Home Sinhala කන්ද උඩරට සටනේ විසඳුමක් නෑ

කන්ද උඩරට සටනේ විසඳුමක් නෑ

41 වැනි කන්ද උඩරට නිල් මහා සටන

163

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය අතර 41 වැනි වරටත් පැවති කන්ද උඩරට නිල් මහා සටන ජය පරාජයකින් තොරව අද (29) මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී නිමා වුනා.

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තරගයේ ප්‍රතිඵලය එසේ වෙද්දී ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ අනුස්මරණ කුසලාන තරග මාලවේ එවන් විසඳුමක් ලත් 4 වැනි තරගය ලෙසින් මෙය ඉතිහාසයට එක් වෙනවා.

  • ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම – රහල් අමරසිංහ (නායක) කුසල් විජේතුංග, තීරක රණතුංග, මනුල කුලරත්න, දිනුක තෙන්නකෝන්, විභාවිත් ඇහැලේපොල, ජයවි ලියනගම, සුපුන් වඩුගේ, දිනූෂ පීරිස් (කඩුලු රකින්නා) වතිල උදාර, තරණ විමලධර්ම.
  • සාන්ත අන්තෝනි විද්‍යාලයීය කණ්ඩායම – ලහිරු අබේසිංහ (නායක) මොහොමඩ් අකීල්, ජානුක රත්නායක, ඉඳුවර ගලපිටගේ, ජනිත් රත්නසිරි, තිසර ඒකනායක, කවිඳු ෂෙහාන් (කඩුලු රකින්නා) ට්‍රෙවීන් මැතිව්ස්, රයන් ඇන්තනී, චාරුක ඒකනායක.

කාසියේ වාසිය දිනා ගත් ත්‍රිත්ව විද්‍යාලය පළමු වෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී සාන්ත අන්තෝනි විද්‍යාලය සතු කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 228ක් ලබා ගැනීමට සමත් වූවා.

ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සත්කාරක ත්‍රිත්ව විද්‍යාලයට ක්‍රීඩා කළ හැකි වූයේ පන්දුවාර 5.5ක් පමණයි. වර්ෂාව හේතුවෙන් එම අවස්ථාවේ දී තරගය නතර කරන ලද අතර එතැන් සිට තරගය පැවැත්වීමේ හැකියාවක් නොවීමෙන් මෙම තීරණය ගනු ලැබුවා.

තරගය ආරම්භයේ දී පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත අන්තෝනි විද්‍යාලය අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 228ක් ලබා ගත්තා.

එම ඉනිමේ වඩාත් ආකර්ශනීය ම පිතිකරු බවට පත් වූයේ ජනිත් රත්නසිරි. ඔහු පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 66ක් ලබා ගත්තා.

ඊට අමතර ව තිසර ඒකනායක පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 104ක සබඳතාවක් එක් කිරීමට සමත් වුනා.

කඩුලු ලබා ගැනීමේ දී මනුල කුලරත්න, විභාවිත් ඇහැලේපොළ, තරණ විමලධර්ම සහ දිනුක තෙන්නකෝන් දක්ෂතා දැක්වූවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ ඉනිම වර්ෂාව හේතුවෙන් නතර වෙන විට කඩුල්ලක් දැවී ලකුණු 34ක් ලබා සිටියා. එතෙක් එම ඉනිම වෙනුවෙන් නායක රහල් අමරසිංහ පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 29ක් ලබා සිටියා.

  • සාන්ත අන්තෝනි විද්‍යාලය – කඩුලු 8ක් දැවී 228 (50) මොහොමඩ් අකීල් 22, ජනිත් රත්නසිරි 66, තිසර ඒකනායක 51, කවිඳු ෂෙහාන් 27, මනුල කුලරත්න 2/37, විභාවිත් ඇහැලේපොල 2/47, තරණ විමලධර්ම 2/42, දිනුක තෙන්නකෝන් 2/26
  • ත්‍රිත්ව විද්‍යාලය – කඩුල්ලක් දැවී 34 (5.5) රහල් අමරසිංහ නොදැවී 29

තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා.

දේශීය විද්‍යාලාන්තර ක්‍රිකට් තරග පිළිබඳ සියලු ම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Trinity College
34/1 (5.5)

St. Anthony’s College
228/8 (50)

Batsmen R B 4s 6s SR
Mohameed Aaqil c Manula Kularathne b Tharana Wimaladharma 22 35 2 0 62.86
Januka Rathnayake c Supun Waduge b Dinuka Tennakon 14 31 2 0 45.16
Induwara Galapitage b Dinuka Tennakon 1 8 0 0 12.50
Janith Rathnasiri st Dinusha Peiris b Tharana Wimaladharma 66 95 5 2 69.47
Thisara Ekanayake c Vibhawith Ehelepola b Manula Kularathne 51 69 8 0 73.91
Kavindu Shehan c Tharana Wimaladharma b Vibhawith Ehelepola 27 31 3 0 87.10
Lahiru Abeysinghe c Dinusha Peiris b Vibhawith Ehelepola 17 12 3 0 141.67
Traveen Mathew not out 6 10 0 0 60.00
Ryan Anthonyzs c Tharana Wimaladharma b Manula Kularathne 4 4 1 0 100.00
Charuka Ekanayake not out 6 5 1 0 120.00


Extras 14 (b 1 , lb 5 , nb 0, w 8, pen 0)
Total 228/8 (50 Overs, RR: 4.56)
Bowling O M R W Econ
Manula Kularathne 8 0 37 2 4.62
Vibhawith Ehelepola 10 1 47 2 4.70
Jayavi Liyanagama 5 0 18 0 3.60
Tharana Wimaladharma 10 1 42 2 4.20
Dinuka Thennakoon 6 1 26 2 4.33
Theeraka Ranathunga 4 0 21 0 5.25
Supun Waduge 6 1 24 0 4.00
Wathila Udara 1 0 7 0 7.00


Batsmen R B 4s 6s SR
Kusal Wijethunga st Kavindu Shehan b Thisara Ekanayake 4 15 0 0 26.67
Rahal Amarasinghe not out 29 20 1 3 145.00
Theeraka Ranathunga not out 0 0 0 0 0.00


Extras 1 (b 0 , lb 0 , nb 0, w 1, pen 0)
Total 34/1 (5.5 Overs, RR: 5.83)
Bowling O M R W Econ
Traveen Mathew 3 0 23 0 7.67
Thisara Ekanayake 2.5 0 11 1 4.40