“අපේ ක්‍රිකට් වඩාත් ශක්තිමත්ව නැවත පැමිණේවි”

128

ලොව පුරා පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19 වසංගතය නිසා මෙරට මෙන්ම ලොව පුරා ක්‍රිකට් හා අනෙකුත් ක්‍රීඩා තරග සියල්ලක්ම පාහේ අවලංගු වී ඇත. මෙම උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් අදහස් පලකිරීමට එක්ව සිටියා. 

ඔහු විශ්වාස කරන්නේ කොරෝනා වසංගතයෙන් පසු ක්‍රිකට් ක්‍රීඩාව වඩාත් ශක්තිමත්ව ඉදිරියට පැමිණෙනු ඇති බවයි.

අවිශ්කගේ 22 වන උපන් දිනයට අමතක නොවන තෑග්ගක්

COVID-19 වෛරසය නිසාවෙන් දිවයින පුරා උද්ගතව තිබෙන තත්වය සහ සිය 22 වැනි උපන් ……..

ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකය විසින් පවත්වන ලද විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී මිකී ආතර් කොරෝනා වසංගතය හා වර්තමාන තත්ත්වය පිළිබඳව තම අදහස් බෙදාහදා ගත්තේය.

ඒ අතර මේ හුදකලා තත්ත්වය තුල ක්‍රීඩකයන්ට ඔහු ලබා දී ඇති උපදෙස් හා විශේෂ පුහුණු වැඩසටහන් මෙන්ම නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය පිළිබඳව ද ඔහු අදහස් දක්වා සිටියා. 

එම සම්මුඛ පරීක්ෂණයේ පළවූ වැදගත් උපුටා ගැනීම් කිපයක් පහත දැක්වේ. 

ප්‍රශ්නය: COVID -19 වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම නතර වෙලා තියනවා. සෙසු ලෝකය මෙන්ම, ඒ පිළිබඳ ඔබේ සිතුවිලි මොන වගේ ද? 

ඇත්ත වශයෙන්ම එය ඉතා අවාසනාවන්ත තත්වයක්. මේ වන විට ලෝකය මුළුමනින්ම වසා දමා තියෙන්නේ. සියලුම ක්‍රීඩා තරග සහ බොහෝ ව්‍යාපාර ඇනහිට තිබෙනවා. මෙම අවාසනාවන්ත කාලය තුළ සාමාන්‍ය ජනතාවගේ දුක්ඛිත තත්වය පිළිබඳව සොයාබැලීම වැදගත් යැයි මම හිතනවා. 

මෙම වසංගතයෙන් පීඩාවට පත් සියලු ජනතාව සහ පවුල් වෙත මගේ කනගාටුව පලකරනවා. ක්‍රිකට් ක්‍රීඩාව බොහෝ ක්‍රීඩාවන් මෙන්ම විරාම අවධියක පවතින්නේ. මම හිතනවා ක්‍රිකට් ක්‍රීඩාව වඩාත් ප්‍රබලව මතුවේවි කියලා මේ තත්ත්වයෙන් පස්සේ. 

ප්‍රශ්නය: ක්‍රීඩකයින් සම්පූර්ණයෙන් ගෘහස්ථව තමයි මේ වන විට කාලය ගත කරන්නේ. ඔවුන් පිටියෙන් බැහැරව සිටින මෙම කාලය තුල ඔබ සහ ඔබේ පුහුණු කණ්ඩායම කටයුතු කරන්නේ කොහොමද? 

අපි මෙම කාලය භාවිතා කරන්නේ අපගේ ධූර කාලයෙහි පළමු මාස 3 ගැන නැවත සලකා බලන්න වගේම කණ්ඩායමේ හා එක් එක් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් වගේම වසර අවසානයේදී  අපට තියන වැදගත් තරග පිළිබඳව සැලසුම් සකස් කරන්න. 

අපි ගොඩක් සතුටු වෙනවා මේ කාලය තුල ක්‍රීඩකයන් ලබා ගත් දියුණුව ගැන. සියලු ආකෘති තුල ක්‍රීඩකයන් හැඩගැහුනු ආකාරය, නිවැරදිව වැඩ කල ආකාරය, එක් එක් ඉලක්ක සපුරා ගන්න සූදානම් වුන ආකාරය පිළිබඳව අපි සතුටු වෙනවා. 

ප්‍රශ්නය: ක්‍රීඩකයන් නිසි සෞඛ්‍ය තත්වයේ තබා ගැනීමට, ඔවුන් ක්‍රීඩාවට සූදානම් කිරීම සහ මානසිකව සූදානම් කිරීම සම්බන්ධයෙන් ඔබ දැනටමත් ක්‍රීඩකයන්ට ලබා දී ඇති සැලසුම් මොනවා ද?

ක්‍රීඩකයින් සියල්ලන්ටම ඔවුන්ගේ යෝග්‍යතා මට්ටම් පවත්වා ගැනීමට වෙනම යෝග්‍යතා සැලසුම් තියනවා. මෙම සැලසුම් සකස් කර ඇත්තේ අපේක්ෂිත යෝග්‍යතා මට්ටම් පවත්වා ගැනීම සඳහා සෑම ක්‍රීඩකයෙකුටම නිවසේ දී ඔහු සතුව ඇති පහසුකම්වලට අනුව. 

අපගේ පුහුණුකරුවන් වන දිල්ෂාන් ෆොන්සේකා සහ පෝල් කුරී එක් එක් ක්‍රීඩකයා සමඟ වැඩසටහන් සකස් කිරීමේ දී ඉතා ක්‍රියාශීලීව කටයුතු කළා. මම සෑම ක්‍රීඩකයෙකුටම සිදු කළ යුතු ව්‍යායාම ලබා දී තියනවා. ක්‍රීඩකයන් ඒ උපදෙස් පිළිපදිමින් ඔවුන්ගේ ක්‍රීඩාවේ ශක්තීන් හා දුර්වලතා මා සමඟ බෙදා ගන්නවා. 

ඒ දුර්වලතා හා ශක්තීන් මානසික, ශාරීරික හා තාක්ෂණික කියන සියලු වර්ගවලට අයත්. මෙය එක් එක් ක්‍රීඩකයා සඳහා අප විසින් ගොඩනගා ඇති ක්‍රීඩක සැලසුම්වලට එක් කරන්න පුහුණුකරුවන් ලෙස අපට ඉඩ ලබා දෙනවා. 

මාස්ටර් බ්ලාස්ටර්ත් COVID-19ට එරෙහිව සවියක් වෙයි

COVID-19 වෛරසය නිසාවෙන් දිවයින පුරා උද්ගතව තිබෙන තත්වය සැලකිල්ලට ගනිමින් ……….

ප්‍රශ්නය: ඔබ ක්‍රීඩකයන් අධීක්ෂණය කරන්නේ, ඔවුන්ට නැවත උපදෙස් ලබා දෙන්නේ සහ ප්‍රගතිය තක්සේරු කරන්නේ කෙසේ ද?

අධීක්ෂණ ක්‍රියාවලිය ඉතා සරල එකක්. මම එක් එක් ක්‍රීඩකයා සමඟ තනි තනිව සන්නිවේදනය කරනවා. 

ප්‍රශ්නය: ඔබේ පුහුණුව යටතේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව එක්දින තරගාවලිය (3 – 0) ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා. එමඟින් අපි නිවැරදි දිශාවට ගමන් කරන බවට සංඥාවක් ලබා දුන්නා. ඒ ජයග්‍රහණය පිළිබඳ ඔබේ අදහස? 

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි තරග 3කින් යුත් එක්දින තරගාවලියේ ප්‍රතිඵල ගැන මම ඇත්තටම සතුටු වෙනවා. ක්‍රීඩකයන්ට ඔවුන්ගේ සූදානම සඳහා ඔවුන් දැරූ සියලු වෙහෙසට ප්‍රතිලාභ ලැබුණා. 

මගේ සිත් ඇදගන්නා සුළු කරුණ නම්, ක්‍රීඩකයන් ඔවුන්ට ක්‍රීඩා කිරීමට අවශ්‍ය ක්‍රීඩා රටාව හඳුනා ගෙන ක්‍රීඩා කිරීම. එය ඉතා හොඳයි. එය ඔප්පු කළා, සැලසුම් කිරීමෙන්, භූමිකාව පැහැදිලි කිරීමෙන් සහ විශ්වාසයෙන් ලබා ගත හැකි දේ. 

ප්‍රශ්නය: බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි එක්දින ජයග්‍රහණයත් සමඟ කණ්ඩායම එංගලන්ත ටෙස්ට් තරගාවලිය පිළිබඳව බලාපොරොත්තු තියාගෙන හිටියේ. කණ්ඩායම ඉදිරියට යාම ගැන සලකා බැලීමේ දී එම තරගමාලාව ක්‍රීඩා නොකිරීම කොහොම බලපෑමක් කරාවි ද? 

එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගමාලාව ක්‍රීඩා නොකිරීම ඇත්තෙන්ම කනගාටුවට කරුණක්. අපගේ සිම්බාබ්වේ සංචාරයේ දී අපගේ ටෙස්ට් කණ්ඩායම වර්ධනය වී ඇති බව මට හිතුණා. ඒ සංචාරය ඉතා අසීරු වූනා. අපට තරගාවලිය ජයග්‍රහණය කිරීම සඳහා ඉතා විනයගරුකව ක්‍රීඩා කිරීමට සිදු වුනා ඒ තත්ත්වයන් එක්ක. සියලුම කණ්ඩායම්වලට එරෙහිව සාර්ථක වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අප විසින් සැලසුම් සකස් කරලා තියනවා. 

අපි නැවත ක්‍රිකට් ආරම්භ කරන විට අප ගොඩනගා ගත් වේගය අපගේ ටෙස්ට් කණ්ඩායමෙන් නැති නොවනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. අපට යථාර්ථවාදී ඉලක්ක කිහිපයක් තිබෙනවා. අපගේ ටෙස්ට් කණ්ඩායම සමඟ අනාගතයේ දී දේශීය හා විදේශීය වශයෙන් සාර්ථක වීමට ක්‍රීඩකයන් සහ ක්‍රීඩා සැලසුම් අප සතුව තියනවා කියලා අපි විශ්වාස කරනවා.

ප්‍රශ්නය: මෙම හුදකලා කාලපරිච්ඡේදය ඔබට සහ පුහුණු කණ්ඩායමට ක්‍රීඩකයින් පිළිබඳ විශ්ලේෂණය කිරීමෙන් ඔවුන්ව ඉදිරි සංචාර ආදිය සඳහා තවදුරටත් වැඩි දියුණු කිරීමට කාලය ලබා දෙනවා ද? 

අප විසින් සකසා ඇති ක්‍රීඩක සැලසුම්, භූමිකාවන් සහ අරමුණු පිළිබඳව හොඳින් තවදුරටත් අධ්‍යනය කිරීමට මෙම හුදකලා කාල පරිච්ඡේදය අපි යොදා ගන්නවා. අපි ලොව පුරා ප්‍රවණතා පිළිබඳව සොයා බලමින් සිටිනවා. 

ඉදිරි වසර තුළ අපිට එරෙහිව ක්‍රීඩා කිරීමට යන සියලු ප්‍රතිවාදීන් අපි විශ්ලේෂණය කරනවා. කණ්ඩායමක් වශයෙන් අපට අවශ්‍ය වන්නේ අනෙක් අයට වඩා  ඉදිරියෙන් සිටීමට සහ ලොව පුරා පුහුණු ප්‍රවණතා අනුව අනුගමනය කරමින් නැඟී සිටිමටයි!

“IPL තරගාවලියේ ආරම්භය පිළිබඳ කියන්නට ඔවුන් කල් ගන්නවා” – පැට් කමින්ස්

ඕස්ට්‍රේලියානු ප්‍රබල වේගපන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් පවසා සිටින්නේ මේ මාසයේ දී සැලසුම් කළ ………

ප්‍රශ්නය: බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි විස්සයි විස්ස තරගාවලිය අපට අහිමි වුනා. අපගේ විස්සයි විස්ස කණ්ඩායමේ අනාගතය පිළිබඳ ඔබේ තක්සේරුව කුමක්ද?

අපේ විස්සයි විස්ස කණ්ඩායම තවත් ඔප්නැංවීමට අවශ්‍යයි. අපට වඩා වැඩි බලයක් ඇති ඉතා ශක්තිමත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව අපි හැකි උපරිමය කළා. 

මම මීට පෙර පාකිස්තාන විස්සයි විස්ස කණ්ඩායම සමඟ මෙවැනි කාලයකට මුහුණ දුන්නා. ඒ නිසා මම අවශ්‍ය දේ දන්නවා. වඩාත්ම වැදගත් දෙය නම් ඔබ සතුව ඇති සම්පත් මත පදනම්ව ජයග්‍රහණය කිරීම සඳහා ක්‍රමවේදයක් ගොඩනඟා ගැනීම සහ ක්‍රීඩකයන්ට කිසිදු බාධාවක් නොමැති බව පැහැදිලි කරන්න වග බලා ගැනීමයි. එම ක්‍රමය අපගේ ශක්තීන් මත පමණක් පදනම් වන බව ඔවුන්ට පැහැදිලි කළ යුතුයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<