ජාතික සැණකෙළියේ දස්කම් දැක්වූ දෙදෙනෙකුට අවුරුදු තෑගි

141
Two best Athletes awarded Foreign Training

නිමා වූ 98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට විදේශීය උසස් දක්ෂතා පුහුණු මධ්‍යස්ථානයක පුහුණුව හැදෑරීමට අවස්ථාවක් ලබා දීමට ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

මීට දින කිහිපයකට පෙර ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කළ උසස් දක්ෂතා පුහුණු වැඩසටහන ඔස්සේ මෙම විදෙස් පුහුණුව ලබා දීමට කටයුතු කරන අතර නිමා වූ ජාතික ශූරතාවයේ දී දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ දෙදෙනෙකුට එම පුහුණුව සඳහා වරම් හිමි වනු ඇත.

තවත් මලල ක්රීඩා පුවත්:

මෙම විදෙස් පුහුණුව ලබාදීම පිළිබඳව සිය අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, 2021 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල, 2024 ඔලිම්පික් උළෙල ඉලක්ක කරගනිමින් මෙම පුහුණුව ලබා දීමට කටයුතු කරන බව සහ නුදුරේ දී ම එවැනි උසස් දක්ෂතා පුහුණු මධ්‍යස්ථානයක් මෙරට තුළ ස්ථාපිත කිරීමට මූලික සැලසුම් සකස් කර අවසන් බවත්, එමගින් ඉතා ඉක්මනින් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මෙරට තුළ දී ම එම පුහුණුව ලබා ගැනීමට අවස්ථාව හිමි වන බවත් ය.

මෙරට දේශීය මලල ක්‍රීඩා පිටියේ වසරකට පසු පැවති මුල්ම තරගාවලිය වූ 98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාව කොරෝනා වසංගත තත්වය යටතේ වූවද ඉතා සාර්ථකව පැවැත්වීමට හැකි වූ අතර තරගාවලියේ වඩාත් අවධානය දිනා ගත් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වීමට කාලිංග කුමාරගේ සහ නදීෂා රාමනායක සමත් විය.

>> තවත් මලල ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්රීඩා පිටුවට <<