Home Sinhala චන්දිමාල් ශතකයක් රැස් කරද්දී කමිඳු සහ මැතිව්ස්ගෙන් අර්ධ ශතක

චන්දිමාල් ශතකයක් රැස් කරද්දී කමිඳු සහ මැතිව්ස්ගෙන් අර්ධ ශතක

Australia tour of Sri Lanka 2022 - 2nd Test - Day 03 - Match Report

216
Australia tour of Sri Lanka 202

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අවසන් වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 6ක් දැවී ලකුණු 431ක් රැස් කරගෙන සිටියා.

දෙවැනි දිනය වූ ඊයේ (09) දිනයට තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 2ක් දැවී ලකුණු 184ක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 180ක් පිටුපසින් සිටියා.

අද (10) උදෑසන ඇදවැටුණු මද වර්ෂාව නිසාවෙන් තරග ආරම්භය සුළු වේලාවකට ප්‍රමාද වූවත් තරගය ආරම්භ වී දෙවැනි පන්දුවාරයේ දී ලකුණු 85ක් ලබා ස්ථාවර ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි කුසල් මෙන්ඩිස්ව දවා ගැනීමට Nathan Lyonට හැකි වුනා.

ඉන්පසුව පිටියේ එක්වූ අත්දැකීම් බහුලම ක්‍රීඩකයින් දෙදෙනෙකු වූ ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 83ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් අනතුරුව මැතිව්ස් දැවී ගියේ ලකුණු 52ක් ලබා සිටින විටයි.

චන්දිමාල් ලකුණු 30ක් ලබා සිටිය දී ඕස්ට්‍රේලියා කඩුලු රකින්නා ලබා ගත් උඩ පන්දුවක් විනිසුරුවරයා දැවී යාමක් ලෙස සංඥා නොකිරීම නිසාවෙන් තව දුරටත් ජීවය ලැබූ චන්දිමාල් සිය 22 වැනි ටෙස්ට් අර්ධ ශතකය දක්වා ගමන් කරන්නට සමත් වුනා.

ඔහුට අගනා සහයක් ලබා දුන් කමිඳු මෙන්ඩිස් සිය පළමු ටෙස්ට් ඉනිමේ දී ම අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වුනේ මංගල ටෙස්ට් ඉනිමේ දී ලකුණු 50ක් හෝ ඊට වැඩියෙන් රැස් කළ 12 වැනි ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත් වෙමිනුයි.

දිනේෂ් චන්දිමාල් සමඟ එක්ව පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 133ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් පසුව ලකුණු 61ක් ලබා සිටි කමිඳු මෙන්ඩිස් දැවී ගියේ Mitchell Swepsonගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි.

ඉන්පසුව පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල හට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ඉඩ නොදුන් Nathan Lyon ඔහුව ලකුණු 05කට පිටියෙන් ඉවත් කරන විට ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියා පළමු ඉනිමට වඩා ලකුණු 45ක් ඉදිරියෙන් සිටියා.

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 13 වැනි ශතකය රැස් කර ගනිමින් චන්දිමාල් නොදැවී ලබා ගත් ලකුණු 118 නිසාවෙන් අද දිනය නිමා වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 431ක් රැස් කර ගනිමින් ඕස්ට්‍රේලියා පළමු ඉනිමට වඩා ලකුණු 67ක් ඉදිරියෙන් සිටිනවා.

Result


Sri Lanka
554/10 (180)

Australia
364/10 (110) & 151/10 (41)

Batsmen R B 4s 6s SR
Usman Khawaja b Ramesh Mendis 37 77 4 0 48.05
David Warner b Kasun Rajitha 5 13 1 0 38.46
Marnus Labuschagne st Niroshan Dickwella b Prabath Jayasuriya 104 156 12 0 66.67
Steve Smith not out 145 227 16 0 63.88
Travis Head b Prabath Jayasuriya 12 36 0 0 33.33
Cameron Green lbw b Prabath Jayasuriya 4 14 0 0 28.57
Alex Carey c Ramesh Mendis b Prabath Jayasuriya 28 61 4 0 45.90
Mitchell Starc c Kusal Mendis b Prabath Jayasuriya 1 8 0 0 12.50
Pat Cummins lbw b Kasun Rajitha 5 6 1 0 83.33
Nathan Lyon lbw b Prabath Jayasuriya 5 6 1 0 83.33
Mitchell Swepson lbw b Maheesh Theekshana 3 14 0 0 21.43


Extras 15 (b 5 , lb 6 , nb 3, w 1, pen 0)
Total 364/10 (110 Overs, RR: 3.31)
Bowling O M R W Econ
Kasun Rajitha 25 4 70 2 2.80
Ramesh Mendis 33 1 117 1 3.55
Maheesh Theekshana 16 2 48 1 3.00
Prabath Jayasuriya 36 3 118 6 3.28
Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Mitchell Starc b Cameron Green 6 25 0 0 24.00
Dimuth Karunaratne lbw b Mitchell Swepson 86 165 10 0 52.12
Kusal Mendis lbw b Nathan Lyon 85 161 9 0 52.80
Angelo Mathews c Marnus Labuschagne b Mitchell Starc 52 117 4 0 44.44
Dinesh Chandimal not out 206 326 16 5 63.19
Kamindu Mendis b Mitchell Swepson 61 137 7 0 44.53
Niroshan Dickwella c Pat Cummins b Nathan Lyon 5 13 0 0 38.46
Ramesh Mendis lbw b Mitchell Starc 29 98 0 0 29.59
Maheesh Theekshana b Pat Cummins 10 27 2 0 37.04
Prabath Jayasuriya b Mitchell Starc 0 9 0 0 0.00
Kasun Rajitha lbw b Mitchell Swepson 0 9 0 0 0.00


Extras 14 (b 4 , lb 6 , nb 1, w 3, pen 0)
Total 554/10 (180 Overs, RR: 3.08)
Bowling O M R W Econ
Mitchell Starc 29 3 89 4 3.07
Pat Cummins 30 5 95 1 3.17
Nathan Lyon 64 5 194 2 3.03
Cameron Green 6 0 20 0 3.33
Mitchell Swepson 37 2 100 3 2.70
Travis Head 8 0 27 0 3.38
Marnus Labuschagne 6 0 16 0 2.67


Batsmen R B 4s 6s SR
David Warner lbw b Ramesh Mendis 24 44 4 0 54.55
Usman Khawaja c Oshada Fernando b Prabath Jayasuriya 29 47 4 0 61.70
Marnus Labuschagne lbw b Prabath Jayasuriya 32 59 3 0 54.24
Steve Smith lbw b Prabath Jayasuriya 0 4 0 0 0.00
Travis Head b Ramesh Mendis 5 4 1 0 125.00
Cameron Green st Niroshan Dickwella b Prabath Jayasuriya 23 32 2 0 71.88
Alex Carey not out 16 28 0 0 57.14
Mitchell Starc c Prabath Jayasuriya b Kusal Mendis 0 2 0 0 0.00
Pat Cummins lbw b Maheesh Theekshana 16 18 1 0 88.89
Nathan Lyon lbw b Maheesh Theekshana 5 3 1 0 166.67
Mitchell Swepson b Prabath Jayasuriya 0 5 0 0 0.00


Extras 1 (b 1 , lb 0 , nb 0, w 0, pen 0)
Total 151/10 (41 Overs, RR: 3.68)
Bowling O M R W Econ
Kasun Rajitha 5 1 16 0 3.20
Maheesh Theekshana 5 0 28 2 5.60
Ramesh Mendis 15 2 47 2 3.13
Prabath Jayasuriya 16 2 59 6 3.69



තරගයේ සිව්වැනි දිනය හෙටයි (11). මෙම ටෙස්ට් තරගයේ සියලුම තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<