ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් ඊයේ (21) දිනයෙන් නිමාවට පත් වුනා.
එම තරග ද්විත්වය ම ජය පැරදුමකින් තොරව නිමාවට පත් වූ අතර, මෙම තරග ද්විත්වයේම වඩාත් කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් වූ කොළඹ ලුම්බිණි විද්‍යාලයේ ප්‍රවීන් මනීෂ කඩුලු 07ක දස්කමක් දැක්වීමට සමත් වුනා. මෙම තරගවාරය තුළ ඔහු විසින් පන්දුවෙන් කැපී පෙනන දක්ෂතා දැක්වීම නොකඩවාම සිදු කරමින් සිටීම විශේෂත්වයක්.
එමෙන්ම කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ නුශාන් පෙරේරා කඩුලු 05 දස්කමක් දක්වන අතරේ, පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ මෙවිඳු කුමාරසිරි විසින් වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයේ ඉනිම් දෙකක් තුළ කඩුලු 07ක් ඩැහැ ගැනීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය
(සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)
කොළඹ ලුම්බිණි විද්‍යාලය – 102/10 (42.4) කිසඳු දුල්නෙත් 19, ඩේමියන් ද සිල්වා 4/17, යෙනුල දෙව්තුස 3/27 & 93/9 (53) ගිම්හාන විජයපුර 23, නුශාන් පෙරේරා 5/50
සාන්ත ජෝසප් විද්‍යාලය – 201/10 (47.3) අවීශ සමාශ් 32, ප්‍රවීන් මනීෂ් 7/86
තරගය ජය පැරදුමෙන් තොරයි, කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය
(සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)
සාන්ත අන්තෝනි විද්‍යාලය – 135/10 (56.1) චමෝද් සංදීප 68, මෙවිඳු කුමාරසිරි 4/40 & 90/8 (44) කවිඳු සේනාධි 34, මෙවිඳු කුමාරසිරි 3/21
ශ්‍රී සුමංගල විද්‍යාලය – 131/10 (42.4) දුරංක සිල්වා 33, ශනෙල් යෝගරත්න 4/28, ආකාශ් තේජක 3/18
තරගය ජය පැරදුමෙන් තොරයි, වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
මේ අතර තවත් තරග ත්‍රිත්වයක් ඊයේ දිනයේ දී ආරම්භ වුනා. එම තරග ගාල්ල මහින්ද විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය අතරත්, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතරත්, මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතරත් ක්‍රියාත්මක වනවා.
මෙම තරගවල දී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ නෙතුජ බාසිත විසින් දැක් වූ කඩුලු 7 දස්කම විශේෂයෙන්ම කැපී පෙනුණා.
පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<