විශේන්ගෙන් විශිෂ්ට පන්දු යැවීමක්

U19 Division 1 School Cricket Tournament 2023/24

148
U19 Division 1 School Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (12) අවසන් වුනා.

මෙම තරග අතුරින් කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර පැවැත්වුණු තරගයේ දී බෙනඩික්ට් විද්‍යාලය වෙනුවෙන් යොහාන් එදිරිසිංහ කඩුලු 5 දස්කමක් සමඟින් සමස්ත තරගයේ කඩුලු 8ක් දවා ගැනීමට සමත් වූ අතර, මාණික්‍ය දේශප්‍රිය ද කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වුනා. නමුත් තරගයේ වැඩිම අවධානය දිනා ගත් සාන්ත පීතර විද්‍යාලයේ විශේන් හැළඹගේ බෙනඩික්ට් පළමු ඉනිමේ කඩුලු 8ක් දවා ගැනීමට සමත් වුනා.

එමෙන්ම අද නිමා වුනු අනෙක් තරගයෙන් පළමු ඉනිමේ ජයක් කරා යාමට මොරටු මහා විද්‍යාලයට හැකියාව ලැබුණා.

පළමු කොටසේ Tier B තරග

මොරටු මහා විද්‍යාලය සහ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය

සාන්ත සෙබස්තියන් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 12  13)

  • මොරටු මහා විද්‍යාලය– 306/7d (83.3) ශෙහාර ප්‍රනාන්දු 84, කාන්චන නිම්ශාන් 58, දිනිඳු ඩිලාත් 2/15
  • කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය– 146/10 (34.3) හසිත් කාවින්ද 64, විහඟ නෙත්සර 3/7, නිශිත ප්‍රනාන්දු 3/18 & 295/9 (f/o) (80) මහීෂ සිතුම් 53, හසිත් කාවින්ද 46, මහිත් අප්පුහාමි 3/62

තරගය ජය පරාජයෙන් තොරයි, මොරටු මහා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

සාම්ප්‍රදායික දෙදින තරග

කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

සාන්ත පීතර විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 12  13)

  • සාන්ත පීතර විද්‍යාලය– 185/10 (58.1) එනෝශ් පීටර්සන් 50, දිලන දම්සර 43, යොහාන් එදිරිසිංහ 5/39 & 237/9 ඇසදිස ද සිල්වා 82, දිලන දම්සර 57, මාණික්‍ය දේශප්‍රිය 5/83, යොහාන් එදිරිසිංහ 3/47
  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය– 211/10 (70.4) ශරුජන් ශන්මුගනාදන් 92, විශේන් හැළඹගේ 8/76

තරගය ජය පරාජයෙන් තොරයි, බෙනඩික්ට් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මේ අතර තවත් තරග කිහිපයක් ම අද දිනයේ දි ද ආරම්භ වුනා. හෙටින් (14) අවසන් වීමට නියමිත එම තරග සියල්ලේ තොරතුරු ද සමඟින් හෙටත් හමුවෙමු.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<