක්.

මෙවර තරග වාරයේ ඉහළ දස්කම් දැක්වූ වෙස්ලි කණ්ඩායම සහ සාන්ත පීතර කණ්ඩායම ද තරගාවලියේ වෙනසක් කළ හැකි කණ්ඩායම් වනවා.

එමෙන්ම පලඟ ශූරයින් වූ ඩී. එස්. සේනානායක ක්‍රීඩකයින් ද තරගාවලියට එක් වන ප්‍රබල කණ්ඩායමක් වන අතර මහනුවර ප්‍රදේශයේ කණ්ඩායම් වන ධර්මරාජ, විද්‍යාර්ථ, කිංග්ස්වුඩ් සහ සාන්ත අන්තෝනී කණ්ඩායම් ද මෙම තරගාවලියේ අවධානය දිනා ගත් කණ්ඩායම් වනවා.

තරගාවලියේ පළමු දිනයේ දී කණ්ඩායම් තුන බැගින් කාණ්ඩ අටකට වෙන් කර ලීග් ක්‍රමයට තරග පැවැත්වීමට නියමිත අතර එක් එක් කාණ්ඩයේ පෙරමුණ දිනා ගත් කණ්ඩායම් කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.

දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගත් කණ්ඩායම් පලිහ සහ බඳුන අර්ධ අවසන් තරග සඳහා සුදුසුකම් ලබයි. එම අවසන් පූර්ව වටයේ තරග ඔක්තෝබර් 02 වැනිදා පැවැත්වීමට නියමිත.

කාණ්ඩ

Groups

A B C D
1 ISIPATHANA COLLEGE DHARMARAJA COLLEGE VIDYARTHA COLLEGE WESLEY COLLEGE
2 ST. SYLVESTER’S COLLEGE KINGSWOOD COLLEGE LUMBINI COLLEGE ST. ALOYSIUS’ COLLEGE
3 MORATU COLLEGE SUMANGALA COLLEGE NALANDA COLLEGE CAREY COLLEGE
E F G H
1 ST. JOSEPH’S COLLEGE ST. PETER’S COLLEGE ST. ANTHONY’S COLLEGE ROYAL COLLEGE
2 ST. BENEDICT’S COLLEGE MALIYADEWA COLLEGE D.S. SENANAYAKE COLLEGE ANANDA COLLEGE
3 PILIYANDALA CENTRAL COLLEGE RAHULA COLLEGE, KANDY DEWAPATHIRAJA COLLEGE PIYARATHANA COLLEGE

තරගයක් ජයග්‍රහණය කරන සෑම කණ්ඩායමට ලකුණු 3ක්, සමව අවසන් වන කණ්ඩායම් සඳහා ලකුණු 2ක් සහ පරාජය වන කණ්ඩායම් සඳහා එක් ලකුණක් හිමි වනවා.

කණ්ඩායම් දෙකක ප්‍රසාද ලකුණු සමාන වන අවස්ථාවල දී පහත නීති ක්‍රියාත්මක වේ.

  • ලකුණු සමාන වෙන කණ්ඩායම් දෙක අතර තරගය ජයග්‍රාහී කණ්ඩායම පෙරමුණට පත් වේ. නමුත් ප්‍රතිඵලය වෙනස් නොවේ නම්,
  • මූලික වටයේ තරගවලින් වැඩිම ලකුණු පරතරය ඇති කණ්ඩායම ජයග්‍රාහකයින් වේ. ඒ නමුත් ප්‍රතිඵලය වෙනස් නොවේ නම්,
  • කණ්ඩායම් දෙකෙන් වැඩිම උත්සාහක දිනුම් ලබා ගන්නා කණ්ඩායම ජයග්‍රාහකයින් වේ. නමුත් ප්‍රතිඵලය වෙනස් නොවේ නම්,
  • කණ්ඩායම් දෙකෙන් වැඩිම ප්‍රවර්තන දිනුම් සහිත කණ්ඩායම ජයග්‍රාහකයින් වේ. නමුත් ප්‍රතිඵලය වෙනස් නොවේ නම්,
  • කාසියේ වාසියෙන් ජයග්‍රාහකයින් තීරණය කරයි.

පළමු දිනයේ තරග කාලසටහන

M.NO TIME GROUP TEAM -A- TEAM-B-
1 9:00 AM A1 – A3 ISIPATHANA COLLEGE MORATU COLLEGE
2 9:20 AM B1 – B3 DHARMARAJA COLLEGE SUMANGALA COLLEGE
3 9:40 AM C1 – C3 VIDYARTHA COLLEGE NALANDA COLLEGE
4 10:00 AM D1 – D3 WESLEY COLLEGE CAREY COLLEGE
5 10:20 AM E1 – E3 ST. JOSEPH’S COLLEGE PILIYANDALA CENTRAL COLLEGE
6 10:40 AM F1 – F3 ST. PETER’S COLLEGE RAHUALA COLLEGE
7 11:00 AM G1 – G3 ST. ANTHONY’S COLLEGE DEWAPATHIRAJA COLLEGE
8 11:20 AM H1 – H3 ROYAL COLLEGE PIYARATHANA COLLEGE
9 11:40 AM A2 – A3 ST. SYLVESTER’S COLLEGE MORATU COLLEGE
10 12:00 PM B2 – B3 KINGSWOOD COLLEGE SUMANGALA COLLEGE
11 12:20 PM C2 – C3 LUMBINI COLLEGE NALANDA COLLEGE
12.40 P.M. – 12.59 P.M.                 BREAK
12 1:00 PM D2 – D3 ALOYSIUS’ COLLEGE CAREY COLLEGE
13 1:20 PM E2 – E3 ST. BENEDICT’S COLLEGE PILIYANDALA CENTRAL COLLEGE
14 1:40 PM F2 – F3 MALYADEVA COLLEGE RAHUALA COLLEGE
15 2:00 PM G2 – G3 D.S SENANAYAKE COLLEGE DEWAPATHIRAJA COLLEGE
16 2:20 PM H2 – H3 ANANDA COLLEGE PIYARATHANA COLLEGE
17 2:40 PM A1 – A2 ISIPATHANA COLLEGE ST. SYLVESTER’S COLLEGE
18 3:00 PM B1 – B2 DHARMARAJA COLLEGE KINGSWOOD COLLEGE
19 3:20 PM C1 – C2 VIDYARTHA COLLEGE LUMBINI COLLEGE
20 3:40 PM D1 – D2 WESLEY COLLEGE ALOYSIUS’ COLLEGE
21 4:00 PM E1 – E2 ST. JOSEPH’S COLLEGE ST. BENEDICT’S COLLEGE
22 4:20 PM F1 – F2 ST. PETER’S COLLEGE MALYADEVA COLLEGE
23 4:40 PM G1 – G2 ST. ANTHONY’S COLLEGE D.S SENANAYAKE COLLEGE
24 5:00 PM H1 – H2 ROYAL COLLEGE ANANDA COLLEGE

මෙම තරගාවලියේ සියලුම තරග සජිවීව ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<