ශ්‍රී ලංකාවේ සංචාරයට පාකිස්තානය කැමැත්ත පලකරයි

161
Pakistan U19 tour of Sri Lanka

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්තානු වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය සඳහා පාකිස්තානු යොවුන් ක්‍රිකට් කණ්ඩායම සහභාගී කරවීමට පාකිස්තානු ක්‍රිකට් බලධාරීන් ඊයේ (14) තීරණය කර ඇත.

හොඳම ක්‍රිකට් ක්‍රීඩකයින් අතරේ සිටින විශිෂ්ටයින්ට සම්මාන

2018 CEAT ක්‍රිකට් සම්මාන උළෙල (CEAT Cricket Rating Awards) ඊයේ (13)…

රට තුල ඇති වී තිබෙන තත්ත්වය සලකා පාකිස්තාන යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය දා තීරණය කළේය. නමුත් දෙරටේ ක්‍රිකට් ආයතන අතර පුරා දින කිහිපයක් තිස්සේ පැවැත්වුණු සුහද හමු කිහිපයකට පසුව මෙම යොවුන් තරගාවලිය මැයි මස 23 වැනිදා සිට ජුනි මස 6 වැනිදා දක්වා පැවැත්වීමට තීන්දු වී තිබේ.

තරගාවලිය මීට පෙර මැයි මස 3 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ අතර එම තරගාවලිය සඳහා යොවුන් සිව්දින තරග දෙකක් හා යොවුන් එක්දින තරග 5ක් අන්තර්ගතව තිබුණි. නමුත් මේ තරගාවලියේ දිනවකවානු වෙනස් වීමත් සමඟම තරග කාලසටහනේ තිබුණු සිව්දින තරග දෙක ඉවත් කර ඒ වෙනුවට යොවුන් එක්දින ක්‍රිකට් තරග දෙකක් අන්තර්ගත කොට ඇත.

දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ පැවැත්වෙන මෙම තරගාවලිය තුල දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වය දරන්නේ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයීය ක්‍රීඩකයෙකු වන නිපුන් ධනංජයයි. තරගාවලිය සඳහා සහභාගී වන පාකිස්තානු යොවුන් කණ්ඩායම රොහායිල් නසීර්ගේ නායකත්වය යටතේ මේ මස 23 වැනිදා දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින අතර ඔවුන් තරගාවලිය අවසන් වූ වහාම එනම්  ජුනි 6 වැනිදා දිවයිනෙන් පිටවත් යාමට නියමිතයි.

චමින්ද වාස්ට නව තනතුරක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මඟින් තරග තහනමකට ලක්වූ ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට්…

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත අනෙකුත් ජාත්‍යන්තර ක්‍රිකට් තරග සංචාර සම්බන්ධයෙන් අනෙකුත් රටවල්වල බලධාරීන් මේ වන විට නැවත සලකා බැලීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන මීළඟ ජාත්‍යන්තර තරගාවලිය ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟිනි.

නවසීලන්ත ක්‍රිකට් බලධාරීන් එම සංචාරය පිළිබඳව නැවත සලකා බැලීමට තීරණය කර ඇති බව පසුගිය දා නිවේදනය කළේය. එසේම බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ද දිවයිනේ පවතින තත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්තක් නොමැති බව පසුගිය දා පවසා සිටියේය.

නව තරග කාලසටහන  

  • පළමු එක්දින තරගය: මැයි 26
  • දෙවන එක්දින තරගය: මැයි 28
  • තෙවැනි එක්දින තරගය: ජුනි 1
  • සිව්වැනි එක්දින තරගය: ජුනි 3
  • පස්වැනි එක්දින තරගය: ජුනි 5

තරග සියල්ල හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ සියලුම තරග වාර්තා, ඡායාරූප හා එසැණ තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<