දිනෙත්, ලෙවින් සහ සෙත්රු දස්කම් අතරට

U19 Division 1 Schools Cricket Tournament 2023/24

271
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (9) දිනයේ දී පැවැත්වුණා.

පාසල් අතර පැවැත්වෙන දෙදින සාම්ප්‍රදායික තරග යටතේ පැවැත්වුණු තරග මෙම තරග අතුරින් කොළඹ ඩෙ ලා සාලේ විද්‍යාලය සහ නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය අතර තරගය අද දිනයේ දී ජය පරාජයකින් තොරව අවසන් වුනා.

ඊයේ (08) ආරම්භ වූ මෙම තරගයට අයහපත් කාලගුණය නිසා තරමක බාධා එල වුනා.

තරගයේ පළමු ඉනිම දියත් කළ ඩෙ ලා සාලේ විද්‍යාලය කඩුලු 9කට ලකුණු 170ක් ලබා ගැනීමෙන් පසු සිය ඉනිම අත්හිටවූ අතර නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය අද දිනය නිමා වන විට සිය පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 135ක් ලබා සිටියා.

  • කොළඹ ඩෙ ලා සාලේ විද්‍යාලය– 170/9 (52.4) හෙශාන් විහඟ 42, අශේන් රණසිංහ 37, පියුමාල් දෙව්රංග 3/55, තිමල්ක සුපසන් 3/16
  • නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය– 135/9 (47.4) කලණ ප්‍රබුදිත 30, පියුමාල් දෙව්රංග 28*, නිතිඳු සංකල්ප 3/33, රශින්ත කෞශාන් 3/47

තරගය විසඳුමක් රහිතව අවසන් වුනා.

මේ අතර මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතරත්, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාල අතරත් තවත් දෙදින තරග ද්විත්වයක් ද අද දිනයේ දී ආරම්භ වුනා.

මෙම තරගවල දී මාරිස් ස්ටෙලා විද්‍යාලය වෙනුවෙන් ලෙවින් ප්‍රනාන්දු, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් දිනෙත් ගුණවර්ධන අර්ධ ශතක ලබා ගනිද්දී, තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් සෙත්රු ප්‍රනාන්දු කඩුලු හයේ දස්කමක් දැක්වීමට සමත් වුනා.

මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය

  • මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය – 163/10 (46.4) ලෙවින් ප්‍රනාන්දු 60, සෙත්රු ප්‍රනාන්දු 6/42, තනුග පලිහවඩන 2/57
  • කොළඹ තර්ස්ටන් විද්‍යාලය– 39/2 (10.4) දිනල් ඉඳුවර 13, හසිඳු පෙරේරා 1/9

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය

  • ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය– 217/10 (74.3) දිනෙත් ගුණවර්ධන 62, අන්ශෙන් ද සිල්වා 39, කවීන් රුක්ශාන් 4/51, අරෝශ උදයංග 3/39
  • ගාල්ල මහින්ද විද්‍යාලය– 1/0 (1)

මෙම තරග ද්විත්වයේ ම දෙවන දිනය හෙට (10) ක්‍රියාත්මක වීමට නියමිතයි.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ උණුසුම් තරඟ විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<