කෞෂාල් සිල්වාට නායකත්වයක්

818

සංචාරක දකුණු අප්‍රිකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සමඟ සිව්දින හා එක්දින තරගාවලියකට එක්වන ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය, ටෙස්ට් ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා හට හිමිවී තිබේ. දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායම සමඟ පළමු සිව්දින තරග ජූලි 26 කටුනායක හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ක්‍රිකට් ක්‍රීඩාවත් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට

2019 වසරේ නේපාලයේ දී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට නව ක්‍රීඩා ද්විත්වයක් ඇතුලත් කිරීමට දකුණු ආසියානු ඔලිම්පික් කමිටුව තීරණය…..

32 හැවිරිදි කෞෂාල් සිල්වා 2017 වසරේ පකිස්තානය සමඟ එක්සත් අරාබි එමීර් හිදී පැවති තරගාවලියේ දී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ නමුත් ඉන්පසු ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වීමට අවස්ථාවක් හිමි වූයේ නැත. දකුණු අප්‍රිකාව හා පැවැත්වුණු දෙදින පුහුණු තරගයේ දී ලකුණු 76ක් රැස් කිරීමට ඔහු සමත් විය.   

හිටපු ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල නායක මෙන්ම රිච්මන්ඩ් විද්‍යාලයේ ද නායකත්වය දැරූ චරිත් අසලංක කණ්ඩායමේ උප නායකයා ලෙස නම් කර ඇති අතර යොවුන් තරු වන පැතුම් නිස්සංක, මැදපෙළ පිතිකරු සම්මු අශාන්, සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් මෙන්ම වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ද කණ්ඩායමට ඇතුලත් කර තිබේ.

අත්දැකීම බහුල ක්‍රීඩකයින් වන වමත් දඟපන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර හා වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු ගමගේ ද කණ්ඩායමට ඇතුලත් කර තිබේ.

පළමු තරගය සඳහා ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම – කෞෂාල් සිල්වා (නායක), මාධව වර්ණපුර, පැතුම් නිස්සංක, චරිත් අසලංක, සම්මු අශාන්, කමිඳු මෙන්ඩිස්, මනෝජ් සරත්චන්ද්‍ර, චාමික කරුණාරත්න, ලහිරු ගමගේ, දිනේෂ් ගුණරත්න, මලින්ද පුෂ්පකුමාර

අතිරේක – හසිත බෝයගොඩ, නිසල තාරක  

තරගාවලියේ කාලසටහන

  • පළමු සිව්දින තරගය – ජූලි 26/27/28/29 – හලාවත මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය, කටුනායක
  • දෙවන සිව්දින තරගය – අගෝස්තු 2/3/4/5 – මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණය, හම්බන්තොට
  • පළමු එක්දින තරගය – අගෝස්තු 9 – දඹුල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණය
  • දෙවන එක්දින තරගය – අගෝස්තු 11 – දඹුල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණය  
  • තෙවන එක්දින තරගය – අගෝස්තු 14 – SSC ක්‍රීඩාංගණය   

තරගාවලියේ සියලු තරග ThePapare.com ඩයලොග් TV හා MyTV ඔස්සේ සජීවීව ගෙන ඒමට අපි සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<