Home Sinhala නැමීබියාව පරාජය කළ නවසීලන්තයට උසස්වීමක්

නැමීබියාව පරාජය කළ නවසීලන්තයට උසස්වීමක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

274

2021 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (05) සවස සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ නවසීලන්තය සහ නැමීබියාව අතර තරගයෙන් ලකුණු 52ක ජයග්‍රහණයක් ලබා ගැනීමට නවසීලන්ත ක්‍රීඩකයන් සමත් වූවා. ඒ සමඟ ඔවුන් තම කාණ්ඩයෙන් දෙවැනි ස්ථානයට පිවිසීමට ද සමත් වුනා.

කාසියේ වාසිය දිනාගත් නැමීබියා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩකයන් කඩුලු 4ක් දැවී ලකුණු 163ක් රැස් කරගත් අතර ඊට පිළිතුරු ලෙසින් නැමීබියා ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 111ක් පමණයි.

නවසීලන්ත කණ්ඩායම :

Martin Guptill, Daryl Mitchell, Kane Williamson (නායක) Devon Conway (කඩුලු රකින්නා) Glenn Phillips, James Neesham, Mitchell Santner, Adam Milne, Tim Southee, Ish Sodhi, Trent Boult.

නැමීබියා කණ්ඩායම :

Stephan Baard, Michael van Lingen, Gerhard Erasmus (නායක) Zane Green (කඩුලු රකින්නා) David Wiese, JJ Smit, Jan Nicol Loftie-Eaton, Craig Williams, Ruben Trumpelmann, Karl Birkenstock, Bernard Scholtz.

නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ Glenn Phillips. ඔහු පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 39ක් රැස් කරගත්තා. ඊට අමතරව James Neesham පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 35ක් රැස් කරගත්තා.

ඔවුන් දෙදෙනා අතර පස්වැනි කඩුල්ලට සබඳතාව පන්දු 36කට ලකුණු 76ක්. ඉන් ලකුණු 67ක්ම ඔවුන් වාර්තා කරන්නේ අවසන් පන්දු 24 දී වීම කැපී පෙනුනා.

නායක Kane Williamson ද පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් වාර්තා කරගත්තා.

ඊට අමතරව ආරම්භක පිතිකරුවන් වූ Martin Guptill, Daryl Mitchell සහ Devon Conway ද ලකුණු අතරට පිවිසෙමින් නවසීලන්ත ලකුණු පුවරුව ඉහළ දැමීමට දායක වුනා. Martin Guptill පන්දු 18ක දී ලකුණු 18ක් ද, Daryl Mitchell පන්දු 15ක දී ලකුණු 19ක් ද සහ Devon Conway පන්දු 18ක දී ලකුණු 17ක් ද රැස් කරගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Bernard Scholtz, David Wiese සහ නායක Gerhard Erasmus අතර කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 164ක හඹා යන ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි නැමීබියානු ක්‍රීඩකයන් සාර්ථක ආරම්භයක් ලබා ගත්තා. ඔවුන්ගේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 47ක්.

එහිදී Stephan Baard පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ද Michael van Lingen පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ද වාර්තා කළා.

නමුත් තෙවැනි කඩුල්ලේ දී නායක Gerhard Erasmus ලකුණු 3කට සීමා කරමින් නවසීලන්තය තරගයේ පාලනය සියතට ගත්තා. ඒ සමඟම සිව්වැනි කඩුල්ල ද තවත් ලකුණු 4ක් පමණක් ලකුණු පුවරුවට එක් වන විට දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුනා.

ඉන් අනතුරුව කඩුල්ලේ දී Zane Green සහ David Wiese තරමක් ආරක්ෂා වෙමින් ලකුණු පුවරුව ඉහළ දැමීමට දායක වූවා. ඔවුන් දෙදෙනා එක්ව එම කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 31ක්. එහිදී Zane Green පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් රැස් කරගත් අතර David Wiese පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 16ක් වාර්තා කළා.

ඉන් අනතුරුව පිටියට පිවිසි කිසිඳුනැමීබියානු ක්‍රීඩකයෙකුට ඉලක්කම් දෙකේ ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට නවසීලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. පන්දු යැවීමේ දී Tim Southee සහ Trent Boult අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

  • නවසීලන්තය; කඩුලු 4ක් දැවී 163 (20) Kane Williamson 28, Glenn Phillips නොදැවී 39, James Neesham නොදැවී 35.
  • නැමීබියාව; කඩුලු 7ක් දැවී 111 (20) Stephan Baard 21, Michael van Lingen 25, Zane Green 23, Tim Southee 2/15, Trent Boult 2/20.

තරගයේ වීරයා; James Neesham (නවසීලන්තය)

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.


Result


New Zealand
163/4 (20)

Namibia
111/7 (20)

Batsmen R B 4s 6s SR
Martin Guptill c Ruben Trumpelmann b David Wiese 18 18 1 1 100.00
Daryl Mitchell c Michael van Lingen b Bernard Scholtz 19 15 2 0 126.67
Kane Williamson b Gerhard Erasmus 28 21 2 1 133.33
Devon Conway run out (Gerhard Erasmus) 17 18 1 0 94.44
Glenn Phillips not out 39 21 1 3 185.71
James Neesham not out 35 23 1 1 152.17


Extras 7 (b 0 , lb 1 , nb 0, w 6, pen 0)
Total 163/4 (20 Overs, RR: 8.15)
Fall of Wickets 1-30 (4.1) Martin Guptill, 2-43 (6.2) Daryl Mitchell, 3-81 (12.1) Kane Williamson, 4-87 (13.6) Devon Conway,

Bowling O M R W Econ
Bernard Scholtz 3 0 15 1 5.00
Ruben Trumpelmann 3 0 25 0 8.33
David Wiese 4 0 40 1 10.00
JJ Smit 2 0 27 0 13.50
Jan Nicol Loftie-Eaton 2 0 24 0 12.00
Gerhard Erasmus 4 0 22 1 5.50
Karl Birkenstock 2 0 9 0 4.50


Batsmen R B 4s 6s SR
Stephan Baard b Mitchell Santner 21 22 2 0 95.45
Michael van Lingen b James Neesham 25 25 2 1 100.00
Gerhard Erasmus c Devon Conway b Ish Sodhi 3 4 0 0 75.00
Zane Green c Trent Boult b Tim Southee 23 27 1 0 85.19
David Wiese lbw b Tim Southee 16 17 1 1 94.12
JJ Smit not out 9 17 1 0 52.94
Jan Nicol Loftie-Eaton c Glenn Phillips b Trent Boult 0 2 0 2 0.00
Craig Williams c Glenn Phillips b Trent Boult 0 2 0 0 0.00
Ruben Trumpelmann not out 6 4 1 0 150.00


Extras 8 (b 0 , lb 3 , nb 0, w 5, pen 0)
Total 111/7 (20 Overs, RR: 5.55)
Fall of Wickets 1-47 (7.2) Michael van Lingen, 2-51 (8.1) Stephan Baard, 3-55 (9.2) Gerhard Erasmus, 4-86 (14.3) David Wiese, 5-103 (18.2) Jan Nicol Loftie-Eaton, 6-105 (18.5) Craig Williams, 7-18 (102) Zane Green,

Bowling O M R W Econ
Tim Southee 4 0 15 2 3.75
Trent Boult 4 0 20 2 5.00
Adam Milne 4 0 25 0 6.25
Mitchell Santner 4 0 20 1 5.00
James Neesham 1 0 6 1 6.00
Ish Sodhi 3 0 22 1 7.33



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<