මැංගුස් සටනේ ජය කළුතර විද්‍යාලයට

252
Tissa Central College vs Kalutara Vidyalaya

කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය සහ කළුතර විද්‍යාලය අතර 13 වැනි වරටත් පැති මැංගුස් සටන වාර්ෂික එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයේ දී කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කළුතර විද්‍යාලය අද (30) සමත් වුනා.

  • තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම: ෂෙරීන් ධනංජය (නායක) අශාන් විශ්ව, මල්ෂ කවිශාන්, නඳුන් අසේල, තෙනුශ්ක නානායක්කාර, හිරුෂ නෙත්සර, ඉෂාර මලිත් (නායක) නවිඳු තරුෂ, මලිඳු ඩිල්ශාන්, අජිත බුද්ධික, උමන්ත ආකාශ්
  • කළුතර විද්‍යාලයීය කණ්ඩායම: දිනුක තිසර (නායක) කෞෂික අත්තනායක (කඩුලු රකින්නා) ලිවිරු ප්‍රනාන්දු, රනුශ් ෂෙනාල්, යුතික සිල්වා, හංසක සිල්වා, තරුක පෙරේරා, චමෝද්‍ය ධනංජය, නිතික ද ෆොන්සේකා, උදාන් තේජක, රාධව ද ෆොන්සේකා

මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් කළුතර විද්‍යාලයට පළමුවෙන් පන්දුවට පහර දීමට ප්‍රතිවාදී තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයන්ට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 200ක් ලබා ගත්තා. එම ඉනිම වෙනුවෙන් නඳුන් අසේල සහ ඉෂාර මලිත් අර්ධ ශතක රැස් කිරීම කැපී පෙනුණා. නඳුන් අසේල පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 54ක් ලබා ගනිද්දී ඉෂාර මලිත් පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 51ක් රැස් කළා.

නඳුන් අසේල තෙවැනි කඩුල්ල වෙනුවෙන් තෙනුශ්ක නානායක්කාර සමඟ එකතු වෙමින් ලකුණු 50ක සබඳතාවක් එක් කිරීමට සමත් වුනා. තෙනුශ්ක නානායක්කාර පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 16ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී  නිතික ද ෆොන්සේකා සහ දිනුක තිසේරා කඩුලු බැගින් දවා ගනිද්දී උදාන් තේජක, තරුක පෙරේරා, යුතික සිල්වා සහ චමෝද් ධනංජය කඩුල්ල බැගින් බෙදා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කළුතර විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය නිමා වීමට තවත් පන්දුවාර 10ක් සහ පන්දු 4ක් ඉතිරිව තිබිය දී කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 204ක් ලබා ගත්තා.

ජයග්‍රාහී එම ඉනිම වෙනුවෙන් යුතික සිල්වා පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 60ක් ලබා ගත්තා. ඔහු හංසක සිල්වා සමඟ 5 වැනි කඩුල්ලට ලකුණු 73ක සබඳතාවක් එක් කිරීමට ද දායක වුනා. හංසක සිල්වා පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්තා.

ඊට අමතර ව රනුශ් ෂෙනාල් පන්දු 51ක් වැය කරමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී තෙනුශ්ක නානායක්කාර ලකුණු 25කට කඩුලු 2ක් දවා ගත් අතර හිරුෂ නෙත්සර සහ රන්දික මිහිරංග කඩුල්ල බැගින් දවා ගත්තා.

  • තිස්ස මධ්‍ය මහා විද්‍යාලය – සියලුම දෙනා දැවී 200 (50) නඳුන් අසේල 54, ඉෂාර මලිත් නොදැවී 51, නිතික ද ෆොන්සේකා 2/26, දිනුක තිසේරා 2/29
  • කළුතර විද්‍යාලය – කඩුලු 7ක් දැවී 204 (39.2) රනුශ් ශෙනාල් 38, යුතික සිල්වා 60, හංසක සිල්වා 23, තෙනුශ්ක නානායක්කාර 2/25

කළුතර විද්‍යාලයට කඩුලු 3ක ජයක්.

  • දක්ෂතම පන්දු රකින්නා – තාරුක පෙරේරා (කළුතර විද්‍යාලය)
  • දක්ෂතම පන්දු යවන්නා – දිනුක තිසේරා (කළුතර විද්‍යාලය)
  • දක්ෂතම පිතිකරු – යුතික සිල්වා (කළුතර විද්‍යාලය)
  • තරගයේ වීරයා – යුතික සිල්වා (කළුතර විද්‍යාලය)

විද්‍යාලාන්තර වාර්ෂික මහා ක්‍රිකට් තරග පිළිබඳ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<