ත්‍රිත්ව සහ පිළියන්දල මැදි විදුහල් ජයග්‍රහණ අතරට

19න් පහළ දෙදින සාම්ප්‍රදායික පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

499
U19 Division 1 Roundup 11th June

වයස අවුරුදු 19න් පහළ දෙදින සාම්ප්‍රදායික පාසල් ක්‍රිකට් තරග දෙකක් සහ තවත් පාසල් මහා තරග කිහිපයක් ඊයේ (11) දිනයේ දී ක්‍රියාත්මක වුනා.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වුනු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනු අතර එහි දී යෂාන් අවිශ්ක (ලකුණු 68*, 3/36), සවිඳු රොද්‍රිගෝ (ලකුණු 56) සහ සංදීෂ් ප්‍රනාන්දු (3/53) පන්දුවෙන් සහ පිතිකරණයෙන් සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් දස්කම් දැක්වූවා.

නාලන්දා විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය අතර පැවැත්වුනු දෙදින තරගයේ දෙවන දිනය තුළ රවීන් ද සිල්වා (5/64 සහ ලකුණු 59) කැපී පෙනෙන දස්කම් දක්වන විට රාජකීය විද්‍යාලයේ සදීෂ රාජපක්ෂ ද කැපී පෙනෙන තුන් ඉරියව් දස්කම් දැක්වූවා.

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ සාන්ත ආනා විද්‍යාලය අතර පැවැත්වෙන ‘38 වැනි ඇතුගල්පුර සටන’ ජය පරාජයෙන් තොරව අවසන් වුනා. තරගය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා. ඒ තරගයේ දී සකිඳු විජේරත්න ලකුණු 79කට කඩුලු 7ක් දවා ගනිමින් තරගය පුරාවට කැපී පෙනෙන දස්කම් දක්වමින් මලියදේව විද්‍යාලය ජයග්‍රහණය අභියසට රැගෙන ගියත් එය සාර්ථක කරගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබුනේ නැහැ.

පිළියන්දල මැදි විදුහල සහ හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය අතර පැවැත්වුනු දෙදින තරගයෙන් ලකුණු 53ක ජයක් හිමි කරගැනීමට පිළියන්දල මැදි විදුහල සමත් වුනා. එහි දී තිනෙත් සාලිංග කඩුලු 11ක් දවා ගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වූවා.

ත්‍රිත්ව විද්‍යාලය සහ සාන්ත අන්තෝනි විද්‍යාල අතර පැවැත්වුනු 40 වැනි එක්දින මහා තරගයෙන් කඩුලු 4ක ජයක් හිමි කරගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් වුනා. අස්ගිරිය ක්‍රීඩාංගණයේ පැවැත්වුනු එම තරගයේ දී විභාවිත් ඇහැලේපොල කඩුලු 4ක් දවා ගන්නා විට රනුද සෝමරත්න නොදැවී ලකුණු 52*ක් රැස් කරගත්තා.

ලකුණු සාරාංශයන්,

නාලන්දා විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය

නාලන්දා විද්‍යාල පළමු ඉනිම – 92 (40): රුසිරු විලෝචන 40, විනුජ රන්පුල් 24, සදීෂ රාජපක්ෂ 6/34, රමිරු පෙරේරා 2/02.

රාජකීය විද්‍යාල පළමු ඉනිම – 162 (50.5): උවිඳු වීරසේකර 86, රමිරු පෙරේරා 27, රවීන් ද සිල්වා 5/64, මිනෝද් කල්දේරා 2/18.

නාලන්දා විද්‍යාල දෙවන ඉනිම – 185/9d (60): රවීන් ද සිල්වා 59, කුශ්මිත් සිල්වා 50, සජිත විතානගේ 21, ගිශාන් බාලසූරිය 5/62, රමිරු පෙරේරා 2/40, සදීෂ රාජපක්ෂ 2/54.

රාජකීය විද්‍යාල දෙවන ඉනිම – 52/3 (13.5): දසිස් මංචනායක 24, දිනෙත් සමරවීර 2/08.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිම – 219/7d (76): සවිඳු රොද්‍රිගෝ 56, සෙනිත් ප්‍රනාන්දු 42, සෙනාෂ් ප්‍රනාන්දු 29, කේසර මධුසංක 22, බිහඟ මෙන්ඩිස් 20, ගුණරත්නම් කැනිස්ටන් 2/41.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම – 164 (81.2): රයන් ප්‍රනාන්දු 40, චාරුක පීරිස් 35, සෙනේෂ් හෙට්ටිආරච්ච් 40, යෂාන් අවිශ්ක 3/36,  සන්දීෂ් ප්‍රනාන්දු 3/53, විරොෂ් විජේසිංහ 2/24. 

සාන්ත සෙබස්තියන් විද්‍යාල දෙවන ඉනිම – 125/2 (27): යෂාන් අවිශ්ක 68*, රයන් දිසානායක 29, චාරුක පීරිස් 1/36, අනීෂ කමලචන්ද්‍ර 1/08.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්.

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ සාන්ත ආනා විද්‍යාලය

සාන්ත ආනා විද්‍යාලය – 98 (58.3): යෂ්මින් ජයසුන්දර 27, යොමේෂ් සුබසිංහ 21, සකිඳු විජේරත්න 4/30, ගයන වීරසිංහ 3/16, තිමිර චන්ද්‍රසේන 2/18 & 93 (62): ආධිත්‍ය නිර්වාන 39, මනාන් මුසම්මිල් 23*, චාරුක හේරත් 3/11, සකිඳු විජේරත්න 3/49, තිමිර චන්ද්‍රසේන 2/10.

මලියදේව විද්‍යාලය – 174/7d (58.4): අමේෂ් තෙන්නකෝන් 77, ජයමින් මුතුකුමාරණ 48, මනාන් මුසම්මිල් 2/45 & 16/3 (3): මනාන් මුසම්මිල් 2/8.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්.

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සහ හොරණ තක්ෂිලා විද්‍යාලය (පාසල් දෙදින මහා තරගය)

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය – 128 (55): සොනත් ඉනුක 32, අශේන් රොද්‍රිගෝ 30, රශාන් නවාංජන 5/20, චිරන්ත දෙව්රුවන් 3/06 සහ 111 (37.1): සෙතික් දිල්මිත් 49, රශාන් නවාංජන 6/37, චිරන්ත දෙව්රුවන් 2/27.

තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය – 66 (36.2): දේශාන් දිල්මිත් 24, තිනෙත් සාලිංග 6/26, අශේන් රොද්‍රිගෝ 2/19 සහ 120 (55.5): රන්දිව් සෙනවිරත්න 41, තිනෙත් සාලිංග 5/32, අශේන් රොද්‍රිගෝ 3/56, හසිත නිරෝෂන් 2/13.

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට ලකුණු 53ක ජයක්.

සාන්ත අන්තෝනි විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය (පාසල් එක්දින මහා තරගය)

සාන්ත අන්තෝනි විද්‍යාලය – 150 (49.3): කවිඳු ශෙහාන් 37, චමිඳු වික්‍රමසිංහ 29, ට්‍රෙවින් මැතිව් 20, විභාවිත් ඇහැලේපොල 4/20.

ත්‍රිත්ව විද්‍යාලය – 151/6 (44.5): රනුද සෝමරත්න 52*, මනුල කුලරත්න 49, අසිත වන්නිනායක 3/27.

ත්‍රිත්ව විද්‍යාලයට කඩුලු 4ක ජයක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<