දිල්ලි කැපිටල්ස් නායකයාට දඩයක්!

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

699
Rishab Pant

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් දිල්ලි කැපිටල්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් අතර ඊයේ (7) පැවැත්වුනා.

එම තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ගත් ලක්නව් කණ්ඩායම එහි දී මන්දගාමී පන්දුවාර ක්‍රියාත්මක කිරීමේ වේගයක් රඳවා ගැනීම නිසා දිල්ලි නායක Rishabh Pant හට ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩයක් නියම කර තිබෙනවා.

මුම්බායි හි DY Patil ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ලක්නව් කණ්ඩායමේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් දිල්ලි ක්‍රීඩකයින් පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 149ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම දියත් කළ ලක්නව් ක්‍රීඩකයින් පන්දුවාර 19කුත් පන්දු 4ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 155ක් ලබා ගත් අතර එහි දී ඔවුන්ගේ ආරම්භක පිතිකරු Quinton de Kock පන්දු 52ක දී ලකුණු 80ක් ලබාගෙන දස්කම් දැක්වූවා.  ඒ අනුව දිල්ලි කණ්ඩායම දැනට තරග දෙකක් පරාජයට පත්වී තිබෙනවා.

IPL තරග සංවිධායකයින් තරගයට පසුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, මන්දගාමී පන්දුවාර ක්‍රියාත්මක කිරීමේ වේගයක් රඳවා ගැනීම නිසා දිල්ලි නායක Rishabh Pant හට ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩයක් නියම කර තිබෙන බවයි.

එය ඔවුන්ගේ කණ්ඩායමේ පළමු මන්දගාමී පන්දුවාර ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව නිසා IPL තරග කොන්දේසිවලට අනුව අවම දඩ මුදලක් නියම කර තිබෙන නමුත්, මෙවැනි ආකාරයේ සිදුවීම් ඉදිරියේ දීත් සිදුවුවහොත් එම දඩ මුදල් ප්‍රමාණය තවත් වැඩි විය හැකි බව තරග සංවිධායකයින් පවසා සිටියා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<