ශ්‍රී ලංකා සටනින් ප්‍රබල ටර්ක්මෙනිස්තානුවන් දෙදෙනෙකු ඉවතට

86

කටාර් හීදී පැවැත්වීමට නියමිත 2022 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සහ 2023 ආසියානු කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් පැවැත්වෙන කලාපීය සුදුස්සන් තෝරාගැනීමේ තරගාවලියේ දෙවන වටයේ තරග ඉදිරි දින කිහිපය තුල ආරම්භ වීමට නියමිතයි. එහි දී H කාණ්ඩයෙන් තරග වඳින ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු තරගය ටර්ක්මෙනිස්තානයට එරෙහිව පැවැත්වීමට මේ වන විටත් හොඳ සූදානමකින් පසු වේ.

ලෝක කුසලානයට සුදුසුකම් ගන්න ශ්‍රී ලංකාව තරමක් අපහසු කාණ්ඩයකට

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම FIFA ලෝක කුසලානයට …….

එම තරගය එළඹෙන 5 වැනිදා කොළඹ තුරඟ තරග පිටිය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට සියලුම කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින අතරවාරයේ ටර්ක්මෙනිස්තාන කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ සේවය එක්වරම ඔවුන්ට අහිමිව යාමේ අවදානමක් පැන නඟී ඇති බව එරට මාධ්‍ය වාර්තා පළකොට තිබුණි.

රුස්ලාන් මින්ගසෝව් සහ අහමත් අතියෙව් යන මෙම ක්‍රීඩකයින් දෙදෙනාගේ පාද ආශ්‍රිතව හටගෙන ඇති ආබාධ තත්වයන් හේතුවෙන් ඔවුන්ට තම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට තිබූ මහඟු අවස්ථාවක් අහිමි වී ගොස් තිබේ.

කසකස්තානයේ ඉර්තිෂ් ක්‍රීඩා සමාජය නියෝජනය කරන දක්ෂ මැදපෙළ ක්‍රීඩකයෙකු වන රුස්ලාන්ගේ කලව ප්‍රදේශයේ මාංශ පේශී කිහිපයක් ඉරීයාම නිසාවෙන් මාසයක වැනි කාලයක් පාපන්දු ක්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට ඔහුට සිදුවනු ඇත.

මැකාවූ පාඩමක් ඉගෙන ගනිද්දී ලංකාව ඉදිරියට

‘FIFA’ පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ …..

මලයාසියාවේ සබාහ් කණ්ඩායම නියෝජනය කරන සහෝදර ක්‍රීඩක අහමත් අතියෙව්ගේ දණහිසේ ඉදිරි පස ප්‍රදේශයේ ඇති බන්ධනිය සීරීමකට ලක්වීම හේතුකොට ගෙන මාස හයක් වැනි සැලකිය යුතු කාලසීමාවක් ගතවන තුරු පාපන්දු ක්‍රීඩාවේ නියැලීමෙන් වැළකී සිටින ලෙස වෛද්‍යවරුන් ඔහුට උපදෙස් ලබා දී තිබේ. ඔහු වෙනුවට දැනටමත් සංචිතයෙහි සිටින අමිර් ගුර්බානි ක්‍රීඩා කිරීමට වැඩි ඉඩකඩක් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

දින පහක පුහුණුවීමේ කඳවුරකට සහභාගී වීමෙන් අනතුරුව ටර්ක්මෙනිස්තාන කණ්ඩායම හෙට දිනයේ දී එනම් සැප්තැම්බර් මස 3 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<