ඉන්දීය ප්‍රබලයින් දෙදෙනෙකු විස්සයි විස්ස හොඳම දසදෙනා ආසන්නයට

95

නවතම අන්තර්ජාතික විස්සයි විස්ස පිතිකරු ශ්‍රේණිගත කිරීම් හී පළමු පිතිකරුවන් දසදෙනා ආසන්නයට පැමිණීමට ඉන්දීය කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයින් දෙදෙනෙක් වන විරාත් කෝලි සහ ශිකර් ධවාන් සමත් වී තිබෙනවා.

ලබන වසර ආරම්භයේ දී ම ශ්‍රී ලංකාව ඉන්දියාවට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර…….

මීට අමතරව ඇෆ්ගනිස්තානයේ ආරම්භක පිතිකරු වන හස්රතුල්ලා සසායි සහ ස්කොට්ලන්ත ක්‍රීඩක ජෝර්ජ් මුන්සේ ද පිතිකරු වර්ගීකර්ණයන්හී ස්ථාන කිහිපයකින් ඉහළට පැමිණ තිබෙන්නේ එම රටවල් නියෝජනය කළ පිතිකරුවෙකු විසින් ශ්‍රේණිගත කිරීම් හි අත්පත්කර ගෙන ඇති ඉහළම දක්ෂතාවන්ට අයිතිවාසිකම් කියමිනි.

දකුණු අප්‍රිකාව සමඟ නිමාව දුටු විස්සයි විස්ස තරගාවලියේ දී නායකත්වීය ඉනිමක් දියත් කරමින් මැනවින් තම පිත්ත හැසිර වූ ඉන්දීය නායක විරාත් කෝලී දෙවන T20 තරගයේ දී නොදැවී ගොඩනැගූ ලකුණු 72ක ඉනිම මෙසේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ස්ථාන කිහිපයකින් ඉදිරියට පැමිණීමට ඔහුට ඉවහල් වී තිබේ.

කෝලි එහි 11 වැනි ස්ථානය දක්වා උසස්වීමක් ලබද්දී, ශිකර් ධාවන් කෝලීට වඩා ස්ථාන දෙකක් පිටුපසින් රැඳෙන්නේ ක්‍රීඩා කළ තරග දෙක තුල දී පිළිවෙළින් ලකුණු 40ක් සහ 36ක් රැස්කරමිනි.

තෙවැනි විස්සයි විස්ස තරගය ජයග්‍රහණය කරමින් තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට කඩුල්ල පිටුපස සිට මෙන්ම ආරම්භක පිතිකරණයෙන් ද තම උපරිමය දායකත්වය ලබා දුන් නායක ක්වින්ටන් ඩි කොක් කණ්ඩායමට අත්‍යාවශ්‍යම මොහොතේ දී වාර්තා කළ විශිෂ්ට අර්ධ ශතකයන් ද්විත්වය ප්‍රේක්ෂකයින්ගේ මෙන්ම බොහෝ විචාරකයින්ගේ ද පැසසුමට භාජනය විය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් වසර දෙකකට අනතුරුව විස්සයි විස්ස පිතිකරු ශ්‍රේණිගත කිරීම් හි 30 වැනි ස්ථානය දක්වා ඉහළට එන්නට ඩි කොක් සමත් වූ අතර පන්දු යැවීමේ අංශයෙන් තම වගකීම අකුරටම ඉටු කළ වමත් දඟපන්දු යවන ක්‍රීඩක තබ්‍රයිස් ශම්සි සහ මද වේගපන්දු යවන ඇන්ඩිලේ ෆෙලුක්වායෝ යන ක්‍රීඩකයින් හට ද පන්දුකරණ වර්ගීකරණය නාමාවලියේ උසස්වීම් හිමිව තිබේ.

ශම්සි හොඳම පන්දු යවන්නන් 20 දෙනා අතරට ඇතුළත් වීමේ වරම් හිමිකර ගනිද්දී ෆෙලුක්වායෝ  එහි හත්වැනි ස්ථානය තමාගේ නමින් වෙන්කරගැනීමට සමත් වී ඇත.

ශ්‍රී ලංකා කාන්තාවන්ට එරෙහිව කැන්ගරු දේශයෙන් ප්‍රබල සංචිත දෙකක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට….

බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම්වල සහභාගිත්වයෙන් ක්‍රියාත්මක වූ තුන්කොන් විස්සයි විස්ස තරගාවලිය ඊයේ (24) නිමාවට පත් වූ අතර පැවති අයහපත් කාලගුණ තත්වය නිසාවෙන් ඇෆ්ගනිස්තානයට සහ බංග්ලාදේශයට සම ශූරතාවන් පිරිනැමීමට තරග සංවිධායක කමිටුව පියවර ගන්නා ලදි.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ පිතිකරණ බලඇණිය ශක්තිමත් කිරීමෙහිලා පුරෝගාමි මෙහෙවරක් ඉටු කරන හස්රතුල්ලා සසායි ලොව හොඳම විස්සයි විස්ස පිතිකරුවන් අතර පස්වැන්නා බවට පත්ව තිබෙන්නේ එවැනි දක්ෂතාවක් දක්වා ඇති පළමු ඇෆ්ගනිස්තාන පිතිකරුවා ලෙස ඉතිහාසගත වෙමිනි.

ඇෆ්ගන් පන්දු බලඝණයෙහි නියමුවා ලෙස කටයුතු කරන රශීඩ් ඛාන් තවදුරටත් ලොව හොඳම T20 පන්දු යවන්නා කිරුළ තමන් සන්තකයේ තබා ගැනීමට සමත්ව ඇති අතර ඔහුගේ සහයක දඟපන්දු යවන්නා ලෙස කටයුතු කරන මුජිබර් රෙහ්මාන් ද ප්‍රථම වතාවට ශ්‍රේණිගත කිරීම්හී හොඳම පන්දු යවන්නන් දසදෙනා අතරට පැමිණ තිබීම ද මෙහි දී සුවිශේෂි වේ.

ශ්‍රී ලංකා කාන්තාවන්ට එරෙහිව කැන්ගරු දේශයෙන් ප්‍රබල සංචිත දෙකක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට……

මෙම තරගාවලි දෙකට අමතරව ක්‍රීඩකයින් වර්ගීකරණය සඳහා සලකා බැලූ අනෙක් තරගාවලිය වන්නේ අයර්ලන්තය කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක වූ තුන්කොන් විස්සයි තරගාවලියයි.

සත්කාරක අයර්ලන්ත කණ්ඩායමට අමතරව නෙදර්ලන්ත සහ ස්කොට්ලන්ත යන කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම තරගාවලියේ පන්දු 56ක් පමණක් වැය කරමින් නොදැවී ලකුණු 126ක ප්‍රවේගකාරි ඉනිමක් දියත් කළ ස්කොට්ලන්ත ක්‍රීඩක මුන්සේ ප්‍රසාද ලකුණු 600ක් ද සමඟින් ශ්‍රේණිගත කිරීම්හී 21 වැනි ස්ථානය දක්වා ඉහළට ගමන් කිරීම ඉන් වඩාත් කැපී පෙනුනි.

ඔහුට අමතරව නෙදර්ලන්ත ක්‍රීඩකයින් දෙදෙනෙකු වන බෙන් කූපර් සහ මැක්ස් ඕ’ඩවුඩ් පිතිකරණ අංශයෙන් විශාල ප්‍රගතියක් පෙන්නුම් කර ඇති අතර අයර්ලන්ත ක්‍රීඩක කෙවින් ඕ’බ්‍රයන් ද ප්‍රසාද ලකුණු 459ක් වාර්තා කරමින් පිතිකරණ  අංශයෙන් ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ළඟා කරගැනීමට සමත් වී තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<