Rohit Sharmaට දඩ

181

Delhi Capitals සමඟ පැවති තරගයේ පැවති අඩු පන්දුවාර වේගය නිසාවෙන් Mumbai Indians නායක Rohit Sharma හට ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩයක් නියම කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

මෙම තරග වාරයේ දී එම වරද සිදු වූ පළමු අවස්ථාව මෙය වන අතර තරගයේ කඩුලු 6ක පරාජයක් ලබා ගන්නට ද Mumbai Indians ක්‍රීඩකයන්ට සිදු වුනා.

IPL තරගාවලියේ නීතිවලට අනුව අඩුපන්දුවාර වේගයක් පවත්වා ගන්නා පළමු අවස්ථාවේ දී කණ්ඩායම් නායකයාට පමණක් ඉන්දීය රු. ලක්ෂ 12ක දඩයක් නියම වන අතර එම තරගවාරයේ දී ම නැවත වතාවක් එය සිදුවුවහොත් නායකයාට ලක්ෂ 24ක දඩයක් සහ අනෙකුත් ක්‍රීඩකයන්ට තරග ගාස්තුවෙන් 25%ක් හෝ ලක්ෂ 6ක දඩයකට යටත් වීමට සිදු වේ.

තවත් ක්‍රිකට් පුවත්:

එමෙන්ම එම වරද තෙවැනි වතාවටත් සිදුවුවහොත් කණ්ඩායම් නායකයාට රුපියල් ලක්ෂ 30ක දඩයකට සහ එක් තරග තහනමකට යටත් වීමට සිදු වන අතර කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන්ට ලක්ෂ 12ක හෝ තරග ගාස්තුවෙන් 50%ක දඩ මුදලක් ගෙවීමට සිදු වේ.

මෙවර තරගාවලියේ Mumbai Indians ක්‍රීඩකයන් සහභාගී වූ තරග 4න් ජය ගැනීමට සමත්ව ඇත්තේ තරග දෙකක් පමණක් වන අතර ඔවුන් සහභාගී වන මීළඟ තරගය හෙට (23) Punjab Kings සමඟ පැවැත්වීමට නියමිතව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<