Home Sinhala සුකිතගේ සුපිරි දස්කම් මොරටු මහා විද්‍යාලය ජයග්‍රහණයෙන් සරසයි

සුකිතගේ සුපිරි දස්කම් මොරටු මහා විද්‍යාලය ජයග්‍රහණයෙන් සරසයි

186
30th Limited Overs Encounter

මොරටු මහා විද්‍යාලය නියෝජනය කරන සුකිත දෙව්තිලිණ පෙන්නුම් කළ සුපිරි තුන් ඉරියව් දස්කම් නිසා පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය පරදවා කඩුලු 3ක ජයක් ලබා ගැනීමට අද (30) ඔවුන්ට හැකි වුනා.

ඒ විද්‍යාල දෙක අතර 30 වැනි වාර්ෂික එක්දින ක්‍රිකට් සටන වෙනුවෙන් මොරටුව ද සොයිසා පිටියේ දී පැවති උද්වේගකර තරගය අවසානයේයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී සුමංගල විද්‍යාලය මුලින් පන්දුවට පහර දීමට තීරණය කළත්, එය සිතූ තරම් පහසු වුනේ නැහැ. එහි දී ආරම්භක පිතිකරු දුරංක සිල්වා ලකුණු 3ක් ලබා සිටිය දී ම සුකිත දෙව්තිලිණගේ පළමු ගොදුර බවට පත්වුනා.

එතකින් නොනැවතුනු ඔහු සචිර ඩේමියන් ලකුණු 4කට පිටියෙන් ඉවත් කරන්නේ ශ්‍රී සුමංගල ඉනිම ලකුණු 13ට කඩුලු 2ක් බවට පත් කරමින්.

මැදපෙළ පිතිකරු විශ්ව ලහිරු ලකුණු 11කට සීමා වෙද්දී ආරම්භක පිතිකරු ක්‍රිෂාන් එරංග ලකුණු 17ක් ලබා ගැනීමට පන්දු 64ක් වැය කළා. ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආධාරකරුවන් බලාපොරොත්තු තබා තිබූ කවිඳු ගයාත්‍ර සහ විදූෂ පීරිස් පවා අද දැවී ගියේ ලකුණු 5ක් ලබා ගැනීමටත් පෙරයි. මේ අනුව සුමංගල විද්‍යාලයේ සයවැනි කඩුල්ල බිඳ වැටෙන්නේ යන්තමින් ලකුණු 63ක් ලකුණු පුවරුවට එක් වෙද්දීයි.

Photo Album – Sri Sumangala College vs Moratu Maha Vidyalaya | 30th Limited Overs Encounter

ඛේදවාචකයකින් අවසන් වන්නට තිබූ ඉනිම තරමක් හෝ සිත සනසවන ලකුණක් කරා ගෙන යන්නේ සත්වැනි කඩුල්ලට ලකුණු 50ක සබඳතාවයක් ගොඩ නැගූ සෙනිර ලිත්මින් සහ ඉමල්ක ප්‍රනාන්දුයි. පන්දු 55කට මුහුණ දුන් සෙනිර එක් හතරේ පහරක් සමඟින් ලකුණු 35ක් රැස් කරද්දී, ඉමල්ක පන්දු 72කින් ලකුණු 43ක් ලබා සිටිය දී දුවද්දී දැවී ගියා. ඉමල්කගේ ඉනිමට එක් හයේ පහරක් ඇතුළත් වුනා.

පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන කවිශ්ක ඔෂාන් ලකුණු 32ට කඩුලු 4ක් බිඳ හෙළද්දී, වමතින් වේගපන්දු යවන සුකිත දෙව්තිලිණ පන්දුවාර 10ම ක්‍රියාත්මක කරමින් ප්‍රතිවාදීන්ට ලකුණු 27ක් පමණක් ලබා දුන්නේ ඔවුන්ගේ කඩුලු 3ක් ද දවා ගනිමින්. මේ නිසා පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට පන්දුවාර 46.4ක් අවසානයේ ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 152ක් පමණයි.

පහසු ජයග්‍රහණයක බලාපොරොත්තු දෝතින් දරාගෙන පිළිතුරු ඉනිම ඇරඹූ මොරටු මහා විද්‍යාලයේ මුල්පෙළ කඩා වැටීම නිසා තරගය නැවතත් දෙපිළටම විවෘත වුනා. මොරටු මහා විද්‍යාලයේ පිතිකරණ ලැයිස්තුවේ ඉදිරිපෙළ පිතිකරුවන් සිව් දෙනාම අද ලකුණු 10 පසු කිරීමට පෙරම දවා ගැනීමට විශ්ව ලහිරු ප්‍රමුඛ ශ්‍රී සුමංගල පන්දු යවන්නන් සමත් වුනා.

මේ නිසා මොරටු මහා විද්‍යාලයේ සයවැනි කඩුල්ල දැවී යන විට ඔවුන් සම්පූර්ණ කරගෙන තිබුණේ ලකුණු 73ක් පමණයි. ඒ අතරේ වාර්තා වූ එකම කැපී පෙනෙන ඉනිම වූයේ ශෙහාර සංදේශ් පන්දු 65කින් ලබාගත් ලකුණු 20 පමණයි.

නමුත් ශ්‍රී සුමංගල විද්‍යාලය පැරදවීමට නම් පන්දුවෙන් යුතුකම් ඉටු කිරීම පමණක් ප්‍රමාණවත් නොවෙන බව තේරුම් ගත් පසුපෙළ පිතිකරු සුකිත දෙව්තිලිණ පිත්තෙනුත් ශිල්ප දැක්වීම ආරම්භ කළා.

හශේන් ඉසුරු සමඟින් සත්වැනි කඩුල්ලට ලකුණු 62ක විශිෂ්ට ලකුණු සබඳතාවයකට දායකත්වය දක්වන ඔහු මොරටු මහා විද්‍යාලය වැටුණු වලෙන් ගොඩ ගැනීමට සමත් වුනා. එහි දී පන්දු 101කට සාර්ථකව මුහුණ දුන් සුකිත නොදැවී ලකුණු 45ක් ලබා ගන්නේ තරගයේ වීරයා වීමට සියලු සුදුසුකම් සපුරමින්. කෙසේ නමුත් අනෙක් අන්තයේ සිට හශේන් ඉසුරු ලකුණු 25ක් රැස් නොකරන්නට සුකිතගේ මෙම ව්‍යායාමය අපතේ යන්නටත් ඉඩ තිබුණා.

තරගයේ අවසන් කොටසේ දී හශේන් දැවී ගියත් සුකිත සමඟින් එක්වූ මලිත් රූපසිංහ මොරටු මහා විද්‍යාලය සුරක්ෂිතව ජයග්‍රහණය කරා ගෙන ගියා. ඒ 48 වැනි පන්දුවාරයේ දීයි. පන්දු යැවීමේ දී විශ්ව ලහිරු විශිෂ්ට පන්දු යැවීමක යෙදෙමින් තම පන්දුවාර 10 නිමා කළේ ලකුණු 16ට කඩුලු 3ක් දවා ගනිමින්.

නමුත් පිතිපෙළේ දැවැන්ත කඩා වැටීමකින් පසුවත් ජයග්‍රහණය භුක්ති විඳින්නට සුකිත පෙරටු කොටගත් මොරටු මහා විද්‍යාලයීය ක්‍රීඩකයින් සමත් වුනේ 30 වැනි වාර්ෂික එක්දින සටනේ කුසලානයත් දිනා ගනිමින්.

  • ශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුර – සියල්ලන්ම දැවී ලකුණු 152 (පන්දුවාර 4): ඉමල්ක ප්‍රනාන්දු 43, සෙනිර ලිත්මින් 35, ක්‍රිෂාන් එරංග 17, විශ්ව ලහිරු 11, නේක්ෂ ඉද්දමල්ගොඩ 9*, කවිශ්ක ඔෂාන් 4/32, සුකිත දෙව්තිලිණ 3/27, මහිත් මෙත්දිනු 1/22.
  • මොරටු මහා විද්‍යාලය – කඩුලු 7ක් දැවී ලකුණු 153 (පන්දුවාර 4): සුකිත දෙව්තිලිණ 45*, හශේන් ඉසුරු 25, ශෙහාර සංදේශ් 20, විශ්ව ලහිරු 3/16, දුරංක සිල්වා 2/25, රසික දිල්ශාන් 1/28.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Sri Sumangala College
152/10 (46.4)

Moratu Maha Vidyalaya
153/7 (47.4)

Batsmen R B 4s 6s SR
Krishan Eranga c Vihanga Nimsara b Maheeth Methdinu 17 64 1 0 26.56
Duranka Silva c Hashen Adithya b Sukitha Devthilina 3 8 0 0 37.50
Sachira Demein b Sukitha Devthilina 4 8 1 0 50.00
Vishwa Lahiru c Sukitha Devthilina b Niraj Kavishka 11 19 1 0 57.89
Kavindu Gayathra run out (Vihanga Nimsara) 3 14 0 0 21.43
Vidusha Peiris b Kavishka Oshan 1 6 0 0 16.67
Senira Lithmin c Thushan Nimantha b Kavishka Oshan 35 55 0 0 63.64
Imalka Fernando run out () 43 72 0 0 59.72
Rasika Dilshan lbw b Sukitha Devthilina 1 11 0 0 9.09
Neksha Iddamalgoda not out 9 18 0 0 50.00
Manmitha Dulran c & b Kavishka Oshan 0 5 0 0 0.00


Extras 25 (b 0 , lb 0 , nb 0, w 20, pen 5)
Total 152/10 (46.4 Overs, RR: 3.26)
Bowling O M R W Econ
Malith Nethdinu 9 1 31 0 3.44
Sukitha Devthilina 10 1 27 3 2.70
Kavishka Oshan 8.4 0 32 4 3.81
Isuru Nidakshana 8 2 18 0 2.25
Tharindu Dilshan Appuhami 7 0 22 1 3.14
Thushan Nimantha 4 0 17 0 4.25


Batsmen R B 4s 6s SR
Isuru Nidakshana b Rasika Dilshan 5 6 0 0 83.33
Hashen Adithya lbw b Duranka Silva 6 11 1 0 54.55
Vihanga Nimsara lbw b Vishwa Lahiru 9 17 1 0 52.94
Deneth Sithumina lbw b Vishwa Lahiru 3 11 0 0 27.27
Shehada Nishendra Soysa lbw b Vidusha Peiris 20 65 0 0 30.77
Thushan Nimantha c Duranka Silva b Vishwa Lahiru 4 10 0 0 40.00
Sukitha Devthilina not out 45 101 0 0 44.55
Hashen Adithya lbw b Duranka Silva 25 47 0 0 53.19
Malith Rupasinghe not out 9 19 0 0 47.37


Extras 27 (b 0 , lb 7 , nb 1, w 19, pen 0)
Total 153/7 (47.4 Overs, RR: 3.21)
Bowling O M R W Econ
Manmitha Dulran 3 0 13 0 4.33
Rasika Dilshan 5.4 0 28 1 5.19
Duranka Silva 9 0 25 1 2.78
Vishwa Lahiru 10 0 16 3 1.60
Imalka Fernando 10 1 26 0 2.60
Vidusha Peiris 10 0 31 1 3.10