මැක්ස්වෙල්ගේ ක්‍රිකට් දිවියට විවේකයක්

125

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ග්ලෙන් මැක්ස්වෙල් කෙටි කාලයකට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විවේක ගැන්වීමට තීරණය කර ඇති අතර ඊට හේතුව ලෙස සඳහන් වන්නේ මානසික සෞඛ්ය සම්බන්ධයෙන් ඇතිව තිබෙන දුෂ්කරතා කිහිපයක්ය. 

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මනෝ වෛද්‍ය මයිකල් ලොයිඩ් මහතා මේ පිළිබඳව අද (31) නිල වශයෙන් තහවුරු කළේය.

ඕස්ට්‍රේලියාවේ දී මුල් වරට ශ්‍රී ලංකාව T20 තරගාවලියක් පරාජය වෙයි!

බ්‍රිස්බේන් හි ගැබා ක්‍රීඩාංගණයේ දී පැවති දෙවැනි විස්සයි විස්ස ……..

මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා විස්සයි විස්ස තරගාවලිය සඳහා තරග කරනු ලබන මැක්ස්වෙල්ගේ මෙම හදිසි තීරණය නිසාවෙන් පුරප්පාඩු වන ස්ථානය සඳහා ඩාර්සි ශෝර්ට් කැඳවීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.

“මැක්ස්වෙල් ඔහුගේ මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් යම් ගැටලු කිහිපයකට මුහුණ දීලා තියෙනවා. ඒක නිසා ඔහුගේ ක්‍රිකට් දිවියට පොඩි  විරාමයක් ලබා දෙන්න අපි හිතුවා. මොකද එහෙම කළේ නැතිනම් ඔහුගේ ක්‍රිකට් අනාගතයට ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. ඔහුට මේ ඇතිවෙලා තිබෙන මානසික ගැටලු හඳුනා ගෙන ඔහුව ඒ ඉන්න මට්ටමින් ගොඩට ගන්න අපි අපේ සහය උපරිමයෙන් ඔහුට ලබා දෙනවා.” යැයි  වෛද්‍ය ලොයිඩ් මහතා පැවසීය.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ගේ සහ ඒ කාර්‍ය මණ්ඩලයේ යහපැවැත්මට සඳහා ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දෙන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් විධායක සාමාන්‍යාධිකාරී බෙන් ඔලිවර් මහතා පැවසීය.

ICBT ක්‍රීඩකයෝ Red Bull සටනේ අපරාජිතව පෙරමුණට

2019 Red Bull විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් තරගාවලියේ …….

“අපේ ක්‍රීඩකයන්ගේ සහ කාර්ය මණ්ඩලයේ යහපැවැත්ම අපට ගොඩක් වැදගත්. මැක්ස්වෙල්ට මේ ගැටලුවෙන් මිදෙන්න අවශ්‍ය සහය අපි උපරිම ලෙස ලබා දෙනවා. ඒ සඳහා ජාතික කණ්ඩායමේ උපදේශකවරුන්ට අමතරව ක්‍රිකට් වික්ටෝරියා හි සහායක කාර්ය මණ්ඩලය සමඟ මැක්ස්වෙල් කටයුතු කරන්න ලෑස්ති වෙලා ඉන්නවා.” යැයි ඔලිවර් මහතා පවසන ලදි.

“ඔහු අපිට විශේෂ ක්‍රීඩකයෙක්, ඒ වගේම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පවුලේ වැදගත් කොටසක්. ලබන වසර මුල දී මැක්ස්වෙල් නැවතත් කණ්ඩායම සමඟ එකතු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.” යැයි එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔලිවර් මහතා පැවසීය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<