ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ත්‍රිත්වයක් ඊයේ (10) දිනයෙන් නිමාවට පත් වුනා.
මෙම තරගවල දී පූර්ණ ජයග්‍රහණයක් කරා යාමට කඳාන ද මැසනඩ් විද්‍යාලය විසින් සමත් වුනා.
මෙම තරග ත්‍රිත්වය තුළ ශතක ද්විත්වයක් වාර්තා වූ අතර, ගාල්ල ඇලෝශියස් විද්‍යාලය වෙනුවෙන් චාර්ය පරණවිතාන ලකුණු 105ක් වාර්තා කිරීමට සමත් වූ අතර, මොරටු මහා විද්‍යාලය වෙනුවෙන් ඉසුරු නිදර්ශන ලකුණු 129ක විශිෂ්ට ඉනිමක් දියත් කළා.
මේ අතර කඳාන ද මැසනඩ් විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දසකම් දැක්වූ ශරිත් සුදීන මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලයට එරෙහිව කඩුලු 5 දස්කමක් සමඟ සමස්ත තරගයේ කඩුලු 9ක් දඩයම් කිරීමට සමත් වුනා. එමෙන්ම ද මැසනඩ් විද්‍යාලයේ දින්සර රිවිසුරු සමස්ත තරගයේ කඩුලු 7ක් දවා ගැනීමට සමත් වූ අතර, තීක්ෂණ තාරුක ගාල්ල ඇලෝශියස් විද්‍යාලය වෙනුවෙන් ඉනිම් දෙකක් තුළ කඩුලු 6ක් බිඳ හෙළීමට සමත් වීමත් විශේෂත්වයක්.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ ගාල්ල ඇලෝශියස් විද්‍යාලය
(මහින්ද විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)
- ධර්මරාජ විද්‍යාලය – 158/10 (58.4) කාශ්‍යප දිසානායක 48, තීක්ෂණ තාරුක 4/30 & 102/4 (24) කාශ්‍යප දිසානායක 45, තීක්ෂණ තාරුක 2/23
- ඇලෝශියස් විද්‍යාලය – 357/7d (91.2) චාර්ය පරණවිතාන 105, කවිඳු කේසර 89, දක්ෂික මනුකල්ප 4/65
තරගය ජය පැරදුමෙන් තොරයි, ඇලෝශියස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ කඳාන ද මැසනඩ් විද්‍යාලය
ද මැසනඩ් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)
- සිල්වෙස්තර විද්‍යාලය -178/10 (52) යෝශිත ඉසුරංග 67, චන්දූප වඩුගේ 48, ශරිත් සුදීන 4/54, දින්සර රිවිසුරු 4/34 & 93/10 (43) චන්දූප වඩුගෙ 32, ශරිත් සුදීන 5/39, දින්සර රිවිසුරු 3/29
- ද මැසනඩ් විද්‍යාලය – 209/10 (69.5) ශෙවන් වෙල්ගම 73, නිමේෂ සිල්වා 4/80 & 63/1 (8)
කඳාන ද මැසනඩ් විද්‍යාලයට කඩුලු 09ක ජයක්.
මොරටු මහා විද්‍යාලය සහ කළුතර සිරි කුරුස විද්‍යාලය
(අඹේපුස්ස යුද හමුදා ක්‍රීඩාංගණයේ දී)
- මොරටු මහා විද්‍යාලය – 265/10 (78.5) ඉසුරු නිදර්ශන 129, මලිත් පෙරේරා 39, හිමරු දීශාන් 3/84
- කළුතර සිරි කුරුස විද්‍යාලය – 62/10 (24.1) සබෝධ දෙව්තිලිණ 16, නිශිත ප්‍රනාන්දු 4/11, මලිත් පෙරේරා 4/29 & 165/9 (f/o) (82) ආකාශ් සත්සර 50, සනුක චෙරාන් 42, සඳුන් සුදර්ශන 4/42
තරගය ජය පැරදුමෙන් තොරයි, මොරටු මහා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
මේ අතර තවත් පළමු කොටසේ තරග හතරක් ඊයේ දිනයෙන් ආරම්භ වුනා.
මෙහි දී කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයත්, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයත්, මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයත්, කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලයත් එකිනෙකා සමඟ තරග බිමට පිවිසුණා.
එම තරගවල දී මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් චාරුක ඒකනායක කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වූ අතර, කොළඹ නාලන්දා විද්‍යාලය වෙනුවෙන් මල්ෂ ප්‍රනාන්දු ද කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වුනා.
එම තරග විස්තර ද ඇතුළුව පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<