රග්බි ආරම්භ කරන්න රග්බි සම්මේලනයෙන් උපදෙස් මාලාවක්

107

COVID-19 වසංගතය හමුවේ ලොව පුරා සියලු ක්‍රීඩා තරග හා තරගාවලි මේ වන විට තාවකාලිකව කල්දමා ඇත. කෙසේ වෙතත් වයිරසය සාර්ථකව පාලනය කළ රටවල් කීපයක් තම දෛනික ජීවන රටාවට හුරුවෙමින් පවතින අතර ඒ ක්‍රීඩා තරග ද නුදුරේ දී ම නැවත ආරම්භ වනු ඇත. 

එලෙස නැවත ආරම්භ වන රග්බි තරග සඳහා නව නීති රාමුවක් හා තරග සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීමට අවශ්‍ය උපදෙස් සහිත විශේෂ නිවේදනයක් පසුගිය දා ලෝක රග්බි සම්මේලනය විසින් ප්‍රකාශයට පත්කළේය. 

හිටපු රග්බි පුහුණුකරු ජෝර්ජ් සිම්ප්කින් අභාවප්‍රාප්ත වෙයි

ලෝක රග්බි සම්මේලනය විසින් සිය ක්‍රීඩක සුබසාධන වෙබ් අඩවිය හරහා රග්බි ක්‍රියාකාරකම් ආරක්ෂිතව නැවත ආරම්භ කිරීම සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත උපක්‍රම විස්තර කර ඇත. 

ලෝක රග්බි සම්මේලනය විසින් නිකුත් කළ මෙම සවිස්තරාත්මක ලේඛනය මඟින් ක්‍රීඩකයන්ගේ පුහුණුව හා තරග නැවත ආරම්භ කිරීම සඳහා උපදෙස් දක්වා ඇත. 

නිකුත් කළ මෙම උපදෙස් සැකසීම සඳහා වෛද්‍ය නිලධාරීන්, ජාත්‍යන්තර රග්බි ක්‍රීඩකයින් සහ බෝවන රෝග විශේෂඥයින්ගේ පූර්ණ සහයෝගය ලබා ගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසීය.

මෙම උපදෙස් මාලාවේ ප්‍රධාන අරමුණක් ලෙස වෘත්තීය සමිති, සමාජශාලා සහ තරග සඳහා ඔවුන්ගේ බල සීමාවන් තුළ රග්බි ක්‍රියාකාරකම් නැවත ආරම්භ කිරීමේ රාමුවක් සහ ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමට සහාය වීම දක්වා ඇත. 

මෙම උපදෙස්වලට අමතරව COVID-19 වයිරසයට අදාළව එරට රජයේ හෝ පළාත් පාලන ආයතන විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රාදේශීය නීති සහ ප්‍රතිපත්තිවලට වෘත්තීය සමිති සහ තරග හිමිකරුවන් අනුකූල විය යුතුය.

යම් පුද්ගලයෙකුට මෙම වයිරසය වැලඳී ඇත්දැයි පවතින සැකය වළක්වා ගැනීම සඳහා, එන්නතක් ලබා ගන්නා තෙක් සංවෘත දොරවල් පිටුපස එනම් ප්‍රේක්ෂකයන් නොමැතිව තරග පැවැත්විය යුතු යැයි මින් අදහස් කර නැත. එම උපායමාර්ග අදාළ ජාතික රජයේ නියෝග අනුව තීරණය වේ.

ලෝක රග්බි සම්මේලනය විසින් නිකුත් කළ මෙම උපදෙස් වල වැදගත් තොරතුරු අඩංගු මූලික කොටස් දෙකක් ඇත.

පළමු කොටස මඟින් ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, සහාය පුහුණුකරුවන් සහ පරිපාලන කාර්ය මණ්ඩලය ඇතුළු ක්‍රීඩාවට සම්බන්ධ සියලු දෙනාටම ආරක්ෂිත උපදෙස් අඩංගු වී ඇත. 

සමාජ දුරස්ථභාවය සහ සංචාරක සීමාවන් පිළිබඳ ජාතික මාර්ගෝපදේශයන්ට අනුකූලව ජාතික වෘත්තීය සමිතිවලට ඔවුන්ගේ දේශීය සැකසුම සඳහා සුදුසු රග්බි ක්‍රියාකාරකම් වෙත ‍යොමු වීම සඳහා හොඳම ප්‍රායෝගික ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ සකස් කළ හැකි රාමුවක් දෙවන කොටසේ අඩංගු වී ඇත.

නව නායකත්වයක්, වෙනස්ම ගමනක්!

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් යොමු කරන ලද උපදෙස් හි කුඩා කණ්ඩායම් යොදා ගනිමින් කරන පුහුණුව, පූර්ණ කණ්ඩායම සම්බන්ධ නොවන පුහුණුව සහ පූර්ණ කණ්ඩායම සහිත පුහුණුව ලෙස අදියර තුනක් අඩංගු වේ. ඒ අනුව එක් එක් අදියර සඳහා  විශේෂිත කාලසටහන් යොදාගෙන පුහුණුවීම් ආරම්භ කිරීමට ඔවුන් නිර්දේශ කර ඇත. 

දේශීය තරග, විදේශීය සංචාර හා විදෙස් තරගාවලි ලෙස වර්ග කළ රග්බි තරග ලෝක මට්ටමේ වේදිකාවක් තුල නැවත ආරම්භ කිරීම සඳහා වන පරිසරය සහ පහසුකම් සහ ක්‍රීඩාංගණය සකස් කිරීමේ ක්‍රියාවලීන් ද එම උපදෙස් මාලාවේ ලේඛනගත කර ඇත.

වේගයෙන් පැතිරෙන වසංගත තත්ත්වයක් තුළ මෙම උපදෙස් නිරන්තරයෙන් යාවත්කාලීන වන බව ලෝක රග්බි සම්මේලනය අවධාරණය කර ඇත. මෙම උපදෙස් මාලාවේ වැඩිදුර භාෂා අනුවාදයන් ළඟදීම ලබා ගත හැකි බවත් එම සම්මේලනය නිවේදනය කර ඇත.

ලෝක රග්බි සභාපති ශ්‍රීමත් බිල් බියුමන්ට් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණි. 

“අප දන්නා සහ ආදරය කරන ක්‍රීඩාව අප සියල්ලන්ටම මග හැරී ඇත. ක්‍රීඩා කිරීම හෝ පුහුණුව ලබා ගැනීම දුෂ්කර වුවත්, අදාළ රජයන් සහ බලධාරීන්ගේ උපදෙස් පිළිපැදිය යුතුයි. ලෝක රග්බි සම්මේලනය වෘත්තීය සමිති හා ක්‍රීඩකයන් සමඟ පූර්ණ හවුල්කාරිත්වයකින් යුතුව තිරය පිටුපස කාර්යබහුල වී සිටිනවා. ක්‍රීඩාවට සුදුසු හා ආරක්ෂිත වටපිටාවක් නිර්මාණය කිරීම සඳහා සෑම දෙයක්ම නිසි පරිදි සිදු වන බව සහතික කරන්න පුළුවන්.”

“මෙයට හොඳම පුහුණුවීම්, විනිසුරුවන් පුහුණු කිරීම් සහ සම්පත් සහ යෙදුම් ලබා දීම ඇතුළත් වෙනවා. ඇත්ත වශයෙන්ම ක්‍රීඩාව පුහුණුව හා ක්‍රීඩා කිරීම සඳහා නැවත පැමිණීම සඳහා අදියර මාර්ග සිතියමක් අපි නිර්මාණය කරනවා.” 

ලෝක රග්බි ප්‍රධාන වෛද්‍ය නිලධාරි සහ මෙම උපදෙස් මාලාවේ සම කර්තෘ ආචාර්ය Éanna Falvey මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණි. 

“රග්බි සන්දර්භය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුකූල වන උපදෙස් මාලාවක් සකස් කිරීමේ දී අපි වෘත්තීය සමිති, කලාප ක්‍රීඩා ආයතන, තරගාවලි සංවිධායකයන් සහ ක්‍රීඩකයින් සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කරමින් සිටිනවා.”

“මේ උපදෙස් වල ආරම්භක ප්‍රතිචාර අතිශයින්ම ධනාත්මක වුනා. සමාජ දුරස්ථ පියවරයන් ලිහිල් කිරීමේ තත්ත්වය තුළ නැවත ක්‍රීඩා කිරීම සඳහා ගත යුතු පියවර මේ විදිහට නිකුත් කරන්න ලැබීම ලොකු ජයග්‍රහණයක්. ක්‍රීඩාව ආරම්භ කිරීමට ආරක්ෂිත සහ සුදුසු වූ විට අපට ප්‍රමිතිගත ප්‍රවේශයක් තිබීම නිසැකවම විචක්ෂණශීලීයි.” 

හැඟුම්බර සමුගැනීම් මධ්‍යයේ නවසීලන්ත රණශූරයින් ඕස්ට්‍රේලියාවට

මෙම උපදෙස් සැකසීම සඳහා ෆෝල්වි, ආචාර්ය මාටින් රැෆ්ටර් (ලෝක රග්බි සම්මේලනය), ප්‍රව් මැතිමා (වේල්ස් රග්බි සංගමය), මහාචාර්ය මේරි හෝර්ගන් (බෝවන රෝග පිළිබඳ උපදේශක වෛද්‍ය) යන මහත්ම මහත්මීන් සහභාගි විය. ඒ සඳහා ලෝකයේ එක් එක් කලාප වල COVID-19  වයිරසය පැතිරීමට අදාළ දත්තවල ද සහයෝගය ලබාගෙන ඇත. ලෝක රග්බි සම්මේලනයේ සාමාජික ජාතික රග්බි සංගම් 124ක සහයෝගය ද මෙයට හිමිව ඇත. 

COVID-19 වයිරසයෙන් පසු රග්බි ක්‍රීඩාව නැවත ආරම්භ කිරීම සඳහා ලෝක රග්බි සම්මේලනය විසින් නිකුත් කළ සම්පූර්ණ උපදෙස් මාලාව ලබා ගැනීම සඳහා මෙතැනින පිවිසෙන්න. (Attach the pdf here)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<