දුකට පත් ජනතාවට වනිඳු, අකිල, මලින්ද සහ ශානකගෙන් සහනයක්

150

COVID-19 වයිරසය නිසාවෙන් දිවයින පුරා උද්ගතව තිබෙන තත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන දසුන් ශානක, අකිල දනංජය, මලින්ද පුෂ්පකුමාර සහ වනිඳු හසරංග යන ක්‍රීඩකයින් ප්‍රදේශ කිහිපයක ජනතාව වෙනුවෙන් අත්‍යාවශ්‍ය බඩු භාණ්ඩ රැසක් ඊයේ (06) දිනයේ දී බෙදා දී තිබේ.

අවිශ්කගේ 22 වන උපන් දිනයට අමතක නොවන තෑග්ගක්

COVID-19 වෛරසය නිසාවෙන් දිවයින පුරා උද්ගතව තිබෙන තත්වය සහ සිය…..

ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ ජීවත් වන අඩු ආදායම් ලාභී පවුල් කිහිපයක් සඳහා වියළි සලාක බෙදා දීමට වනිඳු හසරංග තීරණය කර තිබෙන අතර ඒ සඳහා මලින්ද පුෂ්පකුමාර ද සිය දායකත්වය දක්වා ඇත. එම කාර්‍ය සඳහා ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ අවට ප්‍රජාවගේ සවිය ලැබී ඇත.

Art Of The Reality

ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග සංවිධානය කර මලින්ද පුෂ්පකුමාර දායකත්වයෙ… න් මාතර දිස්ත්‍රික්කයේ කොරෝනා වසංගතය හේතුවෙන් අසරණවී සිටින අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි ආහාර බෙදා දුන් අවස්ථාවේ ඡයාරූ කිහිපයක්. නාගරික මන්ත්‍රී විරාජ් වික්‍රමනායක සහ වනිඳු හසරංග ගේ මිතුරන් මෙම කටයුත්ත සඳහා සහයෝගීත්වය දැක්වීය. මෙවැනි අවස්ථාවක තරුණ ක්‍රීඩකයන් ඉදිරියට පැමිණීම ඇගයිය යුතුය.

ඊට අමතරව දකුණතින් දඟපන්දු යවන අකිල දනංජය සහ දසුන් ශානක ද තවත් ප්‍රදේශ කිහිපයක වාසය කරන මේ මොහොතේ දී සහයක් අවශ්‍ය පිරිස් වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රවය ඇතුළත් වියලි සලාක ලබා දීමට කටයුතු කර ඇත.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ම ගෙවී ගිය දින කිහිපය පුරාවට ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් විවිධ වූ සහන ලබා දීමේ වැඩසටහන් සඳහා සිය දායකත්වය දක්වා තිබුණි. 

ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ම සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ජනතාව දැනුවත් කරමින් “නිවසටම වී ආරක්ෂිතව ඉන්න” යන පණිවුඩය ජනතාව අතරට රැගෙන යාම සඳහා ද විශාල දායකත්වයක් දක්වන ලදි. 

කොරෝනා වයිරසය යනු දැවැන්ත ප්‍රතිවාදියෙකි. එහෙත් කලබල විය යුතු නැත. අප කළ යුත්තේ නිවසේ රැඳී සිටිමින් රජයේ, සෞඛ්‍ය නිලධාරීන්ගේ සහ ආරක්ෂක අංශවල උපදෙස්  පිළිපදිමින් තැන්පත්ව සිටීමය. ඉවසමු, නිවසට වී ආරක්ෂිතව සිටිමු! 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<