කොටහේන බෙනඩික්ට් B කාණ්ඩය ආක්‍රමණයට සූදානමින්

143

දිනෙන් දින උණුසුම් වන පාසල් රග්බි පිටියේ A කාණ්ඩය පමණක් නොව B කාණ්ඩය ද මෙවර ThePapare.com තුලින් ආවරණය කරන බව ඔබ දන්නවා ඇති. ඒ අතරින්  B කාණ්ඩයේ තවත් කණ්ඩායමක් වෙනුවෙන් අවධානය යොමු කරන්නට මේ ලිපිය වෙන්වේ. ඒ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය රග්බි කණ්ඩායම යි.

මහනුවරින් රග්බි සටනට එන සිල්වෙස්තර තුරඟුන්

2020 සිංගර් අන්තර් පාසල් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරග මේ වන විටත් ආරම්භ වී අවසන්…

රග්බි ඉතිහාසය 

1963 තරම් ඈත අතීතයකට විහිදී යන බෙනඩික්ට් රග්බි ඉතිහාසය දෙස හැරී බලන විට ඔවුන් විසින් ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට දායද කළ ක්‍රීඩකයින් ප්‍රමාණය සුළුපටු නොවේ. ඒ අතරින් ශාරෝ ප්‍රනාන්දු, රොහාන් ගුණරත්න, ලුශේන් සිරිවර්ධන කිහිප දෙනෙකි.

බෙනඩික්ට්වරුන්ගේ පාසල් රග්බි ආගමනය සටහන් වූයේ 2018 වසරේ දී පානදුර රාජකීය විද්‍යාලයට එරෙහිව ලකුණු 81ක් ලබා ගැනීමෙනි. 

පසුගිය තරගාවලිය 

පසුගිය වසරේ (2019) පාසල් රග්බි පිටියේ නව නායකත්වයක් යටතේ පෙරළියක් ඇති කිරීමට කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය රග්බි කණ්ඩායම සමත් විය. 

2018 වසරේ දී පාසල් තරගාවලියේ B කාණ්ඩයේ තරග වැදුණු සාන්ත බෙනඩික්ට් විද්‍යාලය එම වසරේ පාසල් රග්බි ලීගයේ IB කාණ්ඩයේ  සිව්වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.

එහි දී ඔවුන් ක්‍රීඩා කරන ලද තරග 5 අතරින් කොළඹ ආනන්ද විද්‍යාලය සහ පිළියන්දල මාධ්‍ය විද්‍යාලය සමඟ පැවති තරග ජයග්‍රහණය කිරීමට සමත් වුවත්, ගල්කිස්ස විද්‍යා විද්‍යාලය, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලය සමඟ පැවති තරග පරාජයට පත්විය.

පසුගිය වසරේ දී නිරාෂ් පෙරේරාගේ නායකත්වය යටතේ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පාසල් රග්බි පිටියට අවතීර්ණ වූ අතර  කණ්ඩායමේ උපනායකත්වය හිමිව තිබුණේ සෙනිත් ප්‍රනාන්දු හටය. 

කෙසේ වෙතත් පසුගිය තරග වාරය බෙනඩික්ට් කණ්ඩායමට එතරම් සාර්ථක තරගාවලියක් වූයේ නැත. ඔවුන් මූලික වටයේ දී තරග 5ක් ක්‍රීඩා කළ අතර ඉන් ජයග්‍රහණය කර තිබුණේ එක් තරගයක් පමණි. 

ලුම්බිණි විද්‍යාලය හමුවේ ලකුණු 58-05ක් ලෙසත්, කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හමුවේ ලකුණු 52-06ක් ලෙසත්, මහනුවර සුමංගල විද්‍යාලය හමුවේ ලකුණු 38-17ක් ලෙසත්, කොළඹ ආනන්ද විද්‍යාලය හමුවේ ලකුණු 33-05ක් ලෙසත් පරාජය වූ බෙනඩික්ට් කණ්ඩායම ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හමුවේ ලකුණු 27-07ක් ලෙස ජයග්‍රහණය ලබාගැනීමට සමත් විය. 

A කාණ්ඩයට පිවිසීමට වෙර දරන ආනන්ද රග්බි කණ්ඩායම

2020 ඩයලොග් අන්තර් පාසල් රග්බි තරගාවලිය පසුගිය දා ආරම්භ විය. මෙවර තරගාවලිය අන් …

මෙවර තරග වාරය

මෙවර තරගාවලිය සඳහා ජ්‍යේෂ්ඨ මෙන්ම නවක ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත කණ්ඩායමක් බෙනඩික්ට් විද්‍යාලය සතුවේ. ශක්තිමත් ඉදිරිපෙළක් හා ප්‍රබල පසුපෙළක් සමඟින් තරගාවලියට සහභාගි වන බෙනඩික්ට් කණ්ඩායම මෙවර තරගාවලිය තුල කැපීපෙනෙන දස්කම් දැක්වීමට සමත්වනු නොඅනුමානය. 

සාන්ත බෙනඩික්ට් කණ්ඩායම මෙවර තරගාවලිය සඳහා IIB කාණ්ඩය නියෝජනය කරන අතර එයට ශ්‍රී සුමංගල විද්‍යාලය, ආනන්ද විද්‍යාලය,  තර්ස්ටන් විද්‍යාලය, සාන්ත සිල්වෙස්තර විද්‍යාලය හා ඩී. එස්. සේනානායක විද්‍යාලය ඇතුළත් වේ. 

තරගාවලිය ආරම්භ කරමින් ඩී. එස්. සේනානායක විද්‍යාලය සමඟින් තරග වැදුණු සාන්ත බෙනඩික්ට් කණ්ඩායමට එම තරගය පරාජය වීමට සිදු වූයේ ලකුණු 81-05ක් ලෙසිනි. දෙවන තරගය සඳහා බෙනඩික්ට් කණ්ඩායම ආනන්ද විද්‍යාලය සමඟින් තරග වැදුණු අතර එම තරගය ජයග්‍රහණය කිරීමට ආනන්ද විද්‍යාලය සමත්වූයේ ලකුණු 32-05ක් ලෙසිනි. 

තරගාවලිය සඳහා සහභාගි වන සාන්ත බෙනඩික්ට් රග්බි කණ්ඩායම 

ආර්. ඒ. ශාමල්, ජේ. ඒ. ආර්. එම්. පෙරේරා, ටී. ඩී. ප්‍රනාන්දු, ජේ. ඒ. එච්. පෙරේරා, එන්. ආර්. පෙරේරා, සී. එච්. වී. ඇන්තනී, ඒ. ආර්. අතුකෝරල, එම්. මන්සිල්, එස්. ආර්. ක්‍රිස්‍ටෝපර්, ආර්. පී. එස්. දිල්හාර, අශේන් ප්‍රමෝද්, ඩී. වී. හිමවන්ත, ඕ. ටී. එස්. අමරසිංහ, එස්. පී. රණසිංහ, ඩී. එස්. අමරසිංහ, පී. ජී. ඒ. ගෝමස්, ඊ. බී. ප්‍රනාන්දු, පී. එස්. රාජපක්ෂ, ආර්. ඒ. ජයසිංහ, එන්. ඩී. සිල්වා, එස්. එස්. අමරසිංහ, එස්. එස්. ඇලෙක්සැන්ඩර්, ආර්. ඒ. තෝමස්

මෙවර සාන්ත බෙනඩික්ට් තරග කාලසටහන 

  • පළමු තරගය – ඩී. එස්. සේනානායක විද්‍යාලය (ලකුණු 81-05ක් ලෙස ඩී. එස්. සේනානායක විද්‍යාලය ජයග්‍රහණය ලබා ගත්තේය)
  • දෙවන තරගය – ආනන්ද විද්‍යාලය (ලකුණු 32-05ක් ලෙස ආනන්ද විද්‍යාලය ජයග්‍රහණය ලබා ගත්තේය) 
  • තුන්වැනි තරගය – ශ්‍රී සුමංගල විද්‍යාලය 
  • සිව්වැනි තරගය – සාන්ත සිල්වෙස්තර විද්‍යාලය 
  • පස්වැනි තරගය – තර්ස්ටන් විද්‍යාලය

මෙවර B කාණ්ඩය යටතේ තරග වදින සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට සිය බලාපොරොත්තු ඉටු කර ගැනීමට හැකි වේවායි ThePapare.com අප සුබ පැතුම් එක්කරන්නෙමු.

මෙවර පාසල් රග්බි තරග වාරයේ A කාණ්ඩයේ තරග මෙන්ම B කාණ්ඩයේ තරග ද ඔබ වෙත සමීප කිරීමට ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සූදානමින් සිටි. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<