වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයේ තරග හෙට (25) සිට ආරම්භ වීමට නියමිත අතර එම වටයට සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ තරග ආරම්භ වෙන්නේ 26 වැනිදා සිටයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි 6 වටයේ තරග කාලසටහන
ජනවාරි 26 වැනිදා
- ස්කොට්ලන්තය සමඟ Kuala Lumpur හී Bayuemas Oval හී දී.
යුරෝපීය කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරියන් ලෙසින් ලෝක කුසලාන වරම් දිනූ ස්කොට්ලන්ත ක්‍රීඩිකාවෝ මෙවර තරගාවලියට එක් වෙන්නේ D කාණ්ඩයෙන්. එලෙස තරගාවලියට එක් වූ ඔවුන් පළමු වටය අවසන් කරන්නේ එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුවේ 3 වැනි ස්ථානයට පත් වෙමිනුයි. ඔවුන් එම වටයේ දී ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය වෙතින් පරාජයට පත් වෙන අතර නේපාලයට එරෙහි ව ජයග්‍රහණය ලබා ගනිමින් මෙම වටයට සුදුසුකම් ලබා ගන්නවා.
Niamh Muir ගේ නායකත්වයෙන් යුත් ස්කොට්ලන්ත කණ්ඩායමේ වඩාත් විශ්වසනීය පිතිකාරිනිය වී සිටින්නේ Pippa Sproul. ඇය මේ දක්වා සහභාගී වූ තරග ත්‍රිත්වයේ දී ලකුණු 81ක් ලබා සිටින අතර එය මෙවර තරගාවලියේ මේ දක්වා පැවැති තරගවල දී පිතිකාරිනියන් අතුරින් 3 වැනි ස්ථානයට හිමි දක්ෂතා දැක්වීමක් වී තිබෙනවා.
පන්දු යැවීමේ දී වඩාත් දක්ෂතා දැක් වූ ක්‍රීඩිකාව බවට පත් වෙන්නේ Maisie Maceira. ඇය මේ දක්වා කඩුලු 7ක් දවා ගනිමින් දක්ෂතා දක්වා තිබෙන අතර ඇය මේ දක්වා පැවැති තරගවල වැඩිම කඩුලුලාභිනියන්ගේ ලැයිස්තුවේ 3 වැනි ස්ථානයට පත් ක්‍රීඩිකාව ද වෙනවා.
ඊට අමතර ව Nayma Sheikh ද ස්කොට්ලන්තය සතු දක්ෂ පන්දු යවන්නියක්. සුපිරි 6 වටයට පිවිසි ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාවට අමතර ව මෙම වටයේ දී ඉන්දියාව සමඟ ද තරග වැදීමට නියමිතයි.
ස්කොට්ලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
Niamh Muir (නායිකාව), Pippa Kelly, Emma Walsingham, Pippa Sproul (කඩුලු රකින්නිය), Nayma Sheikh, Charlotte Nevard, Molly Barbour Smith, Amelie Baldie, Gabriella Fontenla, Maisie Maceira, Kirsty McColl, Mollie Parker, Lucy Forrester Smith, Rosie Speedy, Jenna Stanton.
- ශ්‍රී ලංකාව ඉන්දියාවට පරාජය වෙයි
- ශ්‍රී ලංකා යෞවනියෝ 2 වැනි තරගයත් පහසුවෙන් ම ජය ගනී\
- ශ්‍රී ලංකා යෞවනීයන්ට වාර්තාගත ජයක්
- 19න් පහළ කෙල්ලන්ගේ ලෝක කුසලාන සංග්‍රාමය
- ලෝක ශූරියන් සමඟ තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකාව
ජනවාරි 29 වැනිදා
- ඕස්ට්‍රේලියාව සමඟ Bangi හී YSD-UKM Cricket Oval හී දී.
ගිය වර ලෝක කුසලාන තරගාවලියේ දී අවසන් පූර්ව වටය දක්වා පැමිණි ඕස්ට්‍රේලියාව මෙවර තරගාවලියට එක් වූයේ D කාණ්ඩයෙන්. ඒ ලෙසින් තරගාවලියට එක් වූ ඕස්ට්‍රේලියා කණ්ඩායම පළමු වටය අවසන් කරන්නේ අපරාජිතව පළමු ස්ථානයට පත් වෙමිනුයි. ඔවුන් එහි දී ස්කොට්ලන්තය, බංග්ලාදේශය සහ නේපාලය පරාජය කරනු ලබනවා.
Lucy Hamilton ගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියා කණ්ඩායම සමබර කණ්ඩායමක් ලෙසයි මේ වන විට හැඳින්වෙන්නේ.
තුන් ඉරියව් ක්‍රීඩිකාවන් වන Caoimhe Bray, Eleanor Larosa සහ Hasrat Gill මේ දක්වා නිමා වූ තරගාවලියේ දී කැපී පෙණෙන දක්ෂතා දැක් වූ ඕස්ට්‍රේලියානුවන් වී සිටිනවා. ඊට අමතර ව පිතිකාරිනියන් ලෙසින් Kate Pelle, නායිකා Lucy Hamilton සහ Ines McKeon වඩාත් විශ්වසනීය වී සිටින අතර පන්දු යවන්නන් අතුරින් Juliette Morton සහ Tegan Williamson පෑ දක්ෂතා මතින් විශ්වසනීය වී සිටිනවා.
ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාවෝ සුපිරි 6 වටයේ දී ශ්‍රී ලංකාවට අමතර ව බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ ද තරග වැදීමට නියමිතයි.
ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම
Lucy Hamilton (නායිකාව), Kate Pelle, Ines McKeon, Caoimhe Bray, Eleanor Larosa, Hasrat Gill, Chloe Ainsworth, Ella Briscoe, Grace Lyons (කඩුලු රකින්නිය), Tegan Williamson, Juliette Morton, Lily Bassingthwaighte, Sara Kennedy, Maggie Clark, Amy Hunter.
වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<