ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග හයක් ඊයේ (18) දිනයෙන් නිමාවට පත් වුනා.
මෙම තරගවල දී ජයග්‍රහණයක් හිමි කර ගැනීමට කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය විසින් සමත් වූ අතර, කළුතර තිස්ස විද්‍යාලයට එරෙහිව පැවැත්වුණු මෙම තරගයේ දී ආනා විද්‍යාලය වෙනුවෙන් චමිත් සසේන්ජන විසින් දියත් කළ වේගවත් ඉනිම ජයග්‍රහණයට මූලික හේතුවක් බවට පත් වුනා. ආනා විද්‍යාලය වෙනුවෙන් ශෙහාන් කුමාර කඩුලු 5 දස්කමක් සමඟ සමස්ත තරගයේ කඩුලු 09ක් දවා ගැනීමට සමත් වීමත් විශේෂත්වයක්.
මීට අමතරව ඊයේ දිනයෙන් නිමාවට පත් වූ තරග වල දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් දිමන්ත මහවිතාන විශිෂ්ට ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර, මලිත් රත්නායක කඩුලු 05 දස්කමක් දැක්වීමට සමත් වුනා.
මේ අතර කොළඹ සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් ජේසන් ප්‍රනාන්දු ද ශතකයක් වාර්තා කළා. මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් යෙනුල දෙව්තුස විසින් පිත්තෙන් අර්ධ ශතකයක් සහ පන්දුවෙන් කඩුලු 5ක් දවා ගනිමින් තුන් ඉරියව්වෙන් ම කැපී පෙනීමට සමත් වුනා. එමෙන්ම කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් රයන් ග්‍රෙගරි කඩුලු 06 දස්කමක් දැක්වීමට සමත් වුනා.
මේ අතර පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ගාල්ල ඇලෝශියස් විද්‍යාලයේ දුල්සත් නිම්විරු සුමංගල පළමු ඉනිමේ දී ලකුණු 08ක් පමණක් ලබා දෙමින් කඩුලු 07ක් බිඳ හෙළීමට සමත් වීමත් විශේෂ සිදුවීමක්.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය
(රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)
- රාජකීය විද්‍යාලය – 188/10 (78.2) විමත් දින්සර 54, මලිත් රත්නායක 5/45 & 143/8 (55) ඉසුල ගීගනගේ 36, මලිත් රත්නායක 2/37
- ත්‍රිත්ව විද්‍යාලය – 305/6d (61.5) දිමන්ත මහවිතාන 119, දිනාල් ප්‍රනාන්දු 68, තෙවිඳු වේවැල්වල 3/42
තරගය ජය පරාජයෙන් තොරයි, ත්‍රිත්ව විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය
(සාන්ත පීතර විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)
- සාන්ත පීතර විද්‍යාලය – 353/d (81) ජේසන් ප්‍රනාන්දු 112, නිශාල් තඹවිට 2/40
- ඩී.එස්.සේනානායක විද්‍යාලය – 247/10 (77.4) ශනල් බිනුශ්ක 67, දහම් නිර්මාල් 47, තරීන් සංඛේත් 3/51 & 117/5 (f/o) (32) මලිත පෙරේරා 42, තරීන් සංඛේත් 2/44
තරගය ජය පැරදුමෙන් තොරයි, සාන්ත පීතර විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය
(සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)
- සාන්ත අන්තෝනි විද්‍යාලය – 250/10 (85.1) චාරුක ඒකනායක 72, කෙවන් රමික 47, යෙනුල දෙව්තුස 5/55, නුශාන් පෙරේරා 3/74
- සාන්ත ජෝසප් විද්‍යාලය – 325/10 (92) යෙනුල දෙව්තුස 71, කෙනත් ලියනගේ 57, අවීශ සමාශ් 56, රයන් ග්‍රෙගරි 6/83
තරගය ජය පැරදුමෙන් තොරයි, කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය
(මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී)
- ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය – 109/10 (51) රිසිනු රූපසිංහ 42, සන්ජු ඩිල්ශාන් 3/33 & 97/5 (34)
- සාන්ත සර්වේශස් විද්‍යාලය – 112/10 (69.3) චමරිඳු නෙත්සර 49, මලිත් ද සිල්වා 4/25
තරගය ජය පැරදුමෙන් තොරයි, මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ කළුතර තිස්ස විද්‍යාලය
(තිස්ස විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)
- තිස්ස විද්‍යාලය – 195/10 (74.1) අජිත ද සිල්වා 62, ශෙහාන් කුමාර 5/32 & 144/8d (34) උමන්ත ආකාශ් 45, ශෙහාන් කුමාර 4/50
- සාන්ත ආනා විද්‍යාලය – 204/10 (50.2) දිනුග අබේසේකර 56, හශේන් සිල්වා 5/35, නඳුන් අසේල ද සිල්වා 3/35 & 136/7 (31.4) චමිත් සසේන්ජන 42*, තාරුක සමින්ජිත් 3/54
කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයට කඩුලු 3ක ජයක්.
පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝශියස් විද්‍යාලය
(බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේ දී)
- ශ්‍රී සුමංගල විද්‍යාලය – 87/10 (36.3) බිහඟ සිල්වා 45, දුල්සත් නිම්විරු 7/8 & 198/10 (47.3) සෙනිර විජේගුණසිංහ 66, තීක්ෂණ තාරුක 4/48, දුල්සත් නිම්විරු 2/80
- සාන්ත ඇලෝශියස් විද්‍යාලය – 135/10 (38.4) විනෝද් දනුශ්ක 60, මෙවිඳු කුමාරසිරි 4/20 & 90/4 (26) විනෝද් දනුශ්ක 45, සදෙව් හෙට්ටිආරච්චි 2/29
තරගය ජය පැරදුමෙන් තොරයි, ගාල්ල සාන්ත ඇලෝශියස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<