රන්මිණි සටනේ වැඩි කුසලාන සීවලී ක්‍රීඩකයන්ට

12th Battle of the Gold

79

රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලය සහ පැල්මඩුල්ල ංකන්ද මධ්‍ය මහා විද්‍යාලය අතර 12 වැනි වරටත් පැවැති රන්මිණි සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූවා. එසේ වූවත් තරගයේ වැඩි දක්ෂතා දැක්විමට සීවලී මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණුනා 

මෙම තරගය (09දා) රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේ දී නිමා වූ අතර ඒ අනුව රන්මිණි සටන් ඉතිහාසයේ විසඳුමකින් තොරව අවසන් වූ 8 වැනි තරගයට බවට මෙය පත් වූවා. මේ දක්වා නිමා වූ තරගවල දී සීවලී මධ්‍ය මහා විද්‍යාලය අවස්ථා 3ක දී ද සහ ගංකන්ද මධ්‍ය මහා විද්‍යාලය එක් අවස්ථාවක දී ද රන්මිණි කුසලානය හිමිකර ගෙන තිබෙනවා.   

Battle of the Gold, රත්නපුර, 08-09, පෙබරවාරි 2024 

  • කාසියේ වාසිය – ගංකන්ද මධ්‍ය මහා විද්‍යාලය 
  • ක්‍රීඩාංගණය – සීවලී ක්‍රීඩාංගණය, රත්නපුර. 

සීවලී මධ්‍ය මහා විද්‍යාලය: සනුජ නිඳුවර (නායක), තිසර සංකල්ප, චතුප කවීන්, සතිර සනුද්‍ය, චාමිකර ගුණතිස්ස (කඩුලු රකින්නා), තමිඳු තිනෙත්, පසිඳු චාමිකර, උත්සර රණතුංග, සසිඳු අශාන්, හරිත කවිශාන්, කවිශාන් ගනුක. 

 

ගංකන්ද මධ්‍ය මහා විද්‍යාලය: රුසිරු බටේවෙල (නායක), සංක ලක්ශාන්, කවිඳු ගිම්හාන්, නිමේෂ් සත්සර, සමීර ගමගේ, විශ්ව නවෝදන, අදීශ අමන්ත, හෂාන් මධුරංග, මිලින්ද ලක්ෂාන්, කවිඳු නෙත්රුවන්, ඉසුරු බණ්ඩාර. 

කාසියේ වාසිය දිනා ගත් ගංකන්ද මධ්‍ය මහා විද්‍යාලයීය නායකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සීවලී මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 122ක් ලබා ගත්තා.  

එම ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූයේ පසිඳු චාමිකර. ඔහු පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තා. ඊට අමතර ව තමිඳු තිනෙත් පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී රුසිරි බටේවෙල ලකුණු 30කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව හෂාන් මධුරංග ලක්කු 13කට කඩුලු 3ක් දවා ගත් අතර විශ්ව නවෝදන සහ නිමේෂ් සත්සර කඩුල්ල බැගින් දවා ගත්තා. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ගංකන්ද මධ්‍ය මහා ඉනිම ලකුණු 116කට සීමා වූවා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ අදීශ අමන්ත. ඔහු පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 32ක් ලබා ගත් අතර නිමේෂ් සත්සර පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී පසිඳු චාමිකර ලකුණු 25කට කඩුලු 5ක් දවා ගත්තා. එමෙන් ම සසිඳු අශාන් ලකුණු 13කට කඩුලු 2ක් දවා ගත් අතර හරිත කවිශාන් සහ තමිඳු තිනෙත් කඩුල්ල බැගින් දවා ගත්තා.  

ලකුණු 6ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ සීවලී මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 8ක් දැවී ලකුණු 94ක් ලබා සිටියා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභීන් වූයේ සනුජ නිඳුවර සහ පසිඳු චාමිකර. ඔවුන් දෙදෙනා ම ලකුණු 17 බැගින් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී විශ්ව නවෝදන ලකුණු 21කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – පසිඳු චාමිකර (සීවලී මධ්‍ය මහා විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පිතිකරු – අදීශ් අමන්ත (ගංකන්ද මධ්‍ය මහා විද්‍යාලය)
  • තරගයේ වීරයා – පසිඳු චාමිකර (සීවලී මධ්‍ය මහා විද්‍යාලය)

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජයග්‍රහණය සීවලී මධ්‍ය මහා විද්‍යාලයට) 

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<