වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ක්‍රියාත්මක පළමු වටයේ තම පළමු පරාජයට මුහුණ දීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩිකාවන්ට සිදු වෙනවා. ඒ ගියවර ලෝක කුසලානයේ ජයග්‍රහණය ලබා ගත් ඉන්දියාව හමුවේයි.
Kuala Lumpur හී Bayuemas Oval ක්‍රීඩාංගණයේ දී (23දා) ඉන්දීය කණ්ඩායම සමඟින් පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 9ක් දැවී ලකුණු 118ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 58ක් පමණයි.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම
මනුදි නානායක්කාර (නායිකාව), සංජනා කාවින්දි, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), දැහැමි සනෙත්මා, හිරුණි හංසිකා, රශ්මිකා සෙව්වන්දි, ශෂිනි ගිම්හානි, ලිමංසා තිලකරත්න, ප්‍රමුදි මෙත්සරා, අසෙනි තලගුණේ, චමෝදි ප්‍රබෝධා.
බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම
Niki Prasad (නායිකාව), G Kamalini (කඩුලු රකින්නිය), Gongadi Trisha, Sanika Chalke, Mithila Vinod, Bhavika Ahire, Aayushi Shukla, Joshitha V J, Parunika Sisodia, Shabnam Md Shakil, Vaishnavi Sharma.
ඉන්දීය ඉනිමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 17ක් වෙද්දී දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූව ද 3 වැනි කඩුල්ලේ දී එම රිද්මය මඟ හරවා ගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වුවා.
ඒ අනුව පිටියේ ක්‍රියාත්මක වූ Gongadi Trisha සහ Niki Prasad එක් ව පන්දු 32ක දී ලකුණු 31ක සබඳතාවක් එක් කර ගන්නවා. නායිකාව වු Niki Prasad පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 11ක් ලබා සිටිය දී දැවී යමින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා.
ඉන් අනතුරු ව ඉන්දීය ඉනිමට තවත් ලකුණු 30ක් එක් වෙද්දී Gongadi Trisha ද පිටියෙන් ඉවත් වෙනවා. ඒ වෙද්දී ඇය පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 49ක් ලබා ගත්තා. ඊට අමතර ව Mithila Vinod පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුනු 16ක් සහ Joshitha V J පන්දු 9කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 14ක් ලබා ගන්නවා.
ඉන්දීය ඉනිමේ ක්‍රීඩිකාවෝ 7 දෙනෙක් ම ඉලක්කම් 2 ලකුණු ප්‍රමාණයට මෙපිටින් රඳවා තබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියො සමත් වීම කැපී පෙණුනා. එහි දී ප්‍රමුදි මෙත්සරා, ලිමංසා තිලකරත්න සහ අසෙනි තලගුණේ කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර මනුදි නානායක්කාර, රශ්මිකා සෙව්වන්දි සහ චමෝදි ප්‍රබෝධා කඩුල්ලක් බැගින් දවා ගත්තා.
- කැංගරුවන්ගේ සිංහ දේශ සංචාරය
- ශ්‍රී ලංකා යෞවනියෝ 2 වැනි තරගයත් පහසුවෙන් ම ජය ගනී
- ශ්‍රී ලංකා යෞවනීයන්ට වාර්තාගත ජයක්
- 19න් පහළ කෙල්ලන්ගේ ලෝක කුසලාන සංග්‍රාමය
- ලෝක ශූරියන් සමඟ තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකාව
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ සම්පූර්ණයෙන් ම විනාශ කර දැමීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වුනා. ඔවුන් ඉදිරියේ පළමු Power Play අවස්ථාවේ දී ම සුමුදු නිසංසලා (0), සංජනා කාවින්දි (5), දැහැමි සනෙත්මා (2), හිරුණි හංසිකා (2) සහ මනුදි නානායක්කාර (2) දැවී යනවා. ඒ අනුව එම පන්දුවාර 6 අවසන් වෙන්නේ කඩුලු 5ක් දැවී ලකුණු 26ක් ලෙසයි.
ශ්‍රී ලංකා ඉනිම යම් තරමකින් හො ගලවා ගැනීමේ මෙහෙයුමක නිරත වූයේ රශ්මිකා සෙව්වන්දි පමණයි. ඇය පන්දු 12කට මුහුණ දෙමින් හතරෙ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ලබා ගත්තා.
ඇය එලෙසින් තම ඉනිම අවසන් කර ගනිද්දී ශෂිනි ගිම්හානි (3), ලිමංසා තිලකරත්න (6) සහ අසෙනි තලගුණේ (9) ද තම ඉනිම් අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කර ගත්තා. තරගය අවසන් වෙද්දී ප්‍රමුදි මෙත්සරා පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 7ක් සහ චමෝදි ප්‍රබෝදා පන්දු 8කට මුහුණ දෙමින් ලකුණු 2ක් ද ලබා ගනිමින් පිටියේ නොදැවී රැඳී සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Shabnam Md Shakil, Joshitha V J සහ Parunika Sisodia කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර Vaishnavi Sharma සහ Aayushi Shukla කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ඉන්දියා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – කඩුලු 9ක් දැවී 118 (20.0) Gongadi Trisha 49, Joshitha V J 16, ප්‍රමුදි මෙත්සරා 2/10, ලිමංසා තිලකරත්න 2/14, අසෙනි තලගුණේ 2/24
- ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – කඩුලු 9ක් දැවී 58 (20.0) රශ්මිකා සෙව්වන්දි 15, Shabnam Md Shakil 2/09, Joshitha V J 2/17, Parunika Sisodia 2/07
ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට ලකුණු 60ක ජයක්.
තරගයේ වීරයා – Gongadi Trisha (ඉන්දියාව)
මෙම තරග පරාජයත් සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තමන් සහභාගී වූ A කාණ්ඩයෙන් 2 වැනි ස්ථානය පත් වෙමින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයට සුදුසුකම් ලබා ගත්තා. එම වටයේ තරග මේ මස 25 වැනිදා සිට පැවැත්වීමට නියමිතයි.
වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<