ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග හතරක් ඊයේ (11) දිනයෙන් නිමාවට පත් වුනා.
මෙම තරග හතරම ජය පැරදුමෙන් තොරව නිමා වූ අතර, වර්ෂාව ද තරගවලට යම් බාධාවක් ඇති කළා.
කෙසේ වෙතත් සුපුරුදු පරිදි ම මෙම තරගවල දී ද ක්‍රීඩකයින් විසින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුනා. මේ අතරින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් දිමන්ත මහවිතාන නොදැවුණු ද්විත්ව ශතකයක් (ලකුණු 201ක්) වාර්තා කිරීමට සමත් වූ අතර, පන්දු 270ක් තුළ වාර්තා වූ මෙම ඉනිම සඳහා හතරේ පහර 15ක් සහ හයේ පහර ද්විත්වයක් ඇතුළත් වුනා.
මේ අතර මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් චාරුක ඒකනායක කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කිරීමට සමත් වූ අතර, කොළඹ නාලන්දා විද්‍යාලය නියෝජනය කරන මල්ෂ ප්‍රනාන්දු කඩුලු 05 දස්කමක් සමඟ ඉනිම් දෙකක් තුළ කඩුලු 08ක් දවා ගැනීමට සමත් වීමත් විශේෂත්වයක්.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය
(බෙනඩික්ට් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)
- සාන්ත බෙනඩික්ට් විද්‍යාලය -167/10 (59) මාණික්‍ය දේශප්‍රිය 38, රවීන් කවින්ත 3/14 & 154/3 (52) ටෙහාන් බිටාර් 57, සන්ජු ඩිල්ශාම් 3/37
- සර්වේශස් විද්‍යාලය – 237/10 (65) චමරිඳු නෙත්සර 85, විරාන් චමුදිත 45, මෙවන් දිසානායක 3/83
තරගය ජය පැරදුමෙන් තොරයි, මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය
වේල්ස් කුමර විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)
- වේල්ස් කුමර විද්‍යාලය – 247/10 (84.2) පසන් කුරේ 55, චාරුක ඒකනායක 5/74 & 111/4 (41) සුවහස් ප්‍රනාන්දු 51
- සාන්ත අන්තෝනි විද්‍යාලය – 162/10 (57.4) ජනුක රත්නායක 32, නෙතුල් අනුහස් 4/45
තරගය ජය පැරදුමෙන් තොරයි, මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය
(නාලන්දා විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)
- සාන්ත පීතර විද්‍යාලය – 263/10 (63) ලශ්මික පෙරේරා 76, දිලන දම්සර 55, මල්ෂ ප්‍රනාන්දු 5/68 & 166/5d (48.4) ඇසදිසි ද සිල්වා 60, ජොශුවා සෙබස්තියන් 41, මල්ෂ ප්‍රනාන්දු 3/59
- නාලන්දා විද්‍යාලය – 182/10 (54.1) මනුප මන්මිත 80, තරීන් සංකේත් 3/8, ජොශුවා සෙබස්තියන් 4/48 & 18/1 (4)
තරගය ජය පැරදුමෙන් තොරයි, සාන්ත පීතර විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය
(මහනුවර අස්ගිරි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)
- ත්‍රිත්ව විද්‍යාලය – 400/6d (91.4) දිමන්ත මහන්විතාන 201, වතිල උදාර 85, මලින්ත සිල්වා 3/139
- සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 12/1 (7)
තරගය ජය පැරදුමෙන් තොරයි.
පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<