සිංහ පිත්තට පන්දුව හරස් කල ජයගත් මිචෙල්

467
Sri Lanka A v Pakistan A 1st youth ODI

සංචාරක දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර අද (09) පී .සරවනමුත්තු පිටියේදී පැවති පළමු නිල නොවන තරුණ  එක්දින තරගය මි‍ෙචල් බූරෙන් ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ  ලකුණු 16ක තියුණු ජයග්‍රහණයක් ලබාගැනීමට දකුණු අප්‍රිකානු තරුණ කණ්ඩායම සමත් විය.

පසුගිය ලිපි: අනාගත පන්දුකරණය පාකිස්තානුවන් අසරණ කරමින් ජයගනී

කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර රිකාඩෝ වැස්කොනලස් හා ජේස් ක්‍රිස්ටින් පළමු කඩුල්ල සඳහා ලකුණු 39 ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. දෙවන කඩුල්ල සදහා ලකුණු 52 ක විශිෂ්ට සබඳතාවයක් ගොඩනැංවීමට රිකාඩෝ සමඟ එක්වූ වෑන් ටොන්ඩර් සමත් විය. රිකාඩෝ 4 පහරවල් 4 ක් සමඟ ලකුණු 33 කට දැවීයන ලදි. දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ටොන්ඩර් 4 පහර 3 ක් සමඟ ලකුණු 37 ක් ලබාගන්නා ලදි.

එක් මොහොතක ලකුණු 131 කට කඩුලු 6 ක් ලෙස දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව දැක්විණි . අනතුරුව 7 වන කඩුල්ල සඳහා මිචෙල් බූරෙන් හා එතන් බො‍ෙසච් ලකුණු 43 ක තවත් හොඳ සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. බූරෙන් ලකුණු 29 කට දැවීයන ලදි. ඔහුගේ ඉණිමට එක් වර්ණවත් 6 පහරක් ඇතුළත් විය. බොසෙච් එක් 6 ක් හා එක් 4 පහරක් සමඟ ලකුණු 23ක් ලබාගන්නා ලදි. ප්‍රවීන් ජයවික්‍රම හා දමිත සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කඩුලු 4 බැගින් දවාලීමට සමත් විය.

දකුණු අප්‍රිකානු 19 න් පහළ කණ්ඩායම – 185-10 (49.3) වෑන් ටොන්ඩර් 37, රිකාඩෝ වැස්කොනලස් 33, මිචෙල් බූරෙන් 29 , ප්‍රවීන් ජයවික්‍රම 4/24, දමිත සිල්වා 4/46

අනතුරුව ලකුණු 186 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලකුණු 43ක සාර්ථක අාරම්භක සබඳතාවයක් ගොඩනංවා ගත් අතර එහිදී පැතුම් නිස්සංක ලකුණු 21 ක් හා විශ්ව චතුරංග ලකුණු 28 ක් ලබාගත් අතර එම ඉණිම දෙකටම 4 පහරවල් 3 බැගින් ඇතුළත් විය. අනතුරුව ලකුණු 108 කට කඩුලු 5 ක් ලෙස ශ්‍රී ලංකා ඉණිම දැක්වෙද්දී පන්දුවාර 26 ක් පමණක් නිමාව තිබුණි. තවත් පන්දුවාර 24 කදී ලකුණු 78 ක් පමණක් ලබාගැනීමට තිබුණද ශ්‍රී ලංකා තරුණයන්ගේ  අපරික්ෂාරී පිතිකරණය හා මිචෙල් ගේ දක්ෂ පන්දුකරණය නිසා දකුණු අප්‍රිකානු කණ්ඩායම අවසන් මොහොතේ දී තියුණු ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය. අවසන් මොහොතේ  විශාද් රන්දික ජයග්‍රහණය කරා කණ්ඩායම මෙහෙයවන ලද අතර අනෙක් අන්තයෙන් සබඳතාවයක් ගොඩනැංවීමට පිතිකරුවෙකු නොමැතිව ගිය නිසා එම උත්සාහය අසාර්ථක විය.

ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම – 169 -10 (43.1) විශාද් රන්දික 34, විශ්ව චතුරංග 28, අශේන් බණ්ඩාර 22, මිචෙල් බූසර් 4/38, විලියම් ඩන්කන් 2/22

අවසානයේ දී නොතිබුණු ජයග්‍රහණයක් ලබාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වූ අතර ලකුණු 16 ක තියුණු ජයග්‍රහණයක් ලබාගනිමින් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායම සමත් විය.

දෙරට අතර දෙවන එක්දින තරඟය ලබන 11 වැනිදා N.C.C පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට