මහානාම, ත්‍රිත්ව සහ ලුම්බිණි විද්‍යාල අවසන් පූර්ව වටයට

U19 Division 1 Schools Cricket Tournament 2023/24

68

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තවත් තරග කිහිපයක් අද (26) අවසන් වුනා.

මෙම තරගවල දී කොළඹ මහානාම විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය පූර්ණ ජයක් සමඟින් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිමේ ජයක් සමඟින් අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුනා.

මේ අතර කොළඹ නාලන්දා විද්‍යාලය විසින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව කඩුලු 9ක ජයග්‍රහණයක් හිමි කර ගැනීමට අද දිනයේ සමත් වුනා.

මෙම තරගවල දී,

කොළඹ මහානාම විද්‍යාලයේ ඉනුක කරන්නාගොඩ තුන් ඉරියව්වෙන් ම කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුනා.

කොළඹ ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් ප්‍රවීන් මනීෂ විශිෂ්ට ශතකයක් වාර්තා කළා.

කොළඹ නාලන්දා විද්‍යාලය වෙනුවෙන් මිනෝද් කල්දේරා කඩුලු 5 දස්කමක් දක්වද්දී, නායක සජිත විතානගේ විසින් කඩුලු 6 දස්කමක් ද සමඟ සමස්ත තරගයේ කඩුලු 8ක් බිඳ හෙළීමට සමත් වුනා.

මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය වෙනුවෙන් ලෙවින් ප්‍රනාන්දු ශතකයක් වාර්තා කරන අතරේ, ඕෂධ ගුණසිංහ ඉනිම් දෙකේ ම කඩුලු 9ක් දවා ගැනීමට සමත් වුනේ කඩුලු 5 දස්කමක් ද සමඟයි.

ඒ අතරේ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයේ අමිත සන්දීප කඩුලු 8 දසකමක් ද සමඟින් සමස්ත තරගයේ කඩුලු 12ක් බිඳ හෙළීමට සමත් වුනා.

පළමු කොටසේ Tier A තරග

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (මාර්තු 25 – 26)

  • මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය – 205/10 (55.1) චාරුක ඒකනායක 53, තිසර ඒකනායක 35, චාමික හීනටිගල 4/12 & 98/10 (39.1) චරුක ඒකනායක 48, දුවිඳු රණතුංග 3/19, ඉනුක කරන්නාගොඩ 3/31
  • කොළඹ මහානාම විද්‍යාලය – 194/10 (68.4) ඉනුක කරන්නාගොඩ 46, දුල්නිත් සිගේරා 25, කවීෂ පියුමාල් 4/63, තිසර ඒකනායක 4/41 & 113/5 (23.4) ඉනුක කරන්නාගොඩ 33*, තිසර ඒකනායක 4/48

කොළඹ මහානාම විද්‍යාල කඩුලු 5ක ජයක් සමඟින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය

මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ දී (මාර්තු 25 – 26)

  • මහනුවර ත්‍රිත්ව විද්‍යාලය – 267/8d (90) මනුල කුලරත්න 93, ජනිත් රවිශ්ක 69*, රන්දීශ බණ්ඩාරනායක 4/81
  • කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය 192/10 (66.2) රන්දීශ බණ්ඩාරනායක 36, දෙහෙම් නිර්මාල් 38, මලිත් රත්නායක 4/64, තිසල් යාපා 3/32

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිමේ ජයක් සමඟින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

පළමු කොටසේ Tier B තරග

මොරටු මහ විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (මාර්තු 25 – 26)

  • මොරටු මහා විද්‍යාලය – 105/5 (32.1) කාන්චන නිම්ශාන් 24, ශහන් කෞශල්‍ය 5/22, දුමිඳු සෙව්මිණ 3/17 & 50/10 (18.4) ලදිනු යහම්පත් 11, උශාන් සත්සර 4/13
  • කොළඹ ලුම්බිණි විද්‍යාලය -269/10 (63.5) ප්‍රවීන් මනීෂ 100, දිනිත ද සිල්වා 55, නිශිත දුලාංජන 4/53

කොළඹ ලුම්බිණි විද්‍යාලය ඉනිමක සහ ලකුණු114ක.ජයක් ලබමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

සාම්ප්‍රදායික දෙදින තරග

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය

නාලන්දා විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (මාර්තු 25 – 26)

  • අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය – 97/10 (47.2) සෙනුර සඳයුරු 25, චනුක ද සිල්වා 25, මිනෝද් කල්දේරා 5/28 & 57/10 (34.3) චනුක ද සිල්වා 20, සජිත විතානගේ 6/21
  • කොළඹ නාලන්දා විද්‍යාලය – 138/10 (43.2) සජිත විතානගේ 41, මනුප මන්මිත 39, දිනෙන් ගිම්හාන 3/29, ඉශාන් අනුරාධ 3/1 & 17/1 (5)

කොළඹ නාලන්දා විද්‍යාලයට කඩුලු 9ක ජයක්.

මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය

සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (මාර්තු 25 – 26)

  • මාරිස් ස්ටෙලා විද්‍යාලය – 280/10 (68.4) ලෙවින් ප්‍රනාන්දු 110, ඕෂධ ගුණසිංහ 38, අමිත සන්දීප 4/84, හිවින් සොනාත් 4/57 & 107/10 (25.1) මිනෙත් ප්‍රනාන්දු 34, අමිත සන්දීප 8/46
  • සාන්ත අන්තෝනි විද්‍යාලය – 161/10 (45.2) චමෝද් සන්දීප 36, ඕෂධ ගුණසිංහ 5/31 & 121/7 (29) රවිඳු ජයසංක 44, ඕෂධ ගුණසිංහ 4/31

තරගය ජය පරාජයෙන් තොරයි, මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත රැගෙන ඒමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<