තෙවැනි දිනයේදී ප්‍රබල ඉන්දියානට ශ්‍රී ලංකාව හමුවේ පරාජයට

213
South Asian Aquatic Championship 2016 - Day 4

පසුගිය 18 වනදා ඇරඹි ප්‍රථම දකුණු ආසියානු ජල ක්‍රීඩා තරගාවලිය තෙවන දිනයටත් ඊයේ (21) පැවැත්විය. ඒ කොළඹ සුගතදාස ගෘහස්ථ පිහිණුම් තටාක පරිශ්‍රයේදී. පළමු හා දෙවැනි දිනයන් හී රිලේ පිහිණුම් අංශයෙන් ගිලිහී ගිය තම ආධිපත්‍යය නැවතත් ජල ක්‍රීඩා තරගාවලිය පුරාවට පතුරුවාලන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඊයේ සමත්විය. ප්‍රබල ඉන්දියානු රිලේ කණ්ඩායම පරාජයට පත්කරමින් එම ජයග්‍රහණ ලබා ගැනිමට ශ්‍රි ලංකා ක්‍රීඩකයින් සමත් වීම විශේෂිතවේ.

පසුගිය ලිපි: දෙවන දිනය නිමා වන විට ශ්‍රී ලංකාවට තවත් පදක්කම් 7ක්

කෙසේ වෙතත් තෙවැනි දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් හතරක් දිනා ගනිද්දී ඉන්දියානු කණ්ඩායම කලාපයේ පිහිණුම් ආධිපත්‍ය මැනවින් පෙන්වාලමි තවත් රන් පදක්කම් 24කට හිමිකම් කියන්නට සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් රන් පදක්කම් 04න් 03කටම හිමිකම් කියන්නට සමත්වූයේ පිහිණුම් රිලේ කණ්ඩායමයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරග නියෝජනය කල මැතිව් අබේසිංහ තත්පර 51.06 ක කාලයක් වාර්තා කරමින් නිදහස්-ආර පිහිණුම් ඉසව්වේ රන් පදක්කම දිනා ගනු ලැබීය. ඒ  තෙවන දිනයේ පළමු කොටසේ පැවති වයස අවුරුදු 18න් ඉහළ පිහිණුම් තරගයෙනි. එහි රිදී පදක්කම තත්පර 52.32ක කාලයක් වාර්තා කල ඉන්දියානු ජාතික සාහිල් චොප්‍රා විසින් දිනා ගනු ලැබීය.

තෙවැනි දිනයේදී, තරගාවලියේ තමන් විසින් ලබා ගන්නා පස්වන රන් පදක්කම වාර්තා කිරීමේ අරමුනින් වයස අවුරුදු 18න් පහළ සමනළ-ආර ඉසව්වේ තරගයට ඉදිරිපත් වූ කයිල් අබේසිංහයන්ගේ බලාපොරොත්තු සුන් කර දැමිමට ඉන්දියානු ක්‍රීඩක මිහිර් රාජේන්ද්‍ර සමත් විය. ඒ තත්පර 56.22ක කාලයක් වාර්තා කරමිනි. කයිල් විසින් එම ඉසවවේ රිදී පදක්කම දිනා ගනු ලැබුවේ තත්පර 57.52ක කාලයක් වාර්තා කරමිනි. එම ඉසව්වේ ලෝකඩ පදක්කම  දිනා ගනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රීඩක යූ. ඒ. ගුණරත්න විසිනි. ඒ තත්පර 58.48 ක කාලයක් වාර්තා කරමිනි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින් පැවති නිදහස්-ආර රිලේ තරග ඉසව් 06කින් තරග ත්‍රිත්වයක් පමණක් ජයගැනීමට සමත් විය. වයස අවුරුදු 18න් පහළ හා ඉහළ රිලේ ඉසවු තුළින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එසේ ජයග්‍රහණය කරනු ලැබීය. චෙරන්ත ද සිල්වා, මැතිව් අබේසිංහ, කේ. පී. එස්. බී. සිල්වා හා දිලන් අබේසිංහ වයස අවුරුදු 18න් ඉහළ රන් පදක්කම දිනා ගනු ලැබූ ක්‍රීඩකයින් වේ. ඒ මිනිත්තු 03:30.6ක කාලයක් වාර්තා කරමිනි.

මේ අතර ශ්‍රී ලංකා වයස අවුරුදු 18න් පහළ රිලේ ජල කණ්ඩායම එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් අතර, ඉලන්ක ෂෙහාන්, අකලන්ක පීරිස්, කයිල් අබේසිංහ හා කවින්ද්‍ර නුගවෙල එම කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩකයින් වේ. රන් පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම එම ඉසව්ව මිනිත්තු 03:33.97ක කාලයක් වාර්තා කරන්නට සමත් විය. රිදී පදක්කම දිනා ගත් ඉන්දියානු කණ්ඩායම එම ඉසව්ව නිමා කරනු ලැබුවේ මිනිත්තු 03:39.98ක කාලයක් වාර්තා කරමිනි.

ඉන් අනතුරුව පැවති වයස අවුරුදු 18න් පහළ බාලිකා මීටර 100×4 ජල රිලේ තරගයේ රන් පදක්කම ශ්‍රී ලංකා පිළ විසින් දිනා ගන්නා ලදී. තරගයේ ආරම්භයේ සිටම එහි ජය ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර දෝලනය වන තරගයක් බවට පත් කරගන්නට දෙපිලේම ක්‍රීඩකවන් සමත්විය. නවීශා කරුණානායක, විනෝලි කලුරාච්චි, ශෙහාන්ති ගුණවර්ධන, කිමිකෝ රහීම් රන් පදක්කම් දිනා ගත් කණ්ඩායමේ සාමජිකාවන් වේ. ශ්‍රී ලංකා පිල එම තරගය ජයග්‍රහණය කරනු ලැබුවේ මිනිත්තු 04:04.45ක කාලයක් වාර්තා කරමින් වන අතර එහි රිදී පදක්කම දිනා ගත් ඉන්දියානු ක්‍රීඩකයින් මිනිත්තු 04:06.17ක කාලයක් වාර්තා කරන ලදී.

කෙසේවෙතත් ඉන්දියාව තවමත් පදක්කම් සටහනේ පෙරමුණේ පසුවන්නේ රන් පදක්කම් 90ක්, රිදී පදක්කම් 60ක් සහ ලෝකඩ පදක්කම් 14ක් සමගින් මුලු පදක්කම් 164ක් ලබා ගත් ගනිමිනි. එහි දෙවන ස්ථානයේ රන් පදක්කම් 19ක්, රිදී පදක්කම් 46ක්, ලෝකඩ පදක්කම් 73ක් දිනා ගත් ශ්‍රී ලංකාව පසුවේ. රන් පදක්කම් දෙකක් දිනා ගත් බංගලාදේශය එහි තෙවන ස්ථානයේ රැදී සිටිද්දී, පාකිස්තානය එහි සිව්වන ස්ථානයේ රැදී සිටියි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට