13න් පහළ අන්තර් පාසල් අර්ධ අවසන් වටයේ තරග තීන්දුයි

U13 Inter - School Cricket Tournament 2023/24

134
U13 Inter - School Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන 2023/24 වයස අවුරුදු 13න් පහළ අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා පාසල් 16ක් සුදුසුකම් ලබා තිබෙනවා.

මෙහි දී පළමු කොටස (Division 1) යටතේ කණ්ඩායම් අටකුත්, දෙවන කොටස (Division 2) යටතේ කණ්ඩායම් අටකුත් ලෙසයි මෙම කණ්ඩායම් 16 තේරී පත් වී තිබෙන්නේ.

පළමු කොටස:

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය (A), කොළඹ රාජකීය විද්‍යාලය (A), කොළඹ සාන්ත පීතර විද්‍යාලය (A), කොළඹ ඩි.එස්. සේනානායක විද්‍යාලය (A), මහනුවර ධර්මරාජ විද්‍යාලය (A), කඳාන ද මැසනඩ් විද්‍යාලය, කොළඹ කේරී විද්‍යාලය (A), කෝට්ටේ ජනාධිපති විද්‍යාලය (A)

තරග පැවැත්වීමට නියමිත ආකාරය;

  • පළමු අර්ධ අවසන් තරගය – ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය (A) සහ කඳාන ද මැසනඩ් විද්‍යාලය අතර
  • දෙවන අර්ධ අවසන් තරගය – කොළඹ කේරී විද්‍යාලය (A) සහ කොළඹ රාජකීය විද්‍යාලය (A)
  • තෙවන අර්ධ අවසන් තරගය – කෝට්ටේ ජනාධිපති විද්‍යාලය (A) සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය (A)
  • සිව්වැනි අර්ධ අවසන් තරගය – කොළඹ සාන්ත පීතර විද්‍යාලය (A) සහ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය (A) අතර

 

Division 2:

හේනෙගම මධ්‍ය මහා විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය (B), මොරටුව වෙල්ස් කුමර විද්‍යාලය (B), කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය (B), කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය (A), දෙබරවැව ජාතික පාසල, කොළඹ ආනන්ද විද්‍යාලය (B), හලාවත සාන්ත මේරි විද්‍යාලය

තරග පැවැත්වීමට නියමිත ආකාරය;

  • පළමු අර්ධ අවසන් තරගය – හේනෙගම මධ්‍ය විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය (B) අතර
  • දෙවන අර්ධ අවසන් තරගය – මොරටුව වේල්ස් කුමර විද්‍යාලය (B) සහ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය (B) අතර
  • තෙවන අර්ධ අවසන් තරගය – කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය (A) සහ දෙබරවැව ජාතික පාසල අතර
  • සිව්වැනි අර්ධ අවසන් තරගය – කොළඹ ආනන්ද විද්‍යාලය (B) සහ හලාවත සාන්ත මේරි විද්‍යාලය අතර

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<