ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක්

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2022

1384
Sri Lanka fined for slow over-rate

සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වුණු දෙවැනි විස්සයි විස්ස තරගයේ දී නියමිත කාලය තුළ පන්දුවාර යවා අවසන් නොකිරීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තුවෙන් 40%ක දඩ මුදලක් නියම කිරීමට ICCය තීරණය කර තිබෙනවා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත කාලයේ දී පන්දුවාර දෙකක් අඩුවෙන් යවා තිබීම නිසා Emirates ICC Elite තරග තීරක රන්ජන් මඩුගල්ලේ මහතා මෙම දඩය නියම කර තිබෙනවා.

ICC ක්‍රීඩක චර්යා ධර්ම පද්ධතියේ 2.22 කොටසට අදාලව නියමිත කාලයේ දී යවා අවසන් කරන්නට නොහැකි වන එක් පන්දුවාරයක් වෙනුවෙන් 20%ක දඩ මුදලක් එම කණ්ඩායමට නියම වෙනවා.

ශානක විසින් සිය කණ්ඩායමේ වැරැද්ද පිළිගෙන දඬුවම ද භාරගෙන තිබෙන අතර ඒ නිසා මෙම කරුණ සඳහා නිල නඩු විභාගයක් සිදු කෙරෙන්නේ නැහැ.

පිටියේ විනිසුරුවන් වූ කුමාර් ධර්මසේන හා ප්‍රගීත් රඹුක්වැල්ල ද, තෙවැනි හා සිව්වැනි විනිසුරුවන් වූ ලින්ඩන් හැනිබෙල් හා රුචිර පල්ලියගුරුගේ ද මෙම දඬුවම තහවුරු කරනු ලැබුවා.

ICC ඇසුරෙන්

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<