ත්‍රිත්ව, ද මැසනොඩ් සහ සාන්ත සෙබස්තියන් විද්‍යාල අවසන් පූර්ව වටයට

17න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2023

218
17න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2023

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව සංවිධානය  කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග තුනක් දැනට අවසන් වී තිබෙනවා.

ඒ අනුව මේ වන විට ත්‍රිත්ව විද්‍යාලය, කඳාන ද මැසනොඩ් විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලබාගෙන තිබෙනවා.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය අතර කඳාන ද මැසනොඩ් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු තරගයෙන් ලකුණු 61ක් ජයක් ලබා ගත් ත්‍රිත්ව විද්‍යාලය අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

මේ වයස් කාණ්ඩයේ තරගාවලියේ වත්මන් සම ශූරයින් වන ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් මහේන්ද්‍ර භාරත සහ දිනාල් ප්‍රනාන්දු අර්ධ ශතක ලබාගෙන දස්කම් දක්වන විට, විදුනෙත් ධම්මගේ සහ අම්මාර් මන්සිල් පන්දු යැවීමෙන් දස්කම් දැක්වූවා.

මෙහි දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය සාන්ත පීතර විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවැත්වුණු අතර එහි දී කවීෂ පෙරේරා ලබාගත් අර්ධ ශතකය නිසාවෙන් සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ලකුණු 226ක ඉලක්කයක් දක්වා එන්නට හැකියාව ලැබුණා. ජොෂුවා සෙබස්තියන් කඩුලු 3යි,

සාන්ත පීතර විද්‍යාලය පන්දුවාර 49කුත් පන්දු 4ක් තුල සියල්ලන්ම දැවී ලකුණු 222ක් ලබා ගත් අතර අසදිස ද සිල්වා දවා ගත් කඩුලු 3ට අමතරව පිතිකරණයෙන් ලකුණු 58ක දස්කමක් දක්වමින් සාන්ත පීතර ජය තහවුරු කිරීමට උත්සහ කළ ද එය සාර්ථක වුනේ නැහැ.

මරදාන සාන්ත ජෝසප් විදුහල් පිටියේ දී පැවති කඳාන, ද මැසනොඩ් විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය අතර පැවති තරගාවලියේ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 113ක දැවැන්ත ජයක් හිමිකර ගන්නට ද මැසනොඩ් විද්‍යාලය සමත් වුනා.

එහි දී තරීන් සංකෙත් ලකුණු 69ක් ලබා ගන්නා විට, ජනිත් කරීන්ද්‍ර ලකුණු 53ක් ලබා ගත්තා. විරාන් චමුදිත ලකුණු 23කට කඩුලු 4යි.

ලකුණු 249ක ඉලක්කයක් හඹා ගිය සාන්ත සර්වේසස් ඉනිම ලකුණු 135කට සීමා කරමින් සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට රවිඳු ද සිල්වා ඇතුළු ද මැසනොඩ් ක්‍රීඩකයින් සමත් වුනා. තරගය පුරාවට තුන් ඉරියව් දස්කම් දැක්වූ විරාන් චමුදිත දවා ගත් කඩුලු 4ට අමතරව ලකුණු 69ක් ලබා ගත්තා.

ලකුණු සාරාංශයන්,

  • ත්‍රිත්ව විද්‍යාලය – 238/6 (50): මහේන්ද්‍ර භාරත 72, දිනාල් ප්‍රනාන්දු 55, මොහොමඩ් ආදම් 29, රිසිනු ගිනුක 2/33
  • රාහුල විද්‍යාලය – 177 (43): රිසිනු ගිනුක 70, පවන් පබසර 38, විදුනෙත් ධම්මගේ 2/15, අම්මාර් මන්සිල් 2/31

ප්‍රතිඵලය – ත්‍රිත්ව විද්‍යාලයට ලකුණු 61ක ජයක්

  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 226 (50): කවීෂ පෙරේරා 63, ශෙහාන් ප්‍රනාන්දු 46, ජොෂුවා සෙබස්තියන් 3/44, අසදිස ද සිල්වා 2/8, දිමල්ෂ ජයවර්ධන 2/25.
  • සාන්ත පීතර විද්‍යාලය – 222 (49.4): අසදිස ද සිල්වා 58, හිරුක සිල්වා 29, ජොෂුවා සෙබස්තියන් 25, එනොෂ් පීටර්සන් 23, මලින්ත සිල්වා 2/29, නෙතුජ ප්‍රනාන්දු 2/31

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ලකුණු 4ක ජයක්

  • ද මැසනොඩ් විද්‍යාලය – 248 (50): තරීන් සංකෙත් 69, ජනිත් කරීන්ද්‍ර 53, ශෙවාන් මෙනූශ 36, විරාන් චමුදිත 4/23, රිසිනු කිත්නුක 3/58
  • සාන්ත සර්වේසස් විද්‍යාලය – 135 (32.4): විරාන් චමුදිත 69, රවිඳු සිල්වා 4/05, දිනෝෂ් ජෙලන් 2/21

ද මැසනොඩ් විද්‍යාලයට ලකුණු 113ක ජයක්

මේ තරගාවලියේ තවත් එක් අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක් මේ මස 10 වැනිදා මලියදේව විද්‍යාලය සහ වේල්ස් කුමර විද්‍යාලය අතර කොළඹ, නාලන්දා විදුහල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

2023 වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග පැවැත්වෙන ආකාරය,

  • පළමු අවසන් පූර්ව තරගය – මලියදේව විද්‍යාලය / වේල්ස් කුමර විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය
  • දෙවැනි අවසන් පූර්ව තරගය – ද මැසනොඩ් විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය

තරගාවලියේ උණුසුම සඳහා රැඳෙන්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<