DSI වොලිබෝල් බස්නාහිර පළාතේ තේරීම් තරග අවසන්

601
DSI Volleyball Western Province

DSI සුපර් ස්පෝට් අන්තර් පාසල් වොලිබෝල් තරගාවලියේ බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල තේරීම් තරග පසුගිය දා නිමාවට පත්විය.

කොළඹ දිස්ත්‍රික්කය

වයස අවුරුදු 19න් පහළ

වයස අවුරුදු 19න් පහළ බාලක අවසන් මහා තරගය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයීය කණ්ඩායම සහ කොට්ටාව ධර්මපාල විද්‍යාලයීය කණ්ඩායම සුදුසුකම් ලැබූ අතර එහි දී තරගය ජය ගත් කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයින් ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

වයස අවුරුදු 19න් පහළ බාලිකා අවසන් මහා තරගය සඳහා හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය සහ පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලය සුදුසුකම් ලැබීය. එහි දී අවසන් මහා තරගය ජයග්‍රහණය කරනු ලැබුවේ හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩිකාවන්ය.

සබරගමුව සහ ඌව තේරීම් තරගවල අවසන් ප්‍රතිඵල

DSI සුපර් ස්පෝට් අන්තර් පාසල් වොලිබෝල් තරගාවලියේ සබරගමුව සහ ඌව පළාත්වල සියලුම දිස්ත්‍රික්ක..

වයස අවුරුදු 17න් පහළ

වයස අවුරුදු 17න් පහළ බාලක අංශයේ ශූරතාවය හංවැල්ල අමරජෝති කනිෂ්ඨ විද්‍යාලයත් බාලිකා අංශයේ ශූරතාවය කොළඹ ලුම්බිණි මහා විද්‍යාලයත් දිනා ගැනීමට සමත් විය.

වයස අවුරුදු 15න් පහළ

වයස අවුරුදු 15න් පහළ වයස් කාණ්ඩයේ බාලක ශූරතාවය දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයීය කණ්ඩායමත්, බාලිකා අංශයේ ශූරතාවය දිනා ගැනීමට කගහේන බොරලුගොඩ මහා විද්‍යාලයීය කණ්ඩායමත් සමත් විය.

වයස අවුරුදු 13න් පහළ

තරගාවලියේ වයස අවුරුදු 13න් පහළ බාලක අංශයේ ශූරතාවය තඹුගොඩ කනිෂ්ඨ විද්‍යාලයීය කණ්ඩායම දිනා ගනිද්දී එහි බාලිකා අංශයේ ශූරතාවය දිනා ගනු ලැබුවේ මාලඹේ රාහුල බාලිකා විද්‍යාලයීය කණ්ඩායම විසිනි.

ගම්පහ දිස්ත්‍රික්කය

වයස අවුරුදු 19න් පහළ

වයස අවුරුදු 19න් පහළ බාලක අවසන් මහා තරගයේ දී කඳාන ද මැසිනොද් විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත් කරමින් ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේ සීදූව දවිසමර මහා විද්‍යාලයීය කණ්ඩායම යි.

බාලිකා අංශයේ අවසන් මහා තරගය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයීය කණ්ඩායම සහ කැලණිය ශ්‍රී ධර්මාලෝක මහා විද්‍යාලයීය කණ්ඩායම අතර පැවති අතර එම තරගය ජයග්‍රහණය කළ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයීය කණ්ඩායම ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

වයස අවුරුදු 17න් පහළ

වයස අවුරුදු 17න් පහළ බාලක අංශයේ ශූරතාවය සීදූව දවිසමර මහා විද්‍යාලයත්, බාලිකා අංශයේ ශූරතාවය රදාවාන මහගමසේකර මහා විද්‍යාලයත් දිනා ගැනීමට සමත් විය.

වයස අවුරුදු 15න් පහළ

වයස අවුරුදු 15න් පහළ බාලක අංශයේ ශූරතාවය දෙකටන පද්මාවතී මහා විද්‍යාලය ජයග්‍රහණය කළ අතර එහි බාලිකා අංශයේ ශූරතාවය කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විද්‍යාලය විසින් දිනා ගන්නා ලදි.

වයස අවුරුදු 13න් පහළ

වයස අවුරුදු 13න් පහළ බාලක ශූරතාවය සීදූව දවිසමර මහා විද්‍යාලයීය කණ්ඩායම ජයග්‍රහණය කරද්දී එහි බාලිකා අංශයේ ශූරතාවය දිනා ගනු ලැබුවේ රදාවාන මහගමසේකර මහා විද්‍යාලයීය කණ්ඩායම යි.  

කළුතර දිස්ත්‍රික්කය

වයස අවුරුදු 19න් පහළ

වයස අවුරුදු 19න් පහළ බාලක අවසන් මහා තරගයේ දී හොරණ රාජකීය විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත් කරමින් ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේ හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යාපීඨ කණ්ඩායම යි.

බාලිකා අංශයේ අවසන් මහා තරගය පානදුර අගමැති බාලිකා විද්‍යාලයීය කණ්ඩායම සහ හොරණ ශ්‍රී පාලි මහා විද්‍යාලයීය කණ්ඩායම සමඟ පැවති අතර එම තරගය ජයග්‍රහණය කළ පානදුර අගමැති බාලිකා විද්‍යාලයීය කණ්ඩායම ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

වයස අවුරුදු 17න් පහළ

වයස අවුරුදු 17න් පහළ බාලක අංශයේ ශූරතාවය පොතුපිටිය මහා විද්‍යාලයත්, බාලිකා අංශයේ ශූරතාවය පානදුර අගමැති බාලිකා විද්‍යාලයත් දිනා ගැනීමට සමත් විය.

වයස අවුරුදු 15න් පහළ

වයස අවුරුදු 15න් පහළ බාලක අංශයේ ශූරතාවය හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යාපීඨය විසින් දිනා ගත් අතර එහි බාලිකා අංශයේ ශූරතාවය දිනා ගනු ලැබුවේ අගුරුවාතොට රෙමුණ මහා විද්‍යාලයයි.  

වයස අවුරුදු 13න් පහළ

වයස අවුරුදු 13න් පහළ බාලක ශූරතාවය හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යාපීඨ කණ්ඩායම ජයග්‍රහණය කරද්දී එහි බාලිකා අංශයේ ශූරතාවය දිනා ගනු ලැබුවේ අගුරුවාතොට රෙමුණ මහා විද්‍යාලයීය කණ්ඩායමයි.  

තරග ප්‍රතිඵල

කොළඹ දිස්ත්‍රික්කය

වයස අවුරුදු 19 න් පහළ

බාලක:

  • ශූරතාවය – රාජකීය විද්‍යාලය, කොළඹ 07
  • අනුශූරතාවය – ධර්මපාල විද්‍යාලය, කොට්ටාව

බාලිකා:

  • ශූරතාවය – රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය, හංවැල්ල
  • අනුශූරතාවය – සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලය, පාදුක්ක

වයස අවුරුදු 17න් පහළ

බාලක:

  • ශූරතාවය – අමරජෝති කණිෂ්ට විද්‍යාලය, හංවැල්ල
  • අනුශූරතාවය – රාජකීය විද්‍යාලය, කොළඹ 07

බාලිකා:

  • ශූරතාවය – ලුම්බිණි මහා විද්‍යාලය, කොළඹ 05
  • අනුශූරතාවය – ආනන්ද බාලිකා මහා විද්‍යාලය, කොළඹ 10

වයස අවුරුදු 15න් පහළ

බාලක:

  • ශූරතාවය – රාජකීය විද්‍යාලය, කොළඹ 07
  • අනුශූරතාවය – රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය, හංවැල්ල

බාලිකා:

  • ශූරතාවය – කගහේන බොරලුගොඩ මහා විද්‍යාලය
  • අනුශූරතාවය – ධර්මසේන ආටිගල කනිෂ්ඨ විද්‍යාලය, කැස්බෑව

වයස අවුරුදු 13න් පහළ

බාලක:

  • ශූරතාවය – තඹුගොඩ කනිෂ්ඨ විද්‍යාලය
  • අනුශූරතාවය – ඩී. එස්. සේනානායක විද්‍යාලය, කොළඹ 07

බාලිකා:

  • ශූරතාවය – මාලබේ රාහුල බාලිකා විද්‍යාලය
  • අනුශූරතාවය – ධර්මසේන ආටිගල කනිෂ්ඨ විද්‍යාලය, කැස්බෑව

ගම්පහ දිස්ත්‍රික්කය

වයස අවුරුදු 19න් පහළ

බාලක:

  • ශූරතාවය – දවිසමර මහා විද්‍යාලය, සීදූව
  • අනුශූරතාවය – ද මැසිනොද් විද්‍යාලය, කඳාන

බාලිකා:

  • ශූරතාවය – ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය
  • අනුශූරතාවය – ශ්‍රී ධර්මාලෝක මහා විද්‍යාලය, කැලණිය

වයස අවුරුදු 17න් පහළ

බාලක:

  • ශූරතාවය – දවිසමර මහා විද්‍යාලය, සීදූව
  • අනුශූරතාවය – ද මැසිනොද් විද්‍යාලය, කඳාන

බාලිකා:

  • ශූරතාවය – මහගමසේකර මහා විද්‍යාලය, රදාවාන
  • අනුශූරතාවය – ශ්‍රී ධර්මාලෝක මහා විද්‍යාලය, කැලණිය

වයස අවුරුදු 15න් පහළ

බාලක:

  • ශූරතාවය – පද්මාවතී මහා විද්‍යාලය, දෙකටන
  • අනුශූරතාවය – තුරුවන්මුල්ල මහා මහා විද්‍යාලය, වතුරගම

බාලිකා:

  • ශූරතාවය – සංඝමිත්ත බාලිකා විද්‍යාලය, කිරිඳිවැල
  • අනුශූරතාවය – ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය

වයස අවුරුදු 13න් පහළ

බාලක:

  • ශූරතාවය – දවිසමර මහා විද්‍යාලය, සීදූව
  • අනුශූරතාවය – පද්මාවතී මහා විද්‍යාලය, දෙකටන

බාලිකා:

  • ශූරතාවය – මහගමසේකර මහා විද්‍යාලය, රදාවාන
  • අනුශූරතාවය – සංඝමිත්ත බාලිකා විද්‍යාලය, කිරිඳිවැල

කළුතර දිස්ත්‍රික්කය

වයස අවුරුදු 19න් පහළ

බාලක:

  • ශූරතාවය – විද්‍යාරත්න විශ්ව විද්‍යාපීඨය, හොරණ
  • අනුශූරතාවය – රාජකීය විද්‍යාලය, හොරණ

බාලිකා:

  • ශූරතාවය – අගමැති බාලිකා විද්‍යාලය, පානදුර
  • අනුශූරතාවය – ශ්‍රී පාලි මහා විද්‍යාලය, හොරණ

වයස අවුරුදු 17න් පහළ

බාලක:

  • ශූරතාවය – පොතුපිටිය මහා විද්‍යාලය, වාද්දුව
  • අනුශූරතාවය – විද්‍යාරත්න විශ්ව විද්‍යාපීඨය, හොරණ

බාලිකා:

  • ශූරතාවය – අගමැති බාලිකා විද්‍යාලය, පානදුර
  • අනුශූරතාවය – ශ්‍රී පාලි මහා විද්‍යාලය, හොරණ

වයස අවුරුදු 15න් පහළ

බාලක:

  • ශූරතාවය – විද්‍යාරත්න විශ්ව විද්‍යාපීඨය, හොරණ
  • අනුශූරතාවය – දේවරක්ෂිත මහා විද්‍යාලය, ,මිල්ලනිය

බාලිකා:

  • ශූරතාවය – රෙමුණ මහා විද්‍යාලය, අගුරුවාතොට
  • අනුශූරතාවය – වරකාගොඩ මහා විද්‍යාලය, නෑබඩ

වයස අවුරුදු 13න් පහළ

බාලක:

  • ශූරතාවය – විද්‍යාරත්න විශ්ව විද්‍යාපීඨය, හොරණ
  • අනුශූරතාවය – ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය, ඉංගිරිය

බාලිකා:

  • ශූරතාවය – රෙමුණ මහා විද්‍යාලය, අගුරුවාතොට
  • අනුශූරතාවය – වරකාගොඩ මහා විද්‍යාලය, නෑබඩ

  තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට