පූර්ණ කල්හාරගෙන් ගුරුකුල විද්‍යාලය වෙනුවෙන් කැපී පෙනෙන දස්කම්

U19 Division 1 Schools Cricket Tournament 2023/24

70
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (12) අවසන් වුනා.

මෙම තරගවලින් පූර්ණ ජයක් කරා යාමට සමත් වුනේ කොළඹ ලුම්බිණි විද්‍යාලය පමණක් වුවත්, සුපුරුදු පරිදි විදුහල් රැසක ක්‍රීඩකයින් කැපී පෙනෙන දක්ෂතා අතරට පිවිසුණා.

කැලණිය ගුරුකුල විද්‍යාලයේ පූර්ණ කල්හාර අර්ධ ශතක දෙකක් සමඟින් කඩුලු 4 දස්කමක් ද දැක්වීමට සමත් වුනා. එමෙන්ම කොළඹ වෙස්ලි විද්‍යාලය වෙනුවෙන් සනිතු අමරසිංහ ශතකයක් වාර්තා කරද්දී, ශකේෂ් මිනෝන් කඩුලු 6 දස්කමක් දැක්වීමට ද සමත් වුනා.

කඳාන ද මැසනඩ් විද්‍යාලය වෙනුවෙන් ඩිනෝශ් ජෙලෝන් කඩුලු 5ක දස්කමක් ප්‍රදර්ශනය කළා. මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලයේ යොහාන් ආලෝක පිත්තෙන් අර්ධ ශතකයක් සහ පන්දුවෙන් කඩුලු 5 දක්ෂතාවක් දැක්වීමට සමත් වුනා.

කොළඹ ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් නබීල් රාජුදීන් කඩුලු පහේ දස්කමක් ප්‍රදර්ශනය කළා.

ගාල්ල සාන්ත ඇලෝශියස් විද්‍යාලය වෙනුවෙන් දුල්සත් නිම්විරු ඉනිම දෙකේ දී ම කඩුලු 5 දස්කම් ප්‍රදර්ශනය කළා.

කොළඹ තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් විහස් තෙව්මික කඩුලු 5 දස්කමක් දක්වද්දී, කොළඹ ආනන්ද විද්‍යාලය වෙනුවෙන් කවීෂ මෙන්ඩිස් කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වුනා.

පළමු කොටසේ Tier A තරග

කැලණිය ගුරුකුල විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය

වෙස්ලි විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (මාර්තු 11  12)

  • කැලණිය ගුරුකුල විද්‍යාලය– 351/9 (86) පූර්ණ කල්හාර 77, තත්සර එශාන් 58, මොහොමඩ් මුර්සාඩ් 54, ශකේෂ් මිනෝන් 3/57 & 189/9 (23) පූර්ණ කල්හාර 55, ශකේෂ් මිනෝන් 6/42
  • කොළඹ වෙස්ලි විද්‍යාලය– 270/10 (86.5) සනිතු අමරසිංහ 106, ලිතුම් සෙනුජ 46, පූර්ණ කල්හාර 4/105, දහම් විමුක්ති 3/38

තරගය ජය පරාජයෙන් තොරයි, ගුරුකුල විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය සහ කඳාන ද මැසනඩ් විද්‍යාලය

කදිරන ක්‍රීඩාංගණයේ දී (මාර්තු  11  12)

  • මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය – 319/10 (93.5) හසිඳු පෙරේරා 77, යොහාන් ආලෝක 63, ඩිනෝශ් ජෙලෝන් 5/74 & 85/2 (19.3) ලෙවින් ප්‍රනාන්දු 44*
  • කඳාන දමැසනඩ් විද්‍යාලය – 236/10 (73.4) ඉසින ඩයස් 49, ඩිනෝශ් ජෙලෝන් 47, යොහාන් ආලෝක 5/43, සදෙව් හස්තික 3/39 & 14/10 (1.4)

තරගය ජය පරාජයෙන් තොරයි, මාරිස් ස්ටෙලා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

පළමු කොටසේ Tier B තරග

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය

අම්බලන්ගොඩ නගරසභා ක්‍රීඩාංගණයේ දී (මාර්තු 11  12)

  • අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය – 185/10 (57.5) රන්දුල් සමරහේවා 67, සෙනිත හැළඹගේ 38, ශහන් කෞශල්‍ය 4/41 & 111/10 (35.2) ආකාශ් මෙන්ඩිස් 48, නබීල් රාජුදීන් 5/20, ශහන් කෞශල්‍ය 3/34
  • කොළඹ ලුම්බිණි විද්‍යාලය– 230/10 (61.1) දුමිඳු සෙව්මිණ 50, අශාන් ශනිල්ක 45, සෙනිත හැළඹගේ 4/102, ජිතිර සන්සික 3/39 & 70/3 (12.4) නබීල් රාජුදීන් 41

කොළඹ ලුම්බිණි විද්‍යාලයට කඩුලු 7ක ජයක්.

වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝශියස් විද්‍යාලය

කරන්දෙනිය යුද හමුදා ක්‍රීඩාංගණයේ දී (මාර්තු 11  12)

  • වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය– 142/10 (54.1) කවිත් ප්‍රනාන්දු 34, හන්ස මිහිරංග 32, දුල්සත් නිම්විරු 5/33, විදුර ලක්ෂාන් 3/35 & 159/9d (62.3) කවිත් ප්‍රනාන්දු 95, දුල්සත් නිම්විරු 5/45
  • ගාල්ල සාන්ත ඇලෝශියස් විද්‍යාලය– 196/10 (57) තාරුක පෙරේරා 80, හසිත සුරංග 38, අමල් පෙරේරා 4/52, රවීන් සැවියෝ 3/46 & 64/3 (13) චාර්ය පරණවිතාන 48*

තරගය ජය පරාජයෙන් තොරයි, ගාල්ල ඇලෝශියස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය

තර්ස්ටන් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (මාර්තු 11  12)

  • කොළඹ ආනන්ද විද්‍යාලය – 184/10 (67.3) කාන්චන ද ලිවේරා 59, දින්ද අතලගේ 35, විහස් තෙව්මික 5/51, විශ්ව ධනංජය 4/26 & 194/9 (57.5) අයේෂ් ශශිමාල් 52, නෙතුල එදිරිමාන්න 36, විහස් තෙව්මික 4/60, තනුග පලිහවඩන 3/59
  • කොළඹ තර්ස්ටන් විද්‍යාලය – 190/10 (48.3) මුලිත ද කොස්තා 48*, තනුජ රාජපක්ෂ 44, කවීෂ මෙන්ඩිස් 5/61, අශින්ස නයිනායක 3/76 & 93/3 (16) පැතුම් ධනංජය 37

තරගය ජය පරාජයෙන් තොරයි, කොළඹ තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<