සම්මු අශාන් තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වයි

SLC Major Clubs T20 Tournament 2022

2577
SLC Major Clubs T20 Tournament 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පැවති තරගවල දී SSC කණ්ඩායමේ සම්මු අශාන් තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වමින් දවසේ (10) කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වුනා.

ඔහු CCC කණ්ඩායමට එරෙහිව තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමේ දී පිතිකරුවෙකු ලෙසින් පන්දු 28කට පමණක් මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 41ක් රැස් කරගත්තා. ඊට පෙර ඔහු ප්‍රතිවාදී කණ්ඩායමට එරෙහිව ලකුණු 21කට කඩුලු 4ක් දවා ගැනීමට ද සමත් වුනා.

මේ අතර පැවති තරගවල දී අර්ධ ශතක 3ක් වාර්තා වුනා. Police SC කණ්ඩායමේ නායක ශෂ්‍රීක පුස්සෙගොල්ල පන්දු 40කට මුහුණ දෙමින් හයේ පහර 7ක් සමඟින් Sebastianites C & AC කණ්ඩායමට එරෙහිව ලකුණු 78ක් වාර්තා කරගත්තා. එය ඔහුගේ විස්සයි විස්ස පිටියේ පළමු අර්ධ ශතකයයි.

ඊට අමතරව Tamil Union C & AC කණ්ඩායමේ නායක සදීර සමරවික්‍රම Negombo CC කණ්ඩායමට එරෙහිව පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 52ක් රැස් කරගත් අතර NCC කණ්ඩායමේ 24 හැවිරිදි වමත් පිතිකරු කවීන් බණ්ඩාර Ragama CC කණ්ඩායමට එරෙහිව පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 82ක් වාර්තා කරගත්තා.

පන්දු යැවීමේ දී දවසේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ තරිඳු ජයතිලක. Sabastianites C & AC කණ්ඩායමේ දෙඅතින්ම දඟපන්දු යවන තරිඳු ජයතිලක Police SC කණ්ඩායමට එරෙහිව ලකුණු 18කට කඩුලු 4ක් දවා ගත්තා.

Police SC සහ Sebastianites C & AC අතර තරගය – BRS ක්‍රීඩා පිටියේ දී

Police SC – කඩුලු 9ක් දැවී 148 (20): නදීර බාලසූරිය 33, චතුරංග කුමාර 23, දිල්හාර පොල්ගම්පොළ 22, තරිඳු රත්නායක 4/18, සචිත ජයතිලක 2/22.

Sebastianites C & AC – කඩුලු 3ක් දැවී 150 (17.5): ශශ්‍රීක පුස්සෙගොල්ල 78, සචා ද අල්විස් 41.

Sebastianites C & AC කණ්ඩායමට කඩුලු 7ක ජයග්‍රහණයක්.

Kandy Customs CC සහ Colts CC අතර තරගය – BRC ක්‍රීඩා පිටියේ දී

Kandy Customs CC – සියලු දෙනා දැවී 85 (13.5): සසිත් මනුරංග 33, චමොද් බට්ටගේ 3/12, මොහොමඩ් ශිරාෂ් 2/11, අකිල ධනංජය 2/34, මුදිත ලක්ෂාන් 2/10.

Colts CC – කඩුලු 4ක් දැවී 89 (10.2): සංගීත් කුරේ නොදැවී 39, හෂාන් දුමිඳු නොදැවී 18, තිමිර මල්ශාන් 2/23.

Colts CC කණ්ඩායමට කඩුලු 6ක ජයග්‍රහණයක්.

Chilaw Marians CC සහ BRC අතර තරගය – NCC ක්‍රීඩා පිටියේ දී

Chilaw Marians CC – සියලු දෙනා දැවී 98 (18.2): හරිඳු ජයසේකර 30, කවිඳු දිල්හාර 25, දුවිඳු තිලකරත්න 3/12, මල්ක මධුසංක 2/18.

BRC – කඩුලු 2ක් දැවී 99 (16.1): තිලකරත්න සම්පත් 43, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 27, අවිඳු තීක්ෂණ 2/18.

BRC කණ්ඩායමට කඩුලු 8ක ජයග්‍රහණයක්.

Negombo CC සහ Tamil Union C & AC අතර තරගය – NCC ක්‍රීඩා පිටියේ දී

Negombo CC – කඩුලු 6ක් දැවී 137 (20): ඩිල්ශාන් මුණවීර 42, අමෝද විදානපතිරණ 38, දිලුම් සුධීර 2/24.

Tamil Union C & AC – කඩුලු 4ක් දැවී 142 (17.4): සදීර සමරවික්‍රම නොදැවී 52, සුපුන් කවිඳු 25, රවිඳු ප්‍රනාන්දු නොදැවී 20, ඩිල්ශාන් මුණවීර 2/28.

Tamil Union C & AC කණ්ඩායමට කඩුලු 6ක ජයග්‍රහණයක්.

CCC සහ SSC අතර තරගය – P. Sara Oval ක්‍රීඩා පිටියේ දී

CCC – සියලු දෙනා දැවී 118 (18.3): අශාන් ප්‍රියංජන් 48, නිමේෂ ගුණසිංහ 36, කලණ පෙරේරා 3/17, කේෂාන් විජේරත්න 2/18, සම්මු අශාන් 4/21.

SSC – කඩුලු 2ක් දැවී 122 (16): නිපුන් ධනංජය නොදැවී 44, සම්මු අශාන් නොදැවී 41, ලක්ෂිත මනසිංහ 31.

SSC කණ්ඩායමට කඩුලු 8ක ජයග්‍රහණයක්.

Ragama CC සහ NCC අතර තරගය – P. Sara Oval ක්‍රීඩා පිටියේ දී

Ragama CC – කඩුලු 6ක් දැවී 162 (20): සමින්ද ප්‍රනාන්දු 72, ලහිරු දෙවටගේ 41, ඉෂාන් ජයරත්න නොදැවී 24, සචිඳු කොළඹගේ 3/27.

NCC – කඩුලු 4ක් දැවී 161 (20): ජොහාන් ද සිල්වා 24, කවීන් බණ්ඩාර 82, අහන් වික්‍රමසිංහ නොදැවී 21.

Ragama CC කණ්ඩායමට ලකුණක ජයග්‍රහණයක්.

තරගාවලියේ තවත් තරග 6ක් ජුනි මස 12 වැනිදා පැවැත්වීමට නියමිත අතර දිනෙන් දින උණුසුම් වන තරගාවලියේ තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<