එංගලන්තය අපරාජිත වෙද්දී දකුණු අප්‍රිකාව ඉන්දියාව පරාජය කරයි

ICC Women's T20 World Cup 2026

5

10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිමා වූ තරගවල දී එංගලන්ත කණ්ඩායම තව දුරටත් තම අපරාජිත බව රැක ගනිද්දී දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමින් පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කරනවා.  

16වැනි තරගය, 2 වැනි කාණ්ඩය, එංගලන්තය සහ ස්කොට්ලන්තය, Leeds හී Headingley ක්‍රීඩාංගණයේ දී. 

කාසියේ වාසිය – ස්කොට්ලන්තය 

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 5ක් දැවී ලකුණු 200ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ස්කොට්ලන්ත ක්‍රීඩිකාවෝ ලබා ගන්නේ කඩුලු 7ක් දැවී ලකුණු 162ක් පමණයි.  

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය බවට පත් වෙන්නේ Sophia Dunkley. ඇය පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තා. ඊට අමතරව Alice Capsey ද පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 36ක දී ලකුණු 51ක සබඳතාවක් එක් කරනවා.  

ඔවුන්ට අමතර ව ඉනිම අවසන් වෙද්දී Freya Kemp පන්දු 16ක දී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණ 39ක් ද සහ Dani Gibson පන්දු 11ක දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 30ක් ද ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට නොදැවී පන්දු 21ක දී එක් කළ ලකුණු සංඛ්‍යාව 61ක්. 

කඩුලු දවා ගැනීමේ දී  Kirstie Gordon ලකුණු 30කට කඩුලු 2ක් දවා ගන්නවා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ස්කොට්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වෙන්නේ Sarah Bryce. ඇය පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා.  

ඊට අමතර ව Darcey Carter පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 29ක් ද සහ Pippa Sproul පන්දු 20ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් ද ලබා ගන්නවා.  

කඩුලු දවා ගැනීමේ දී Sophie Ecclestone ලකුණු 23කට කඩුලු 2ක් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • එංගලන්තකාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 5ක් දැවී 200 (20.0) Sophia Dunkley 57, Alice Capsey 40, Heather Knight 25, Freya Kemp නොදැවී 39, Dani Gibson නොදැවී 30,  Kirstie Gordon 2/30 
  • ස්කොට්ලන්තකාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 162 (20.0) Darcey Carter 29, Katherine Fraser 23, Sarah Bryce 34, Pippa Sproul 27, Kirstie Gordon නොදැවී 23, Sophie Ecclestone 2/23 

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 38ක ජයක්. 

තරගයේ වීරයා – Sophia Dunkley (එංගලන්තය 

තරගාවලියේ 17 වැනි තරගය ලෙසින් පැවැතියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරගයයි.  

18වැනි තරගය, 1 වැනි කාණ්ඩයපාකිස්තානය සහ බංග්ලාදේශය, Manchester හී Old Trafford ක්‍රීඩාංගණයේ දී. 

කාසියේ වාසිය – ඉන්දියාව 

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 7ක් දැවී ලකුණු 158ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකවො කඩුලු 4ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගනිමින් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.  

ජයග්‍රාහී එම ඉනිම වෙනුවෙන් Marizanne Kapp පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 81ක් ලබා ගන්නවා. එය ඇයගේ 123ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ හොඳම ඉනිමයි.  

ඇයට අමතර ව Tazmin Brits පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 40ක් ද සහ Laura Wolvaardt පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී Shree Charani ලකුණු 24කට කඩුලු 3ක් දවා ගන්නවා.  

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ ආරම්භක පිතිකාරිනී Shafali Verma. ඇය පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තා.  

ඊට අමතර ව Deepti Sharma පන්දු 21ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 29ක් ද සහ නායිකා Harmanpreet Kaur පන්දු 22ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් ද ලබා ගත්තා. 

කඩුලු දවා ගැනීමේ දී Marizanne Kapp සහ Shabnim Ismail කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ඉන්දීයකාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 158 (20.0) Shafali Verma 31, Harmanpreet Kaur 24, Deepti Sharma 29, Marizanne Kapp 2/27, Shabnim Ismail 2/28 
  • දකුණු අප්‍රිකානුකාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 4ක් දැවී 161 (19.1) Laura Wolvaardt 20, Tazmin Brits 40, Marizanne Kapp නොදැවී 81, Shree Charani 3/24 

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 6ක ජයක්. 

තරගයේ වීරයා – Marizanne Kapp (දකුණු අප්‍රිකාව) 

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<