ඕල්කට් සය සාමාජික කුසලානය ගාල්ලට

235

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බෞද්ධ පාසල් අතර පැවැත්වෙන ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ කුසලාන ක්‍රිකට් තරගාවලියේ වයස අවුරුදු 19න් පහළ වර්තමාන සිසුන් අතර පැවති සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලයීය කණ්ඩායම අද (15) සමත් විය. ගාල්ල මහින්ද විද්‍යාලය සහ කොළඹ නාලන්ද විද්‍යාලය අතර පැවැති අවසන් මහා තරගයෙන් මහින්ද ක්‍රීඩකයෝ ලකුණු 34ක ජයක් ලැබූහ.

සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු පෙළ තරගයක් ලෙස ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා යාපනය සාන්ත ජෝන් විද්‍යාලය අතර තරගය…

1999 ඇරැඹි මෙම තරගාවලියේ මෙම වයස් කාණ්ඩ ඉසව්ව මෑතක දී එක්වූ එකකි. තරගාවලිය සඳහා කොළඹ ආනන්ද සහ නාලන්ද, මහනුවර ධර්මරාජ, ගාල්ල මහින්ද, කුරුණෑගල මලියදේව, මාතර රාහුල, පන්නිපිටිය ධර්මපාල සහ සත්කාරක අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය කණ්ඩායම් සහභාගී විය. තරගාවලිය බලපිටිය ගුරු අභ්‍යාස විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පැවැත්විය.

අද උදෑසන සිට පැවති තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා ගාල්ල මහින්ද, කොළඹ නාලන්ද, කොළඹ ආනන්ද සහ මාතර රාහුල විද්‍යාල සුදුසුකම් ලබා ගත්හ.

ඒ අනුව පැවති පළමු අවසන් පූර්ව තරගයේ දී රාහුල විද්‍යාලය පරාජය කරමින් කොළඹ නාලන්ද විද්‍යාලය අවසන් තරගය සඳහා සහභාගී වීමට සුදුසුකම් ලබා ගන්නා ලදි. නාලන්ද විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුල්ලක් දැවී ලකුණු 63ක් ලබාගත් අතර පිළිතුරු ලෙසින් රාහුල විද්‍යාලයට ලබා ගත හැකි වූයේ ලකුණු 25ක් පමණි. මෙම තරගයේ දී කැපි පෙණෙන මෙහෙවරක් කිරීමට නාලන්ද විද්‍යාලයේ සුහග විජේවර්ධන සමත් විය. ඔහු පන්දුවට පහර දීමේ දී ලකුණු 36ක් ද පන්දු යවමින් කඩුලු 2ක් ද දවා ගත්තේය.

දෙවැනි අවසන් පූර්ව තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ ලකුණු 65ක් ලබා ගත්තේ කඩුලු 4ක් පමණක් දැවී යමිනි. පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ආනන්ද විද්‍යාලයිය ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 4ක් දැවී ලකුණු 42ක් පමණි. ඒ අනුව පසුගිය වසරේ ශූරයන් වූ ආනන්ද විද්‍යාලය ලකුණු 23කින් පරාජය කරමින් මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්හ.

අවසන් මහා තරගය සත්කාරක ධර්මාශෝක විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඉන්ද්‍රදාස ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල මහින්ද සහ කොළඹ නාලන්ද විද්‍යාල කණ්ඩායම් හඳුනා ගැනීමෙන් අනතුරුව පැවැත්විය.

එහි දී පළමුවෙන් පන්දුවට පහර දුන් මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 85ක් ලබා ගත්හ. එහි දී අශේන් කණ්ඩම්බි ලකුණු 31ක් ද, ප්‍රමිත් තෙවරප්පෙරුම නොදැවී ලකුණු 31ක් ද ලබා ගත්හ. පන්දු යැවීමේ දී සාර්ථක වූයේ කවීෂ් මධුරප්පෙරුම පමණි. ඔහු කඩුලු 2ක් දවා ගත්තේය.

පිළිතුරු ලෙසින් පිටියට පිවිසි නාලන්ද ක්‍රීඩකයෝ තමන්ට හිමි පන්දුවාර 5 දී ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 49ක් පමණි. එහි දී චමිඳු විජේසිංහ ලකුණු 31ක් ලබා ගනිද්දී, පසන් පෙතන්ගොඩ කඩුලු 2ක් ලබා ගත්තේය.

තරගාවලියේ ජය ලැබීමෙන් අනතුරුව මහින්ද විද්‍යාලයීය පුහුණුකරු අනිල් රිදීගම්මනගෙදර ThePapare.com වෙත අදහස් දක්වමින්, “අපි මේ වෙද්දි පාසල් ක්‍රිකට් තරගාවලිය ඉතාම හොඳින් කරගෙන යනවා. ඒ නිසා අපිට විශ්වාසයක් තිබුණා තරගාවලියේ අවසන් තරගය දක්වා එන්න පුළුවන් කියලා. ඒ වුනත් අපි කෙටි තරග සඳහා විශේෂයෙන් සූදානම් වීමක් වුනේ නැහැ. පෙර පුහුණුවීම් උපයෝගී කර ගනිමින්ම තරගාවලියට මුහුණ දුන්නා. ඉතාම හොඳ තරගකාරීත්වයකින් පසුව පැවති තරගාවලියක් ජය ගැනීමට ලැබීම ගැන ඇත්තේ සතුටක්.” යැයි පැවැසුවේය. ඔහුගේ සහාය පුහුණුකරු ලෙසින් කටයුතු කරනුයේ සුනෙත් කුමාරහෙට්ටි මහතා ය.

තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසින් කොළඹ නාලන්ද විද්‍යාලයේ සචිත ගුණතිලක නම් කෙරුණ අතර තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතාන නම් කෙරුණි.

විද්‍යාලයීය ආදි ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගී වන පන්දුවාර 12ක් වූ තරගාවලිය හෙට (16) සහ අනිද්දා (17) මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිත ය.

මාලිංග, මුණවීර ඇතුළු ප්‍රබලයින් රැසක් ඉවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබන 20 වැනිදා ආරම්භ වන ඉන්දු ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සුපිරි සංචිතයක් නම් කර ඇත.

පළඟ ශූරතා ධර්මාශෝක විද්‍යාලය දිනා ගනී

පළඟ ශූරතාව වෙනුවෙන් පැවති තරගාවලියේ ශූරතාව සත්කාරක ධර්මාශෝක විද්‍යාලයීය කණ්ඩායම දිනා ගනු ලැබුවේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය කණ්ඩායමට  එරෙහිව ලකුණු 9ක ජයග්‍රහණයක් වාර්තා කරමිනි.

ඒ අනුව පැවති අවසන් තරගය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පන්දුවාරයකට පන්දු 4ක් බැගින් පන්දුවාර දෙකකට පමණක් සීමා කෙරුණි. එහි දී පළමුවෙන් පන්දුවට පහර දුන් ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 19ක් ලබාගත් අතර පිළිතුරු ලෙසින් ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ කිසිවෙක් නොදැවී ලකුණු 10ක් පමණි.

ශූරතා කුසලාන තරගාවලියේ අවසන් තරගයේ ලකුණු පුවරු

මහින්ද විද්‍යාලය; කඩුලු 4ක් දැවී 83 (5.0) අශේන් කණ්ඩම්බි 34, ප්‍රමිත් තෙවරප්පෙරුම නොදැවී 33, කවීෂ් මධුරප්පෙරුම 2/20

නාලන්ද විද්‍යාලය; සියලුම දෙනා දැවී 49 (5.0) චමිඳු විජේසිංහ 31, පසන් පෙතන්ගොඩ 2/16

 >> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<