ජෝෂුවාගේ යළි ආගමනයට ෆ්‍රෑන්ක්ලින්

166

හිටපු ලෝක හෙවිවෙයිට් බොක්සිං ශූර Anthony Joshua (ඇන්තනී ජෝෂුවා) නැවත තරග කිරීමට සූදානම් බව BBCය වාර්තා කරනවා. ඒ Jermaine Franklin (ජර්මේන් ෆ්‍රෑන්ක්ලින්ට) එරෙහිවයි.

තරගය එළඹෙන අප්‍රේල් 01 වැනිදා ලන්ඩනයේ දී පැවැත්වීමට නියමිතයි. 2020 දී Kubrat Pulev (කුබ්රාත් පුලෙව්) පරාජය කිරීමෙන් අනතුරුව 33 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ජෝෂුවා තරග දෙකක් පරාජය වුනා. ඒ ලෝක ශූර Oleksandr Usykට එරෙහිවයි. ඉන් පළමු සටනේ දී ජෝෂුවා හට ලෝක ශූරතාවය අහිමි වුනා.

ඇමරිකානු ජාතික ෆ්‍රෑන්ක්ලින් තරග 22ක දී මෙතෙක් පරාජය වී ඇත්තේ එක් තරගයක් පමණයි. 29 හැවිරිදි ෆ්‍රෑන්ක්ලින් එය පරාජය වුනේ Dillian Whyteට (ඩිලියන් වයිට්) එරෙහිවයි.

තරගයට තම සූදානම ගැන ජෝෂුවා මෙලෙස අදහස් පළකළා.

මානසිකවත් ශාරීරිකවත් මම සූදානම් කියලා දැනෙනවා. පුහුණුකරුවා සතුටු කරන්න මම හොඳ ප්‍රදර්ශනයක් කරන්න ඕන, එයා ඉහළින් හිතන නිසා,” ඔහු BBC වෙත පැවසුවා.

ජෝෂුවා එයාගේ කාලේ පහුකළා. දැන් මගේ කාලය, ලෝකෙ හොල්ලන්න,” ෆ්‍රෑන්ක්ලින් පැවසුවේ එලෙසයි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<