අපේක්ෂිත අරමුණු ඉටු නොවූ දවසක් නිමා වෙයි

U19 Division 1 Schools Cricket Tournament 2024/25

55
U19 Division 1 Schools Cricket Tournament 2024/25

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ  තරග ත්‍රිත්වයක් අද (25) අවසන් වුනා.

එම තරග සියල්ල ම නිමා වෙන්නේ විසඳුමකින් තොරවයි.

කෙසේ වෙතත් එම තරග අතුරින් මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ ඔෂාන් ද සිල්වා සාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහි ව පන්දු 123කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 80ක් ලබා ගනිමින් දිනයේ කැපී පෙණෙන පිතිකරු බවට පත් වුනා.

ඊට අමතර ව සාන්ත සර්වේශස් විද්‍යාලයේ විරාන් චමුදිත ලුම්බිණි විද්‍යාලය එරෙහි ව පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 53ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී කොළඹ ලුම්බිණි විද්‍යාලයේ ප්‍රවීන් මනීෂ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයට එරෙහි ව ලකුණු 36කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

Tier A

කඳාන ද මැසිනෝද් විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලයට අතර තරගය කඳානේ දී.

ද මැසිනෝද් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 191 (75.1) ශරිත් සුදීන 22, නේශාන් ඩයස් 24, ශෙවාන් වෙල්ගම 38, ගීනෝද් පෙරේරා 21, සඳරු මල්ශාන් 2/46, ගිම්හාන් රසාංජන 5/61

දේවපතිරාජ විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 75 (27.0) යසිරු ලක්ෂාන් නොදැවී 43, සිනෙත් ඉඳුවර 3/17, සිනෙත් සුදීන 2/22්‍

තරගයේ විසඳුමක් නෑ.

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය අතර තරගය මරදානේ දී.

වේල්ස් කුමාර විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 166 (59.2) ඔෂාන් ද සිල්වා 80, නෙතුල් අනුහස් 28,

සාන්ත ජෝසප් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 172 (44.2) අවීශ සාමාෂ් 39, රිශ්ම අමරසිංහ 35, නිම්තක ගුණවර්ධන නොදැවී 24, මානස මදුභාෂණ 22, රසිඳු ප්‍රනාන්දු 2/50, ප්‍රසන්න ලක්මිණ 2/18, නෙතුල් අනුහස් 2/18

වේල්ස් කුමාර විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 18 (3.1)

තරගයේ විසඳුමක් නෑ.

Tier B

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී.

සාන්ත සර්වේශස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 114 (48.3) විශ්ව සුපුන් 23, විරාන් චමුදිත 53, කනිශ්ක රංගන 2/32, පසිඳු මහිෂ 2/13, ප්‍රවීන් මනීෂ 5/36

ලුම්බිණි විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 74 (26.0) ප්‍රවීන් මනීෂ 36, සංජු ඩිල්ශාන් 2/18, ප්‍රවීන් මදුශංක 2/10, රවීන් කවින්ත 2/04

තරගය අද (26) 2 වැනි සහ අවසන් දිනයටත් පැවැත්වේ. 

පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<