එංගලන්ත වේග පන්දුව තරගයේ ජය සොයා යයි

652
Eng v Sri
Pic caption - දිමුත් කරුනාරත්න දැවි පිටියෙන් ඉවත්වන අවස්ථාව ©AFP

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ලීඩ්ස් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තෙවන දිනය අද (21) ක්‍රියාත්මක විය.

ඊයේ දිනයේ (20) තරඟය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිමට සියලු දෙනා දැවී ලකුණු 91ක් රැස්කර ගන්නා ලදි. අනතුරුව යළිත් තම දෙවන ඉණිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම එක් ලකුණක් ලබා සිටියදී දිනය නිමා විය.

 එංගලන්තයට නතු වූ ශ්‍රී ලංකා පිතිකරණය 

ඉණිමක පරාජයෙන් බේරිම සඳහා අද උදෑසන සිටම ශ්‍රී ලංකා පිතිකරණය වෙහෙස වුවද මෙවර ද පළමු ඉණිමට අත් වූ සෝචනීය ඉරණම මෙම ඉණිමෙන් ද ලැබිණි. යළිත් සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට නොහැකි වූ දිමුත් කරුණාරත්න හා කෞෂාල් සිල්වා ලකුණු 7කට හා ලකුණු 14ක් ලබා සිටියදී දැවී යන ලදි. ලකුණු 35 කට කඩුලු 2 ක් දැවී තිබියදී පිටියේ එක් වූ දිනේෂ් චන්දිමාල් හා නවක ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ලකුණු 44ක සබඳතාවයක් 3 වන කඩුල්ලට ගොඩනැගුවද කණ්ඩායමේ මැද පෙළ යලි අසාර්ථක විය. දිනේෂ් චන්දිමාල් ලකුණු 8, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 5කට හා දසුන් ශානක ලකුණු 4කට දැවී ගිය අතර තරමක් හෝ සාර්ථක වූ නවක ක්‍රීඩක කුසල් මෙන්ඩිස් තම පළමු ඉණිමේ වූ අඩු පාඩු අවම කරගෙන තම මංගල තරගයේ දීම තම මංගල අර්ධ ශතකය වාර්තා කරමින් 4 පහරවල් 8 ක් සමඟ ලකුණු 53 ක් ලබා සිටියදී දැවී යන ලදි.

තරගයේ දී විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර එමනිසා තරඟය සුළු වේලාවක් නවතා යළිත් අරඹන ලදි. රංගන හේරත් ලකුණු 4 කට ද, දුශ්මන්ත චමීර ලකුණු නොලබා ම දැවී යන ලදි. ඉණිමේ 9 වන කඩුල්ල ලෙස ලකුණු 16 ක් ලබා සිටි ළහිරු තිරිමාන්න දැවී ගිය අතර ශ්‍රී ලංකා කණ්ඩායම තම දෙවන ඉණිමට පන්දුවාර 35  පන්දු 3කදී සියලු දෙනා දැවී ලකුණු 119 ක් ලබා ගන්නා ලදි. ඒ අනුව එංගලන්ත කණ්ඩායම තරඟය එක ඉණිමකින් හා ලකුණු 88 ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි කරගත්තේ තරඟය නිමාවට දින දෙකක් ඉතිරිව තිබියදීය. එංගලන්ත පන්දු යවන්නන් ඉතා මැනවින් තම වගකීම ඉටු කරමින්, ජිමී ඇන්ඩර්සන් ලකුණු 29ට කඩුලු  5ක්, ස්ටීවන් ෆින් ලකුණු 26කට කඩුලු 3ක් ද, ස්ටුවර්ට් බොර්ඩ් ලකුණු 57කට එක් කඩුල්ලක් හා මොයින් අලී ලකුණු 2කට එක් කඩුල්ලක ලෙස දවාලීමට සමත් විය. මෙම තරඟයේ දී ජිමී ඇන්ඩර්සන් ලකුණු 45කට කඩුලු 10ක් ලබා ගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.

තරඟයේ වීරයා ලෙස ජොනී බෙයිස්ටොව් සම්මානය දිනාගත් අතර, දෙරට අතර මීළඟ ටෙස්ට් තරඟය මැයි මස 27 සිට 31 දක්වා එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්රීට් හිදී පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සිංහලෙන් – පිවිසෙන්න